පන්දු රකින්නන්ගේ ආශීර්වාදයෙන් කැන්ගරුවන් කරණම් ගසති!

1105
Australia vs Sri Lanka, 2nd Test

ප්‍රතිවාදීන්ගේ කඩුලු 3ක් ලකුණු 28ක් තුල දවා ගනිමින් හොඳින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා පිළේ බලාපොරොත්තු අළු දූවිලි කර දැමීමට අද (01) පන්දු රකින්නන් අතින් නැවත නැවතත් සිදු වූ අතපසුවීම් රැසක් හේතු විය.

1-1න් හෝ ගොඩයන්නට ශ්‍රී ලංකාව වෙර දරණ ලකුණු

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට්..

සාමාන්‍යයෙන් වෙනත් වෘත්තීය ටෙස්ට් කණ්ඩායමකින් නොලැබෙන ආකාරයේ සහනයක් ලද ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද උදෑසන තමන් අතින් සිදු වූ අඩුපාඩු නිවැරදි කරමින් දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා කළේ කඩුලු 4කට ලකුණු 384ක් ලබා ගනිමිනි.

ශ්‍රී ලංකාව අද තරගයට පිවිසියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ප්‍රධාන වේගපන්දු යවන්නන් තුන් දෙනාම නොමැතිවයි. ඒ අතුරින් ලහිරු කුමාරට සහ දුෂ්මන්ත චමීරට දින කිහිපයකට පෙර සිටම මෙම තරගය අහිමි වන බව දැන ගන්නට ලැබුණු අතර අද උදෑසන පැවති යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසාවෙන් ශ්‍රී ලංකාව සතු ප්‍රධානම වේගපන්දු තුරුම්පුව වන සුරංග ලක්මාල්ට ද කැන්බරා පිටියට පිවිසීමේ අවස්ථාව අහිමි විය. ඒ වෙනුවට විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ චාමික කරුණාරත්න අද තරගයට එක් කොට තිබුණි.

ඒ අතුරින් දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පළමු ජාත්‍යන්තර තරගය මෙය වන අතර ඔහු තවමත් 22 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකි. ගෙවුණු මාසයේ අයර්ලන්තයට එරෙහිව පැවති තරගාවලිය අතරතුරේ දී තුන් ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා ඔහුට ජාතික කණ්ඩායමේ දොරටු හැර දීමට හේතු වූ ආසන්නතම සිදුවීම බවට පත්විය. අද කණ්ඩායම සමඟ එක්වුණු අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වන කසුන් රාජිත තවමත් ක්‍රීඩා කොට ඇත්තේ ටෙස්ට් තරග 3කට පමණක් වන අතර විශ්ව ප්‍රනාන්දු ටෙස්ට් තරග 2කට පමණක් තම දායකත්වය ලබා දී ඇත. ඒ නිසාවෙන්ම ශ්‍රී ලංකාව මෙම තරගයට මුහුණ දෙන්නේ කෝඩුකාර වේගපන්දු බල ඇණියක් සහිතවයි.

කෙසේ වෙතත් අද තරගය ආරම්භ වී වැඩි වේලාවක් ගත වන්නට පෙර කලින් තරගයේ දී ලකුණු අතරට පැමිණි මාර්කස් හැරිස් සහ උස්මාන් කවාජා දවා ගනිමින් විචාරකයන් මවිතයට පත් කිරීමට 27 හැවිරිදි විශ්ව ප්‍රනාන්දු සමත් විය. ඒ කාසියේ වාසිය දිනා පිතිකරණයට යොමුවුනු ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන්ගේ තීරණය අභියෝගයට ලක් කරමිනි. ඒ වන විට ඕස්ට්‍රේලියානු ඉනිමට එක්වී තිබුණේ ලකුණු 15ක් පමණි. ඩ්‍රයිව් පහරවල්වලට කවදත් ප්‍රියතාවයක් දක්වන හැරිස් අද පිට ඉන්නට ඈතින් ලැබුණු පන්දුවට ද සුපුරුදු පහර එල්ල කිරීමට යාමේ දී දැවී ගියේ කවර්-පොයින්ට් හි සිටි කරුණාරත්න අතට උඩ පන්දුවක් ලබා දෙමිනි.

දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?

හෙටින් (01) ඇරඹෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන්..

ගැබා ටෙස්ට් තරගයේ දී ද සාර්ථක වන්නට නොහැකි වුනු උස්මාන් කවාජා අදත් අසාර්ථක පිතිකරුවන් ගොන්න අතරට එක්වූයේ විශ්ව ක්‍රියාත්මක කළ ඊළඟ පන්දුවාරයේ දීයි. ඒ වන විටත් කවාජා කිසිදු ලකුණක් රැස් කරගෙන සිටියේ නැත. පිට ඉන්නට ඈතින් පතිත වී පිටතට දෝලනය වූ පන්දුවට පිත්ත යොමු කිරීමට යාම නිසා කවාජාට මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදු විය. ස්ලිප් කලාපයේ සිට උඩ පන්දුව රැක ගත්තේ කුසල් මෙන්ඩිස් විසිනි. ඉන් අනතුරුව තම මංගල පන්දුවාරය යැවූ චාමික කරුණාරත්න එය අමරණීය සිහිවටනයක් බවට පත්කර ගත්තේ මාර්නස් ල’බුශේන්ව පිටියෙන් ඉවත් කරමිනි.

ඒ වන විටත් පිටියේ ස්ථාවර වී නොසිටි ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරුවා පිට ඉන්න කෙළින් යොමු වූ පන්දුව යන්තමින් පිත්තේ දවටා ගැනීමත් සමඟින්ම ක්‍රියාත්මක වූ නිරෝෂන් දික්වැල්ල කඩුල්ල පිටුපස වගකීම ඉටු කළේය. ඒ වන විට ලකුණු 28කට කඩුලු 3ක් බිඳ වැටී සිටි ඕස්ට්‍රේලියානු පිළ ඉන් ගලවා ගත්තේ ආරම්භක පිතිකරු ජෝ බර්න්ස් සහ ට්‍රැවිස් හෙඩ් විසිනි. ඔවුන් දෙදෙනා අද සන්ධ්‍යා කාලය තෙක්ම පිටියේ රැඳී සිටිමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 308ක දැවැන්ත සබඳතාවයක් ගොඩ නැගූහ. තම සිව්වැනි ටෙස්ට් ශතකය ලෙසින් ජෝ බර්න්ස් අද දිනය නිමා වන විට නොදැවී ලකුණු 172ක් ලබා සිටියේ හතරේ පහර 26ක් සමඟයි.

මේ දක්වා ටෙස්ට් තරග 8කට මුහුණ දී සිටියත් එකදු ශතකයක් හෝ වාර්තා කර ගැනීමට අපොහොසත් වී සිටි ට්‍රැවිස් හෙඩ්ගේ එම සිහිනය සැබෑ කර ගැනීමටත් අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් ඉඩ හසර ලැබුණි. ශ්‍රී ලංකාවට දිගට හරහට පහර දුන් ට්‍රැවිස් හෙඩ් අද දැවී යන විට ලකුණු 161ක් ලබා තිබුණි. පන්දු 204ක් පමණක් වැයවුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් සහ පන්දු යවන්නාගේ හිසට ඉහළින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරක් ද ඇතුළත් විය. පසුගිය ටෙස්ට් තරග රැසක් පුරාවටම තම ක්‍රීඩකයෙකු ශතකයක් රැස් කරන තුරු ඇඟිලි ගනිමින් බලා සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින්ට ජෝ බර්න්ස් සහ ට්‍රැවිස් හෙඩ් අද දැක්වූ දක්ෂතා නෙතට රසඳුනක් වන්නට ඇත.

මොවුන් දෙදෙනාගේ සාර්ථකත්වයට ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගෙන් ද ලැබුණේ සුළුපටු ආශීර්වාදයක් නොවේ. ඒ ලකුණු 34ක් ලබා සිටිය දී ජෝ බර්න්ස් ස්ලිප් කලාපයට ලබා දුන් උඩපන්දුව ධනංජය ද සිල්වා බිම අත්හැරීමත්, තේ පානයට මදකට පෙර ලකුණු 87ක් ලබා සිටි ට්‍රැවිස් හෙඩ් ලබා දුන් පහසු උඩපන්දුව රැක ගැනීම දිල්රුවන් පෙරේරා පැහැර හැරීමත් නිසාවෙනි. තේ පානයෙන් අනතුරුව මොවුන් දෙදෙනා අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ අතර ලකුණු 155 දී ට්‍රැවිස් හෙඩ් නැවත වරක් තමා දවා ගැනීමට අවස්ථාවක් ලබා දුන් අතර එය පන්දු යැවූ ධනංජය සිල්වා විසින්ම බිම අත හැරියේ අද දිනයේ තම දෙවැනි අතපසුවීම ලෙසයි.

කෙසේ වෙතත් අවසානයේ පන්දු රකින්නන්ගේ සහයෝගයක් නොමැතිවම ට්‍රැවිස් හෙඩ්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගෙන දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් විය. ඒ පිට පිටම යැවූ කෙටි පන්දු 2කින් අනතුරුව උපක්‍රමශීලීව කඩුල්ල ආසන්නයේ පතිත වන පන්දුවක් (Fuller Length Delivery) යැවීම මගිනි. හෙඩ්ගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කර්ටිස් පැටර්සන් තමන් මුහුණ දුන් පළමු පන්දුවම හරියාකාරව කියවාගත නොහැකිව ෆෝවර්ඩ් ශෝට්-ලෙග් වෙත පහසු උඩපන්දුවක් ලබා දුන් අතර එය එම ස්ථානයේ පන්දු රැකි ලහිරු තිරිමාන්න විසින් බිම අත හරින ලදි. ඒ උපකාරය නිසාවෙන් දිනය නිමා වන විටත් නොදැවී කඩුල්ලේ රැඳී සිටින පැටර්සන් ලකුණු 25ක් ලබාගෙන ඇත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

මීට අමතරව දුවද්දී දැවී යාම් කිහිපයක් ද ශ්‍රී ලංකා පන්දු රකින්නන් මග හැර ගත් අතර මෙවන් අඩුපාඩු රැසක් සමඟින් ජාත්‍යන්තර තරගයක් ජය ගත හැකි නම් එය ද ආශ්චර්යක් වනු ඇත. ඉඳහිට උඩපන්දුවක් අත්හැරීම “අතපසුවීමක්” ලෙස සැලකිය හැකි වුවත් කඩුලු දවා ගැනීමට ලැබෙන මෙවන් වටිනා අවස්ථා රැසක් මග හැරීම කණ්ඩායමේ ඇති “විශාල වරදක්” ලෙස ද අර්ථ දැක්විය හැකිය. ඕස්ට්‍රේලියානු පිළ මේ වන විටත් තමන්ට අවශ්‍ය ලකුණු පුවරුව ගොඩ නගා අවසන්ව ඇති නිසා ඔවුන් හෙට දිනයේ තවත් ආක්‍රමණශීලී වෙමින් ජයග්‍රහණය තවදුරටත් ශ්‍රී ලංකා පිළෙන් ඈත් කිරීමට බොහෝ දුරට කටයුතු කරනු ඇත.

ඕස්ට්‍රේලියානු (ප්‍රථම ඉනිම) – කඩුලු 4ක් දැවී ලකුණු 384 (පන්දුවාර 87)

ජෝ බර්න්ස් 172*, ට්‍රැවිස් හෙඩ් 161, කර්ටිස් පැටර්සන් 25*, මාර්කස් හැරිස් 11, මාර්නස් ල’බුශේන් 6, විශ්ව ප්‍රනාන්දු 3/99, චාමික කරුණාරත්න 1/87.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

Australia

534/5 & 196/3

(47 overs)

Result

Sri Lanka

215/10 & 149/10

(51 overs)

AUS won by 366 runs

Australia’s 1st Innings

Batting R B
Marcus Harris c C Karunarathne b V Fernando 11 18
Joe Burns b K Rajitha 180 260
Usman Khawaja c K Mendis b V Fernando 0 3
Marnus Labuschagne c N Dickwella b C Karunarathne 6 11
Travis Head lbw by V Fernando 161 204
Kurtis Patterson not out 114 192
Tim Paine not out 45 114
Extras
17 (lb 3, nb 10, w 4)
Total
534/5 (132 overs)
Fall of Wickets:
1-11 (MS Harris, 3.6 ov), 2-15 (UT Khawaja, 5.3 ov), 3-28 (M Labuschagne, 8.4 ov), 4-336 (TM Head, 72.6 ov), 5-404 (J Burns, 92.5 ov)
Bowling O M R W E
Kasun Rajitha 28 5 103 1 3.68
Vishwa Fernando 30 3 126 3 4.20
Chamika Karunarathne 22 0 130 1 5.91
Dilruwan Perera 32 4 112 0 3.50
Dhananjaya de Silva 20 2 60 0 3.00

Sri Lanka’s 1st Innings

Batting R B
Dimuth Karunarathne c K Patterson b M Starc 59 95
Lahiru Thirimanne c U Khawaja b N Lyon 41 105
Dinesh Chandimal c T Paine b M Starc 15 28
Kusal Mendis b P Cummins 6 4
Kusal Janith not out 29 57
Dhananjaya de Silva b M Starc 25 63
Niroshan Dickwella lbw by M Labuschagne 25 22
Chamika Karunarathne c M Starc b N Lyon 0 5
Dilruwan Perera c T Paine b M Starc 10 25
Kasun Rajitha not out 0 5
Vishwa Fernando b M Starc 0 2
Extras
5 (b 1, lb 4)
Total
215/10 (68.3 overs)
Fall of Wickets:
1-90 (HDRL Thirimanne, 31.6 ov), 2-101 (BKG Mendis, 34.1 ov), 3-120 (LD Chandimal, 40.3 ov), 3-157* (MDKJ Perera, retired not out ), 4-180 (DM de Silva, 58.2 ov), 5-181 (FDM Karunaratne, 58.5 ov), 6-182 (C Karunaratne, 59.5 ov), 7-215 (N Dickwella, 67.1 ov), 8-215 (MDK Perera, 68.1 ov), 9-215 (MVT Fernando, 68.3 ov)
Bowling O M R W E
Mitchell Starc 13.3 2 54 5 4.06
Jhye Richardson 15 4 49 0 3.27
Pat Cummins 14 3 32 1 2.29
Nathan Lyon 24 6 70 2 2.92
Marnus Labuschagne 2 1 5 1 2.50

Australia’s 2nd Innings

Batting R B
Marcus Harris c K Mendis b K Rajitha 14 13
Joe Burns c K Mendis b V Fernando 9 21
Usman Khawaja not out 101 136
Marnus Labuschagne c N Dickwella b K Rajitha 4 23
Travis Head not out 59 93
Extras
9 (nb 6, w 3)
Total
196/3 (47 overs)
Fall of Wickets:
1-16 (MS Harris, 3.4 ov), 2-25 (JA Burns, 6.5 ov), 3-37 (M Labuschagne, 14.4 ov)
Bowling O M R W E
Vishwa Fernando 10.4 1 43 1 4.13
Kasun Rajitha 13 2 64 2 4.92
Dilruwan Perera 15 3 52 0 3.47
Chamika Karunarathne 4 1 18 0 4.50
Dhananjaya de Silva 4 0 19 0 4.75

Sri Lanka’s 2nd Innings

Batting R B
Dimuth Karunarathne b M Starc 8 21
Lahiru Thirimanne c & b P Cummins 30 81
Dinesh Chandimal c M Labuschagne b M Starc 4 9
Niroshan Dickwella b M Starc 27 42
Kusal Mendis c K Patterson b M Labuschagne 42 69
Kusal Janith c T Paine b M Starc 0 1
Dhananjaya de Silva c T Head b J Richardson 6 13
Chamika Karunarathne c T Paine b P Cummins 22 38
Dilruwan Perera c T Paine b P Cummins 4 9
Kasun Rajitha not out 0 0
Vishwa Fernando not out 0 0
Extras
4 (b 1, lb 1, w 2)
Total
149/10 (51 overs)
Fall of Wickets:
1-18 (D Karunarathne, 8.1 ov), 2-28 (D Chandimal, 12.6 ov), 3-58 (L Thirimanne, 22.4 ov), 4-83 (N Dickwella, 28.2 ov), 5-83 (K Janith, 28.3 ov), 6-97 (D De Silva, 31.6 ov), 7-143 (K Mendis, 44.6 ov), 8-143 (C Karunarathne, 45.4 ov), 9-148 (D Perera, 49.1 ov), 10-149 (V Fernando, 50.6 ov)
Bowling O M R W E
Mitchell Starc 18 2 46 5 2.56
Jhye Richardson 9 1 29 1 3.22
Nathan Lyon 13 1 51 0 3.92
Pat Cummins 8 2 15 3 1.88
Marnus Labuschagne 3 1 6 1 2.00