නේපාලය අරාබි තරගාවලිය සම කරයි

176

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර ඩුබායි හි දී පැවති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට නේපාල කණ්ඩායම ඊයේ (01) සමත් විය. ඒ අනුව දෙරට අතර තරග 3කින් සමන්විත මෙම තරගාවලිය 1-1ක් සේ සම කර ගැනීමට නේපාලය සමත් විය.

පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ….

කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරමින් පිටියට පිවිසි අතර ඔවුන් එහි දී සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණි. පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් නේපාල ක්‍රීඩකයෝ කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. ඒ තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ය.  

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරු වූයේ සී. පී. රිස්වාන් ය. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය.

ඔහුට අමතරව ශයිමන්අන්වර් (14), මොහොමඩ් බූතා (11) දෙදෙනා පමණක් ඉලක්කම් දෙකේ ලකුණු ලබා ගත් අතර අනෙක් සියලුම පිතිකරුවෝ කිසිවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට නොහැකි විය. ඉනිමේ වාර්තා වූ හොඳම කඩුලු ලකුණු සබඳතා දෙකම වාර්තා කිරීමේ ගෞරවය ද රිස්වාන් සතු විය. ඒ තෙවැනි කඩුල්ලට ශයිමන් අන්වර් එක්වෙමින් ලබා ගත් ලකුණු 24ත්, 5 වැනි කඩුල්ලට මොහොමඩ් බූතා එක්ව ලබා ගත් ලකුණු 24ත් ය.

කඩුලු ලබා ගැනීමේ දී අවිනාශ් බොහාරා ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව සෝම්පාල් කමී, කරන් කේසී සහ ලමිචාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලෝක කුසලානයේ උණුසුම වැඩි කරන පෙරහුරු තරග පෙළගැස්ම

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පෙළහර දැක්ම ලෙස පිළිගැනෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ ….

පිළිතුරු ඉනිමේ දී පළමු කඩුලු ද්විත්වය ලකුණු 9ක්ව තිබිය දී දැවී ගිය ද ඔවුන් ක්‍රම ක්‍රමයෙන් ඉනිම ගොඩ නැගීමට සූක්ෂම වූහ.

තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26ක සබඳතාවක් කේ. සී. කරන් (20) සහ ගයේන්ද්‍ර මල්ලා (7) එක් වූව ද නැවත සිව්වැනි කඩුල්ල ඒ හා කිට්ටුවම දැවී යෑම නේපාල ඉනිමේ ජයග්‍රහණය පමා කළේය.

එම අවස්ථාවේ වැඩි වගකීමක් බාර ගත් දීපේන්ද්‍ර සිං පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගනිමින් ඉනිම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු පවන් සරාෆ් හා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් ගොඩ නගමින් අරාබි ක්‍රීඩකයන්ගේ පරාජය ස්ථිර කළහ. පවන් සරාෆ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18කි. ඔහු ඒ සඳහා පන්දු 25ක් වැය කළ අතර හතරේ පහර දෙකක් එම ඉනිමට ඇතුළත් කළේය.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය වෙනුවෙන් සුල්තානා අහමඩ් ලකුණු 09කට කඩුලු 2ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ දීපේන්ද්‍ර සිං ය.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය; සියලුම දෙනා දැවී 107 (19.2) සී. පී. රිස්වාන් 44, සෝම්පාල් කමී 2/15, කරන් කේසී 2/22, ලමිචාන් 2/19, අවිනාෂ් බොහාරා 3/20

නේපාලය; කඩුලු 6ක් දැවී 111 (19.3) කේ. සී. කරන් 20, දීපේන්ද්‍ර සිං නොදැවී 47, සුල්තාන් අහමඩ් 2/09

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක තෙවැනි සහ අවසාන විස්සයි විස්සයි තරගය මේ මස 3 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<