ආසියානු රග්බි ශූරතාවලියේ පළමු කාණ්ඩයේ තරඟ අද ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය හා සත්කාරක මැලේසියාව පළමු කාණ්ඩයේ සිටින අනෙක් කණ්ඩායම් වේ. එහි පළමු තරඟය ලෙස ශ්‍රී ලංකා  කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම අතර තරඟය අද (08) මැලේසියාවේ ක්වාලාලම්පුර් හි රෝයල් සැලෙන්ජර් පිටියේදී පැවැත්විණි.

රග්බි කණ්ඩායමේ නායක ධුරය මුතුට

තරඟයේ ආරම්භය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව උදා කරගත් අතර එම තරඟය ඉතා උණුසුම් තරඟයක් වන බව විචාරකයන්ගේ මතය විය.

ඒ උණුසුම වැඩි කරමින් එම තරඟයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 17 ට 15 ක් ලෙස සිංගප්පූරු කණ්ඩායම ඉදිරියෙන් සිටිමිනි.

කෙසේ වෙතත් දෙවන අර්ධයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කල අතර එය සාර්ථක කරගනිමින් තරඟය නිමා වූයේ සිංගප්පූරුව නොසිතූ ලෙස ලකුණු 17ට 33 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දෙමිනි. මෙහිදී දෙවන අර්ධයේ දී සිංගප්පූරු කණ්ඩායමට කිසිදු ලකුණක් ලබාගැනීමට නොහැකි වීමද විශේෂ සිදුවීමකි.

පාසල් රග්බි පිටිය උණුසුම් කළ තරග හයක් – 5වැනි සතිය

ධනුෂ්ක රංජන, සුදර්ශන මුතුතන්ත්‍රි, සඳුන් හේරත් හා ජේසන් දිසානායක එක් උත්සාහක දිනුම බැගින් සාර්ථක කර ගත් අතර රීසා මුබාරක් ප්‍රවර්ථන අවස්ථා 2 ක් හා දඩුවම් පහර 3 ක් සාර්ථක කර ගනිමින් ලකුණු 33 ලබාගන්නා ලදි.

(උත්සාහක දිනුම් 4, ප්‍රවර්ථන 2, දඩුවම් පහර 3)

සිංගප්පූරුව ලකුණු 17 රැස් කරගැනීමට බින් ජයිලානි, විලියම් මැන්ෆීල් එක් උත්සාහක දිනුම බැගින් ලබා ගත් අතර රිචඩ් පැටර්සන් ප්‍රවර්ථන 2 ක් හා එක් දඩුවම් පහරක් සාර්ථක කරගන්නා ලදි.

(උත්සාහක දිනුම් 2,ප්‍රවර්ථන 2, දඩුවම් පහර 1)

මේ අතර අද (08) පැවති අනෙක් තරඟයේ දී සත්කාරක මැලේසියාව ලකුණු 10 ට 15 ක් ලෙස පිලිපීන කණ්ඩායම හමුවේ පරාජය විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරඟය ලබන 11 වැනිදා සත්කාරක මැලේසියානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතය.