යුධ හමුදා මෙහෙයුම සාර්ථකයි

177

මේ වසරේ පවත්වනු ලැබූ අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලිය අද දින (07) කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය. තරගාවලියේ කාන්තා අංශයේ වැඩි ජයග්‍රහණ සහිතව පෙරමුණ ගැනීමට MAS තුරුලිය බොක්සිං සමාජය සමත් විය. පිරිමි අංශයේ පෙරමුණ ගැනීමට යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

තරගාවලියේ දැකගත හැකි වූ විශේෂිත කරුණක් වන්නේ පිරිමි අංශයේ පැවති අවසන් මහා තරග සියල්ලටම යුධ හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් සුදුසුකම් ලැබීම හා පැවැත්වූ අවසන් මහා තරග 10න් 8කම ජය ඔවුන් විසින් අත්කර ගැනීමයි.

පොලීසිය හා යුධ හමුදාව අතර ද්වන්ද සටනක්

මේ දිනවල පැවැත්වෙන අන්තර්-මධ්‍යම බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය වන ඊයේ (06) දිනය සාර්ථකව නිමා විය. ඊයේ දින කාන්තා සහ පිරිමි අංශ දෙකෙහිම තරග පැවැත්වූ…

කාන්තා, කි.ග්‍රෑ. 48 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඒ. ඒ. රණසිංහ (MAS තුරුලිය ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එන්. නිසංසලා (පොලිස් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 51 ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඩී. ඩී. දිනූෂා (MAS තුරුලිය ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ජී. එන්. ප්‍රියදර්ශා (MAS ලීනියා ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 54 බැන්ටම් වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඒ. ඩී. අබේසේකර (විද්‍යාලන් ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය -එස්. පී. රත්නායක (පොලිස් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 57 ෆෙදර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඩී. ආර්. මෙන්ඩිස් (MAS තුරුලිය ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය -ටී. එස්. ඉමන්දි (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඒ. එන්. සදරුවනි (පොලිස් ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්. එන්. සදමාලී (පොලිස් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – ඒ. කේ. තිවංකා (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ඩී. ප්‍රියදර්ශනි (පොලිස් ක්‍රීඩා සමාජය)

කාන්තා, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරිය – එස්. එච්. පෙරේරා (MAS ලීනියා ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – එස්. එම්. බණ්ඩාර (කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය)

කාන්තා, කි.ග්‍රෑ. 75 ලයිට් මිඩ්ල් වෙයිට් බරපන්තිය

  • ශූරිය – එස්. එම්. බණ්ඩාර (පොලිස් ක්‍රීඩා සමාජය)
  • අනුශූරිය – ආර්. පී. ජයකොඩි (පොලිස් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 49 ලයිට් ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරයා – එච්. එන්. ජිනදාස (පේරාදෙණිය බොක්සිං සමාජය)
  • අනුශූරයා – එස්. එන්. කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 52 ෆ්ලයි වෙයිට් බරපන්තිය

  • ශූරයා – එස්. කේ. අබේගුණවර්ධන (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එම්. එම්. උදයකුමාර  (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 56 බැන්ටම් වෙයිට් බරපන්තිය

  • ශූරයා – එල්. එස්. කුමාර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එන්. කේ. රාජපක්ෂ (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 60 ලයිට් වෙයිට් බරපන්තිය

  • ශූරයා – කේ. කේ. රත්නායක (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – පී. ඒ. මදුශංක (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 64 ලයිට් වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරයා – එම්. එම්. ජයවීර (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – වයි. කිරිදරන් (පේරාදෙණිය බොක්සිං සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 69 වෙල්ටර් වෙයිට් බරපන්තිය

  • ශූරයා – එම්. එන්. සමරනායක (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ඒ. ජී. මදුරංක (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 75 මිඩ්ල් වෙයිට් බරපන්තිය

  • ශූරයා – කිව්. පී. රත්නසිරි (පොලිස් ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – ආර්. එස්. රූපසිංහ (යුධ හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ.81 ලයිට් හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – වී. නිකලස් (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – පී. එම්. සිල්වා (ගුවන් හමුදා ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 91 හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – කේ. එස්. මදුරසිංහ (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – එස්. කෙසවන් (විද්‍යාලන් ක්‍රීඩා සමාජය)

පිරිමි, කි.ග්‍රෑ. 91+ සුපර් හෙවි වෙයිට් බරපන්තිය

  • ශූරයා – ආර්. එම්. අභයසිංහ (යුධ හමුදා ක්‍රීඩා සමාජය)
  • අනුශූරයා – සී. ස්නෝබලන්සන් (පොලිස් ක්‍රීඩා සමාජය)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – එච්. එන්. ජිනදාස (පේරාදෙණිය බොක්සිං සමාජය)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – කේ. ඒ. ඩී. අබේසේකර (විද්‍යාලන් ක්‍රීඩා සමාජය)

තරගාවලියෙන් පසු දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ලබා ගත් එච්. එන්. ජිනදාස ThePapare.com වෙත තම සතුට මෙසේ ප්‍රකාශ කළේය.

“ඇත්තටම මට ගොඩක් සතුටුයි මට මේ සම්මානය ලැබීම එක ගැන. මගේ ඊළඟ අරමුණ ජාතික ශූරතාවය දිනා ගැනීම”

දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමි කර ගත් කේ. ඒ. ඩී. අබේසේකර තම ජයග්‍රහණය පිළිබඳ මෙසේ අදහස් ප්‍රකාශ කළාය.

“ගොඩක් සතුටුයි. මගේ බලාපොරොත්තුව කොහොමහරි මේ වසරේ ජාතික ශූරිය වීම”

මෙම තරගාවලිය සාර්ථකව නිම කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික බොක්සිං ශූරතාව සඳහා තරග කිරීමට නියමිතය. ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වීමට ThePapare.com සුබ පතන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<