ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක් ජීවිතක්ෂයට

2639

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලකුණු සටහන් කිරීමේ නිලධාරිණියක වූ පූජානි ලියනගේ අද (15) දහවල් කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ සිදු වූ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

IPL ලංකාවේ තියන්න ඉන්දීය ප්‍රබලයෙක්ගේ කැමැත්ත

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) පවත්වන්නේ නම් ඒ සඳහා හොඳම ස්ථානය ශ්‍රී ලංකාව බව ඉන්දීය හිටපු සුපිරි…

ජීවිතක්ෂයට පත්වන විට ඇය 33 වැනි වියේ පසු වූ අතර කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කර තිබූ ඇය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගෙන තිබුණි. ක්‍රිකට් පිටියට සමුදෙමින් ලකුණු සටහන් කිරීමේ නිලධාරිණියක ලෙස ඇය සිය ඉදිරි ගමන් මග සකස් කර ගන්නා ලදි.

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර විද්‍යාලය හරහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සවි බල ගැන්වීම වෙනුවෙන් පිටියට පිවිසෙන ඇය දකුණත් පිතිකාරිනියක් සහ දකුණත් පා දඟපන්දු යවන්නියකි. නමුත් ඇයට ශ්‍රී ලංකා ජාතික සංචිතයක් සඳහා තේරීමට අවස්ථාව ලැබී නොමැත.

ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් පිටිය තුල සහ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලි තුල දී ප්‍රවීණ ක්‍රීඩිකාවක් වූ ඇය අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වූ අතර ඇය සතු දැනුම තරුණ ක්‍රීඩිකාවන් හට හැකි සෑම අවස්ථාවක දී ම බෙදා දී ඇත.

ඇයගේ මේ හදිසි වියෝව සැලවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම සහ විවිධ ක්‍රීඩා සමාජ සිය සමාජ මාධ්‍ය ජාල හරහා ඔවුන්ගේ සාතිශය සංවේගය පළ කර තිබුණේ මෙසේයි.

හදිසියේම අප අතරින් නික්ම ගිය පූජානි ලියනගේ සොයුරියට හට නිවන් සුව ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කර සිටිමු. ඇයගේ පවුලේ ඥාතීන්ට අපගේ සාතිශය සංවේගය ද දක්වා සිටිමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<