Luis Suarezගෙන් උරුගුවේ ජනතාවට පරිත්‍යාග රැසක්

88

කොරෝනා හෙවත් COVID-19 වයිරසය මේ වන විට වඩාත් දරුණු ලෙස ලොව පුරා පැතිරෙමින් පවතී. මෙම තත්ත්වය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමෙන් අනතුරුව ලොව පුරා ක්‍රීඩා ඉසව් රැසක් අතරමග නවතා දැමීමට සිදු විය. 

එලෙස ලොව පුරා ක්‍රීඩා විරාමයක් පවතින අතරතුර ප්‍රසිද්ධ ක්‍රීඩකයන් රැසක් තමන්ට හැකි අයුරින් මෙම අවාසනාවන්ත තත්ත්වය හමුවේ අසරණ වී සිටින පුද්ගලයන්ට උපකාර කිරීමට යොමුව සිටි අතර එය ජාත්‍යන්තර මාධ්‍ය කීපයක් වාර්තා කර තිබිණි. 

පරිපාලනය සමඟ ගැටුම් මැද Barcelona ක්‍රීඩකයෝ වැටුප් කප්පාදුවට එකඟ වෙති

ස්පාඤ්ඤයේ ප්‍රබල FC Barcelona ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් සහ එහි පරිපාලනය අතර දිනෙන් …

මේ අනුව උරුගුවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන බාර්සිලෝනා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක Luis Suarez එලෙස ආධාර අවශ්‍ය පුද්ගලයන් හට උපකාර කිරීමට එක්ව තිබේ. ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සපයා දෙමිනි. 

COVID -19 අර්බුදය අතරතුර උරුගුවේහි පවුල් 500ක් පෝෂණය කිරීමට හිටපු ලිවර්පූල් ක්‍රීඩක Luis Suarez ද තීරණය කර තිබේ. 

උරුගුවේහි මෙම වයිරසය පැතිර යාමෙන් අනතුරුව සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කළේය. ඒ අනුව ළමයින් කුසගින්නෙන් පෙළීම වැළැක්වීම සඳහා මෙම බාර්සිලෝනා ක්‍රීඩකයා තම මව්බිමේ බලධාරීන් අමතා ඔහුගේ සහය ලබා දී ඇත.

උරුගුවේහි දුප්පත්ම පවුල්වල ළමුන් දහස් ගණනක් නොමිලේ පාසල් ආහාර වේල් මත යැපේ. උරුගුවේහි උතුරු මොන්ටෙවීඩියෝ හි කැසවාල් දිස්ත්‍රික්කයේ වෙසෙන ජනතාවට බෙදා හැරීම සඳහා සිල්ලර භාණ්ඩ ලබා දීම සඳහා Suarez මුදල් ආධාරයක් ලබා දී ඇත.

Luis Suarezගේ පරිත්‍යාගයෙන් ලබා දෙන ආධාරක පැකේජවලට මූලික ආහාර නිෂ්පාදන සහ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ඇතුළත් වේ.

මේ පිළිබඳව Suarez අදහස් දක්වා සිටියා. 

“මේ වෙලාවේ ආධාර වඩාත්ම අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් මට කළ හැකි අවම දේ එයයි.”

Suarez මේ වන විට ජනවාරි මාසයේ සිදු කළ දණහිසේ සැත්කමකින් සුවය ලබමින් සිටී. නමුත් ඔහු නැවත දකුණු ඇමරිකාවට යාම ඔහුගේ සෞඛ්‍යයට අවදානමක් වනු ඇති බවට වෛද්‍යවරුන් පවසා ඇත. 

තවමත් පාපන්දු ක්‍රීඩා කරන රටක් අප්‍රිකාවේත්

අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වන බුරුන්දි (Burundi) තවමත් සුපුරුදු පරිදි පාපන්දු තරග පවත්වමින්…

Suarez තවදුරටත් මෙසේ පැවසීය: 

“මගේ රටට ආපසු යාම කිසි විටෙකත් මගේ මනසින් ඉවත් වුනේ නෑ. ඒත් උරුගුවේ වැසියන් රැකබලා ගැනීමට ඇති හොඳම ක්‍රමය මා නිවසේ රැඳී සිටීමයි. මගේ උපකාර අවශ්‍ය නම් මම දුර සිට උදව් කරන්නම්. අවශ්‍ය නම් ආඩම්බරයෙන් මම එය කරනවා. ” 

“මම මගේ දරුවන් ගැන සිතනවා. ඒ වගේම මිනිසුන්ට මේ රෝගය වැලඳෙන එකෙන් වළක්වා ගැනීමට සඳහා මම නිවසේ රැඳී සිටීම වැදගත්. මම හැමෝගෙම පූර්වාරක්ෂාව ගැන සිතනවා. රජය සහ විශේෂඥයන් මට දෙන නිර්දේශය වන්නේ නිවසේ රැඳී සිටීමයි. සෑම කෙනෙකුම කළ යුත්තේ එය කියලා මම හිතනවා.” 

ගෝලීය වසංගතයෙන් විශාල වශයෙන් පීඩා විඳි ස්පාඤ්ඤයට ආධාර ලබා දීම සඳහා Suarezගේ බාර්සිලෝනා කණ්ඩායමේ Lionel Messi ද පසුගිය දා එක්ව සිටියේය. 

මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ ප්‍රධානී පෙප් ගාර්ඩියෝලා ද කැටලූන්යා හි සිටින අයට උපකාර කිරීම සඳහා නොමසුරු පරිත්‍යාගයක් සිදු කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණි. 

Mirror.co.uk ඇසුරිනි  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<