125 වසරක් ඉපැරණි ක්‍රිකට් තරගයේ වැඩි වාසිය කන්ද උඩරටට

257

රාජකීය – ත්‍රිත්ව 125 වන වාර්ෂික සුහද මහා ක්‍රිකට් ගැටුමේ වැඩි වාසිය ත්‍රිත්ව විද්‍යාලය හිමි කර ගත් අද (24) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක් පැවැත්විය. ඊට අමතරව ගාල්ල මහින්ද විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර පැවැත්වෙන සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා වන තරගයත් අද පළමු දිනයට ක්‍රියාත්මක විය.

රිච්මන්ඩ් හා ඩී. එස්. නොසිතූ ලෙස සුපිරි 16 වටයෙන් ඉවතට

පාසල් ක්‍රිකට් පිටිය ක්‍රීඩා උන්මාදයෙන් නැහැවී යන මේ සමය තුළ වයස අවුරුදු 19න් පළමු පෙළ පාසල් …

කැලණිය ගුරුකුල විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

සුපිරි 8 දෙනාගේ වටයට  සුදුසුකම් ලබා ගැනීමේ තවත් එක් තරගයක් වූ මේ තරගය මහින්ද විද්‍යාල පිටියේ දී අද ආරම්භ විය.

කාසියේ වාසිය දිනාගත් ගුරුකුල විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 229ක් ලබා ගත්තේ පැතුම් මහේෂ් හා ලසිඳු ආරෝශගේ අර්ධ ශතක සවියක් කරගෙනයි. දක්ෂ ලෙස පන්දු යැවූ පසන් පෙතනගොඩ කඩුලු 5යි. පළමු දිනයට තරගය නවතාලන විට මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටියේය.

ගුරුකුල විද්‍යාලය – 229 (78.4): පැතුම් මහේෂ් 58, ලසිඳු අරෝශ  56, කෙමිර නයනතරු  32, නුවන් චානක  26, පසන් පෙතනගොඩ 5/98.

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 60/1 (20): හංසික වැලිහිඳ  35*.

55 වැනි සහෝදර සංග්‍රාමය ජය පරාජයෙන් තොරව නිමා වේ

55 වැනි වරටත් පැවති තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙවරත්…


රාජකීය විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

තරගය අද අස්ගිරිය පිටියේ දී නිමා වූයේ ජය පරාජයෙන් තොරවයි. නමුත් එහි පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් ට්‍රෙවෝන් පර්සිවෙල් ලකුණු 25ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුවත් කණ්ඩායමේ බහුතරයක් පිතිකරුවන් ලකුණු අතරට පිවිසි නිසා ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 173කට සීමා විය. මනුල පෙරේරා කඩුලු 5ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් ගයාන් දිසානායක හා කවිඳු මදරසිංහ අර්ධ ශතක ලබා ගන්නා ලදි. අවසානයේ ලකුණු 213ක් ලබාගත් රාජකීය දෙවන ඉනිම අත්හිටුවන ලදි. කඩුලු 4ක් දැවී ලකුණු 32ක් ලෙස ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම දැක්වෙන විට තරගයේ අවසානය සනිටුහන් විය.

රාජකීය විද්‍යාලය 149 (55): කවිඳු මදරසිංහ 60, භාග්‍ය දිසානායක 30, පසිඳු සූරියබණ්ඩාර 21, විමුක්ති නෙතුමල් 7/52.

ත්‍රිත්ව විද්‍යාලය – 173 (54.4): ට්‍රෙවෝන් පර්සිවෙල් 25, හසිත බෝයගොඩ 24, හසින්ත ජයසූරිය 21, මනුල පෙරේරා 5/49.

රාජකීය විද්‍යාල දෙවන ඉනිම – 213/6d (65.4): ගයාන් දිසානායක 69, කවිඳු මදරසිංහ 67,භාග්‍ය දිසානායක 40, විමුක්ති නෙතුමල් 3/88.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 32/4 (13):

මිතුරන්ගේ මංගල සීමිත පන්දුවාර තරගයේ ජය ක්‍රිස්තු රාජයන්ට

ජාඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය සහ බෝපිටිය ලොයෙලා විද්‍යාලය අතර අද (24) පී. සරා ඕවල් පිටියේ දී නිමා…


මාතර රාහුල විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය

මාතර උයන්වත්ත පිටියේ දී නිමාව දුටු මේ තරගයේ කාසියේ වාසිය දිනූ රාහුල විද්‍යාලය පළමු පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

රාහුල විද්‍යාලය වෙනුවෙන් සචිත් මනුරංග ලකුණු 41කට දැවී යන විට රවීන් ද සිල්වා කඩුලු 4ක් දවා ගන්නා ලදි. පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නාලන්ද විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 109ක් ලබාගෙන සිටියි. දිල්හාර පොල්ගම්පල ලකුණු 36*යි.

රාහුල විද්‍යාලය – 131 (61.2): සචිත් මනුරංග 44, යුරාජ් චාලක 37, රවීන් ද සිල්වා 4/39, උමේෂ්ක ඩිල්ශාන් 2/17.

නාලන්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 109/2 (36): දිල්හාර පොල්ගම්පල 36*, අවිශ්ක පෙරේරා 30, ලක්ෂිත රසාංජන 29*.

පළමු දිනයට පැවැත්වූ තරග සියල්ලම හෙට (25) දෙවන දිනටත් පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<