ආනන්ද – ත්‍රිත්ව සටන උණුසුම් වන ලකුණු

190

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (1) පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක විය.

ප්‍රවීන් – රවිශ්ක ගුරුකුලයට සහ ලුම්බිණියට වාසි ගෙන දෙති

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ (Division I)…

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලය

මහනුවර අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම D කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ක්‍රියාත්මක වූ ආනන්ද විද්‍යාල පිතිකරුවන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 230ක් රැස්කර ගත්තේය.

ආනන්ද විද්‍යාල පිතිකරණ අංශය සවිබලගැන්වූ දකුණතින් පිත්ත හසුරුවන කමේෂ් නිර්මාල් ලබාගත් වටිනා අර්ධ ශතකය නිසාවෙන් ආනන්ද විද්‍යාලයට එවැනි මට්ටමක ලකුණු ප්‍රමාණයක් වෙත යාමට අවස්ථාව උදා විය. කමේෂ් හා කවිඳු ගිම්හාන් එක්ව ගොඩනැංවූ මැදපෙළ සබඳතාවය ආනන්ද අනෙකුත් පිතිකරුවන් හට ද ඉතාමත් හොඳ ආදර්ශයක් විය.

>>Photos : Trinity College vs St. Anthonys College, Wattala | Singer U19 Cricket Tournament 2018/19<<

පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන කවිෂ්ක සේනාධීර කඩුලු 5ක් දවා ගත්තේය. තරගයේ පළමු දිනයේ නිමාව සනිටුහන්  වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 112ක් ලබාගෙන තිබුණි. නායක පුබුදු බණ්ඩාර  ලකුණු 49යි.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 230 (62.2): කමේෂ් නිර්මාල් 78, කවිඳු ගිම්හාන 38, ජනිඳු ජයවර්ධන 32, දමින්ද රේෂාන් 26, කවිෂ්ක සේනාධීර 5/89.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 112/7 (32): පුබුදු බණ්ඩාර 49, සවිරු බණ්ඩාර 3/09.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ …

මොරටු මහා විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක මොරටු මහා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඊයේ දිනයේ දී එකඳු පිතිකරුවෙක් ට හෝ අර්ධ ශතකයක් ලබාගැනීමට නොහැකි වීම මේ තරගයේ කැපී පෙනුණු සිදුවීම බවට පත්විය.

එහි දී මොරටු මහා විද්‍යාල පළමු ඉනිමේ දී සාර්ථක වූ එකම පිතිකරුවා වූ කඩුලු රකින ආරම්භක පිතිකරුවෙක් වන නිශාන් මදුෂ්ක 4 පහර 4ක් සමඟ ලකුණු 41ක් ලබා ගත්තේය. ඉනිමේ හොඳම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ නිදුක අභිෂේක් තමා විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාර ප්‍රමාණය තුල ලකුණු 38කට  කඩුලු 4ක් දවා ගත්තේය. ආධිත්‍ය යාපා කඩුලු 3යි.

පිළිතුරු ඉනිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 72ක් ලබාගෙන යම් අසීරු මට්ටමක සිටියේ මොරටු මහා විද්‍යාල පළමු ඉනිමට සාපේක්ෂව ලකුණු 101ක් පසුපසින් සිටිමිනි.

මොරටු මහා විද්‍යාල පළමු ඉනිම – 173 (59.1): නිශාන් මදුෂ්ක 41, විශ්ව දිදුලන 29, රෂාන් කවිෂ්ක 25*, නිදුක අභිෂේක් 4/38, ආධිත්‍ය යාපා 3/47.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 72/5 (36):

>>මෙම ලිපියේ පළමු කොටසට පිවිසෙන්න<< 

වෙස්ලි විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් ලෙස ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වූ වෙස්ලි විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 309ක් වැනි ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමට රිච්මන්ඩ් විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ.

එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මැදපෙළ පිතිකරුවෙක් වන කාවින්දන පෙරේරා ලකුණු 115ක් ලබාගත් අතර ඔහුට සහාය වූ මොවින් සුබසිංහ ලකුණු 59ක් රැස්කරගත්තේය. ශෙනාල් දංගල්ල ලකුණු 35යි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වමතින් පා දඟපන්දු යවන දිලුම් සුධීර කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

පිළිතුරු ඉනිම දියත් කළ රිච්මන්ඩ් විද්‍යාලය තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කිසිවෙක් නොදැවී ලකුණු 29ක් ලබාගෙන සිටියේ වෙස්ලි  විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 280ක් පසුපසින් සිටිමිනි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 309 (82.3): කාවින්දන පෙරේරා 115, මොවින් සුබසිංහ 59, ශෙනාල් දංගල්ල 35, තිසුරක අක්මීමන 29, දිලුම් සුධීර 5/106, අම්ෂි ද සිල්වා 2/57.

රිච්මන්ඩ් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 29/0 (10):

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කොටහේන සාන්ත බෙනඩික්ට් විදුහල් ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී පැවති මෙම සුහද කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවූ  සාන්ත සෙබස්තියන් විද්‍යාලය සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 169කට සීමා කළේය.

කවීෂ ජයතිලක හා මහිෂ තීක්ෂණ පිළිවෙළින් ලකුණු 52ක් හා ලකුණු 48*ක් වාර්තා කරගන්නා ලදි. පන්දු යැවීමේ දී තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ  හැකි ජනිෂ්ක පෙරේරා කඩුලු 3ක් දවා ගත් අතර තරගයේ පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත සෙබස්තියන් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 120ක් ලබා සිටියේ සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 49ක් පසුපසින් සිටිමිනි.

දුනිත් ජයතුංග ලකුණු 56ක් ලබාගෙන සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළේය. නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින නිෂිත අභිලාෂ් ලකුණු 59යි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 169 (65.5): කවීෂ ජයතිලක 52, මහිෂ තීක්ෂණ 48*, ජනිෂ්ක පෙරේරා 3/26.

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 120/1 (31): නිෂිත අභිලාෂ් 59*, දුනිත් ජයතුංග 56

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග අද (2) දෙවන දිනය වෙනුවෙනුත් ක්‍රියාත්මක වන අතර, කොළඹ රාජකීය විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය අද උදෑසන 9.30 සිට සජීවීව ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<