ලෝක කුසලානයේ උණුසුම වැඩි කරන පෙරහුරු තරග පෙළගැස්ම

673

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා පෙළහර දැක්ම ලෙස පිළිගැනෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ එංගලන්තය සහ වේල්ස් යන රාජ්‍ය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ආරම්භ වීමට මත්තෙන් තරගාවලිය සඳහා සහභාගී වන සියලුම  කණ්ඩායම් සඳහා එරට තනතීරු සහ පාරිසරික තත්වයන් වලට අනුගත වීමට අවස්ථාව සලසමින් පැවැත්වෙන පුහුණු තරග කිහිපයේ කාලසටහන ඊයේ (31) මාධ්‍යය වෙත නිකුත් කර තිබේ.

දෙවන ටෙස්ට් තරගය ලක්මාල්ට අවිනිශ්චිතයි?

හෙටින් (01) ඇරඹෙන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලියේ දෙවන….

මෙවර ලෝක ක්‍රිකට් කිරුළ සඳහා ප්‍රබල කණ්ඩායම් 10ක් එකිනෙකා පරයමින් සටන් වැදීමට නියමිත අතර ඒ සඳහා ලැබෙන රුකුලක් වශයෙන් සෑම කණ්ඩායමකට පෙරහුරු තරග දෙකක් ලබා දීමට තරගාවලි සංවිධායක මණ්ඩලය තීරණයකට එළඹ තිබීම කැපී පෙනේ. ඒ අනුව යමින් බ්‍රිස්ටල් කවුන්ටි, කාඩිෆ් වේල්ස්, හැම්ප්ෂයර් බෝල්, ද ඕවල් යන ක්‍රීඩාංගණවල සියලුම තරග පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මැයි මස 24 සිට 28 දක්වා පුරා දින 5ක් මෙම පුහුණු තරග සියල්ල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතරවාරයේ පෙරහුරු තරග ස්වරූපයක් ගන්නා නමුත් මෙම තරග කිහිපයේ දී දැනට ශ්‍රේණිගත කිරීම් හී ඉහළින්ම රැඳෙන අති දක්ෂ කණ්ඩායම් කිහිපයක් එකිනෙකා හමුවීමට සූදානම්ව සිටින බැවින් උණුසුමෙහි නම් අඩුවක් නොවන බව බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවයි.

මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කළ ප්‍රධාන පෙළ ක්‍රිකට් තරගාවලීන් ආරම්භයට පෙර දියත් කළ පෙරහුරු තරග ආකෘතිය ඒ අයුරින්ම මෙවර ද යොදා ගැනීමට නියමිත අතර ඒ අනුව සෑම කණ්ඩායමකටම පන්දුවාර 50ක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවන අතර සංචිතයේ සිටින ක්‍රීඩකයින් 15 දෙනෙකුට පන්දු රැකීමේ කාර්යයෙහි නිරත වීමේ අවස්ථාව උදා වනු ඇත.

විදෙස් රටකින් දිමුත්ට ඇරයුමක්!

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමත් ආරම්භක පිතිකරුවෙක් වන …..

2019 ක්‍රිකට් ලෝක කුසලානයට පෙරාතුව පැවැත්වෙන පුහුණු තරගයන්හී කාලසටහන:

දිනය තරගය ක්‍රිඩා පිටිය
මැයි 24 සිකුරාදා පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය බ්‍රිස්ටල් කවුන්ටි ක්‍රීඩාංගණය
මැයි 24 සිකුරාදා ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව කාඩිෆ් වේල්ස් ක්‍රීඩාංගණය
මැයි 25 සෙනසුරාදා එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව හැම්ප්ෂයර් බෝල්
මැයි 25 සෙනසුරාදා ඉන්දියාව සහ නවසීලන්තය ද ඕවල්
මැයි 26 ඉරිදා දකුණු ශ්‍රී සහ බටහිර ඉන්දීය කොදෙව් බ්‍රිස්ටල් කවුන්ටි ක්‍රීඩාංගණය
මැයි 26 ඉරිදා පාකිස්තානය සහ බංග්ලාදේශය කාඩිෆ් වේල්ස් ක්‍රීඩාංගණය
මැයි 27 සදුදා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව හැම්ප්ෂයර් බෝල්
මැයි 27 සදුදා එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය ද ඕවල්
මැයි 28 අඟහරුවාදා බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය බ්‍රිස්ටල් කවුන්ටි ක්‍රීඩාංගණය
මැයි 28 අඟහරුවාදා බංග්ලාදේශය සහ ඉන්දියාව කාඩිෆ් වේල්ස් ක්‍රීඩාංගණය

තරගාවලි සංවිධායක කමිටු අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ස්ටීව් එල්වර්ති මහතා මෙම තරගාවලියේ ආරම්භක අදියරේ පැවැත්වීමට නියමිත මෙම තරග කිහිපය පිළිබඳ මෙසේ සිය අදහස් පළකොට තිබුණි.

“ලෝක කුසලානයට එන්නම එන්නම දින ළං වන අතරේ ඇති වෙලා තියෙන උද්යෝගය තවත් දෙගුණ තෙගුණ කරන්න මෙම උණුසුම පෙරහුරු තරග උදව් වන බව නොඅනුමානයි.”

“දේශීය තරග නරඹන්නන් ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන බොහෝ දෙනාට තමන් ආදරය කරන සුපිරි ක්‍රිකට් තරු තරග වදින ආකාරය සියැසින්ම දැක බලා ගන්න ලැබෙන එක ලොකු අවස්ථාවක් විදියටයි මම දකින්නේ.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<