20-20 ලෝක කුසලානය ගැන ඕස්ට්‍රේලියාවෙන් මැසිවිලි

2813
T20 World Cup

මේ වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම ඉතාමත් අවිනිශ්චිත මට්ටමකට පැමිණ ඇති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සභාපති වන එරල් එඩින්ග්ස් මහතා පවසා සිටියි.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයක් තරග තහනමකට අතවනයි?

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) මධ්‍යම ගිවිසුම්ගත

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ නමුත් නොසිතූ ලෙස පැමිණි කොරෝනා වයිරස තත්වය නිසාවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම ඉතාමත් අපහසු මට්ටමකට පැමිණ තිබෙන අතර ICCය තවමත් තරගාවලිය පිළිබඳව අවසන් නිල නිවේදනයක් නිකුත් කර නොමැත. 

කෙසේ නමුත් සත්කාරකත්වය දරනු ලබන ඕස්ට්‍රේලියාව පවසා සිටින්නේ මෙවැනි වාතාවරණයක් තුල මෙවැනි ආකාරයක ලෝක මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම ඉතාමත් අපහසු කටයුත්තක් බවයි.

විස්සයි විස්ස ලෝක කුසලානය සහ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පරිපාලනය තුලත් විවිධ ආකාරයේ ගැටලු මතුව තිබේ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස මෙතෙක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළ කෙවින් රොබට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ නිසාවෙන් විස්සයි විස්ස ලෝක කුසලාන සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක නිළධරියා ලෙස කටයුතු කරන නික් හොක්ලි තාවකාලිකව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජීවිතක්ෂයට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලකුණු සටහන් කිරීමේ නිලධාරිණියක වූ

“මම හිතන්නේ මෙවර ලෝක කුසලානය පැවැත්වීම ඉතාමත් අපහසුයි. බොහෝ රටවල් තවමත් COVID වයිරස තත්වය පාලනය කර ගැනීමට සමත් වෙලා නැහැ. රටවල් 16කින් (කණ්ඩායම්) ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම මේ වගේ තත්වයක දී ඉතාමත් භයානකයි වගේම ඉතා දුෂ්කරයි” යැයි වීඩියෝ සම්මන්ත්‍රණයක දී එඩින්ග්ස් පැවසීය.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් ICC වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් ලබන මාසයේ දී නිල වශයෙන් අවසන් තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු පැවසීය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඉන්දු – ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් පවතින බවත්, එරට රජය සමඟ තවමත් නිසි එකඟතාවයකට පැමිණීමට නොහැකිව ඇති බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සභාපතිවරයා එහි දී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<