ටිරෝන් හා යාපාගේ ජයග්‍රහණයෙන් පමණක් ශ්‍රී ලංකාවට සැනසීමක්

179

20 වැනි ආසියානු Samila විවෘත වෙරළ වොලිබෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව  වාර්තා කළ එකම ජයග්‍රහණය වාර්තා කර ගැනීමට මිලන්ත යාපා හා ඉන්දික ටිරෝන් සමත් විය. තරගාවලිය පැවැත්වුණේ තායිලන්තයේ Songkla හිදීයි. තරගාවලිය සංවිධානය කරන ලද්දේ ආසියානු වොලිබෝල් සම්මේලනයයි.  

Samila විවෘත වෙරළ වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක්

ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම අප්‍රේල් 14 වැනිදා සිට 17 වැනිදා දක්වා තායිලන්තයේ සොන්ග්ක්ලා හිදී Asian Beach Tour Samila Open 2019…

ශ්‍රී ලංකාව පිරිමි අංශයෙන් හා කාන්තා අංශයෙන් කණ්ඩායම් දෙක බැගින් ඉදිරිපත් කළත් එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කර ගැනීමට සමත් වූයේ මිලන්ත හා ටිරෝන් පමණක් වීම විශේෂත්වයක්. කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස දිනේෂා ප්‍රසාදිනී කටයුතු කළ අතර පිරිමි කණ්ඩායම මෙහෙය වූයේ මිලන්ත යාපා විසිනි.

කාන්තා කණ්ඩායමට කසුනි තාරුකා, දීපිකා බණ්ඩාර හා චතුරිකා වීරසිංහ ඇතුලත් වූ අතර පිරිමි කණ්ඩායමට ඉන්දික ටිරෝන්, අංජන සංදීප හා අශේන් රශ්මික ඇතුළත් විය. කාන්තා කණ්ඩායමේ හා පිරිමි කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පිළිවෙළින් ප්‍රියන්ත රාජපක්ෂ හා ජූඩ් මහේෂ් පෙරේරා කටයුතු කරනු ඇත.

පිරිමි කාණ්ඩය

පිරිමි කණ්ඩායම් දෙකක සුදුසුකම් ලබා ගැනීමේ වටයට ක්‍රීඩා කළ අතර ටිරෝන් හා යාපා ලකුණු 21-09ක් සහ 21-15ක් මාලදිවයිනේ අලි හා අහමඩ් පරාජය කරන්නට සමත් විය. අශේන් හා අංජන තායිලන්තයේ Kangkon හා Adisornට ලකුණු 21-17ක් සහ 23-21ක් ලෙස පරාජය විය.

ටිරෝන් හා යාපා ප්‍රධාන තරගාවලියේ G කාණ්ඩයෙන් තරග කළ අතර ඔවුන්ට තරග වැදීමට සිදු වූයේ ඉරානයේ Raoufi හා Mirzaali සමඟයි. පළමු වටය ඉරාන ක්‍රීඩකයින් ජය ගත් නමුත් දෙවන වටය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජය ගැනීමට සමත් විය. කෙසේ වෙතත් ලකුණු 15-10ක් ලෙස අතිශය වැදගත් තෙවැනි වටය ජය ගත්තේ ඉරාන ක්‍රීඩකයින් යුගලයි. තරගයේ ලකුණු සටහන දැක්වුනේ 21-14ක්, 18-21ක් හා 15-10ක් ලෙසයි.

ටිරෝන් හා යාපා මීළඟ තරගයේ දී ජපානයේ Gottsu හා Ageba හමුවූ අතර ඔවුන් තරගය වට දෙකකින් පරාජය වූයේ ලකුණු 21-14ක් හා 21-18ක් ලෙසයි.

කාන්තා කාණ්ඩය

කාන්තා තරගාවලිය ආරම්භ වූයේ කෙළින්ම ප්‍රධාන තරගාවලියෙන්  වූ අතර කණ්ඩායම් දෙකම සිය තරග දෙකම පරාජය විය. දීපිකා හා කසුනි චීන තායිපේ ක්‍රීඩිකාවන් වන Kou හා  Liu හමුවේ (21-12ක් හා 21-14ක් ලෙස) පරාජය වූ අතර දෙවන තරගයේ දී ඕස්ට්‍රේලියාවේ Weller හා Kendall හමුවේ 21-06ක් හා 21-12ක් ලෙස පරාජය විය.    

දිනේෂා හා චතුරිකා ඕස්ට්‍රේලියාවේ Bell හා Ngauamo හමුවේ 21-10ක් හා 21-14ක් ලෙස ද චීන තායිපේ ක්‍රීඩිකාවන් වන Yu හා Pan හමුවේ 21-18ක් හා 21-14ක් ලෙස ද පරාජය විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<