තියුණු ජයකින් බැසිල් වීරතුංග කුසලානය සාන්ත පීතර විද්‍යාලයට

211
Peters v Josephs Annual Rugby Encounter

දෙවැනි අර්ධයේ දී දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන් බැසිල් වීරතුංග කුසලානය තමන් සතුකර ගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම අද (16) සමත් වුනා. ඒ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී සාන්ත ජෝසප් කණ්ඩායම ලකුණු 25-24ක් ලෙස පරාජය කරමින්.

මෙවර තරගවාරය පුරාම පසුගාමීන් ලෙස සිටි පීතර කණ්ඩායම පහසුවෙන් පරාජය කිරීමට ජෝසප්වරුන් සූදානම්ව සිටිය ද සාන්ත පීතර කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ මෙවර තරගවාරයේ සිය හොඳම දක්ෂතා පෙන්නුම් කරමින් වීම විශේෂත්වයක්.

ප්‍රථම අර්ධයේ ආධිපත්‍යය ජෝසප්වරුන් සතුකර ගෙන සිටි අතර සාන්ත පීතරයින්ට පන්දුව රැක ගැනීම ද අපහසු තත්ත්වයක තිබීම විශේෂත්වයක්. සාර්ථක මීටර් 5ක line-out ක්‍රියාවලියක් සාර්ථක කරගනිමින් ආරම්භක උත්සාහක දිනුමත් සමඟ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සාන්ත ජෝසප් half-back ක්‍රීඩක විහඟ රන්දීප සමත් වූ අතර සහ රුචිත රොද්‍රිගු අමතර ලකුණු එකතු කළා.

මොහොතකට පසු දෙවැනි උත්සාහක දිනුමත් සාර්ථක කරගැනීමට ජෝසප්වරුන් සමත් වූ අතර No.8 ක්‍රීඩක නවීන් මුණසිංහ බාධක මැදගෙන සීමා ඉර අසලටම පන්දුව රැගෙන ගිය අතර විශික ප්‍රනාන්දු උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමට සමත් වුනා. රොද්‍රිගුගේ සාර්ථක ප්‍රවර්තනයත් සමඟ ලකුණු පුවරුව දිස්වුනේ 14-0ක් ලෙසයි.

සාන්ත පීතර කණ්ඩායම සිය ප්‍රථම ලකුණ වාර්තා කළේ fly-half ක්‍රීඩක එමිත් ජයවීර සාර්ථක කර ගත් දඬුවම් පහරක් සමඟින්. කෙසේ වුවත් පළමු අර්ධයේ අවසන් ලකුණ වාර්තා කිරීමට නැවතත් ජෝසප්වරුන් සමත් වුනේ සචින්තන විද්‍යනාථ වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟයි.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 21 – 03 සාන්ත පීතර විද්‍යාලය

චනූප කුරේට හිමි වූ කහ කාඩ්පත නිසා ඔහුට දෙවැනි අර්ධය ආරම්භයේ දී ම මිනිත්තු 10ක් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවීම නිසා සාන්ත පීතරවරුන් නැවතත් පසුගාමී වූවා. නමුත් එහි වාසිය නිසි පරිදි ලබා ගැනීමට ජෝසප්වරුන්ට නොහැකි වූයේ සචින්ත ලංකාට පිටියෙන් ඉවත් වීමට සිදුවීම නිසා ඔවුන්ගේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සංඛ්‍යාව 14කට අඩු වීම හේතුවෙන්.

මොහොතකට පසු සාන්ත පීතර කණ්ඩායම තවත් පසුපසට ඇදවැටුණේ second-row ක්‍රීඩක වෙනුක් රත්නායකට රතු කාඩ්පතක් හිමි වීමත් සමඟයි. කෙසේ වුවත් සාන්ත ජෝසප් ක්‍රීඩක රන්දික ධනංජයට කහ කාඩ්පතක් ලැබීමත් සමඟ දෙපිලේම ක්‍රීඩක සංඛ්‍යාව යළිත් සමාන වුනා.

කුරේ නැවත පිටියට පිවිසීමත් සමඟ සාන්ත පීතර කණ්ඩායමට එක ක්‍රීඩකයෙකුගේ වාසියක් හිමි වූ අතර එයින් ප්‍රයෝජන ගනිමින් පසිඳු තක්ෂිල විසින් සාන්ත පීතර කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළා. වින්ද්‍ය ද මෙල් අමතර ලකුණු වාර්තා කිරීමත් සමඟ ලකුණු පුවරුව දිස්වුනේ 21-10ක් ලෙසින්.

ඉන්පසුව සාන්ත පීතර කණ්ඩායමේ නායක සුදේශ් ජයවික්‍රම දර්ශනීය උත්සාහක දිනුමක් වාර්තා කරගත්තේ fly-half ක්‍රීඩක වින්ද්‍ය ද මෙල් විසින් ජෝසප්වරුන්ගේ ක්‍රීඩක සැකැස්මේ දුර්වලතා හඳුනා ගැනීමත් සමඟයි. ඉන්පසුව ලකුණු පුවරුව 21-17ක් ලෙස දිස්වුනා.

පසුව සිය කණ්ඩායමට තෙවන උත්සාහක දිනුමත් සාර්ථක කරදීමට සාන්ත පීතර නායක ජයවික්‍රම හා යුමෙත් සිහාර සමත් වූයේ ඔවුන්ගේ ලකුණු පුවරුව 22 දක්වා ඉහළ දමමින්.

දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් සාන්ත ජෝසප් කණ්ඩායම නැවතත් ඉදිරියට පැමිණිය ද වින්ද්‍ය ද මෙල් අවසන් ලකුණ වාර්තා කිරීමත් සමඟ සාන්ත පීතර විද්‍යාලයට තරගයේ ජය හිමි වුනා.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 24 (3T,3C,1P) – 25 (3T,2C,1P,1DG) සාන්ත පීතර විද්‍යාලය

  • NTB තරගයේ වීරයා: වින්ද්‍ය ද මෙල් (සාන්ත පීතර විද්‍යාලය)

ලකුණු ලාභීන්:

සාන්ත පීතර විද්‍යාලය – සුදේශ් ජයවික්‍රම (1T), යුමෙත් සිහාර (1T), පසිඳු තක්ෂිල (1T), වින්ද්‍ය ද මෙල් (2C,1DG), එමිත් ජයවීර (1P)

සාන්ත ජෝසප් විද්‍යාලය – සචින්තන විද්‍යනාථ (1T), රුචිත රොද්‍රිගු (3C,1P), විහඟ රන්දීප (1T), විශික ප්‍රනාන්දු (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<