තරගය ජය පරාජයෙන් තොරයි – ලුම්බිණි පෙරමුණට

379
U19 School Cricket

ඊයේ අාරම්භ වූ සිංගර් වයස අවුරුදු 19න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ, ලුම්බිණි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය වු අද දිනය (09) නිමාව දුටුවේ ජය පරාජයකින් තොරවයි. නමුත් ප්‍රථම ඉණිමේදි වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වූ ලුම්බිණි විද්‍යාලයට පළමු ඉණිමක ජයක් ලබා ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: පළමු දිනයේ වැඩි ගෞරවය ලුම්බිණි විද්‍යාලයට

ඊයේ මෙන්ම වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේදි පැවැත්වූ මෙම තරගාවලියේ ප්‍රථම දිනය නිමාවන විට ලුම්බිණි විද්‍යාලය ලකුණු 248ක් සහ වෙස්ලි විදුහල ලකුණු 125ක් සිය පාසල වෙනුවෙන් රැස් කරගැනීමට සමත් විය.

දිනය අාරම්භ කරමින් පිටියට පිවිසි වෙස්ලි ක්‍රීඩකයෝ සිය පළමු ඉණිම පන්දුවාර 55යි පන්දු 4කදි ලකුණු 156ක් දක්වා ඉහල දමා ගැනීමට සමත් වූහ. ඊයේ දිනයේ නොදැවී ක්‍රීඩා කල මොවීන් සුභසිංහ මුළු ලකුණු 45ක් රැස්කර ගනිමින් දැවීගිය අතර පන්දු යැවීමේදි කණිෂ්ක මධුවන්ත ලකුණු 84කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් විය. කෙසේ නමුත් වෙස්ලි විදුහල් ක්‍රීඩකයින් හට ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉණිම අභිබවා යමින් දස්කම් දැක්වීමට නොහැකි විය.

ඉන් අනතුරව අාරම්භ වූ දෙවන ඉණිමේදි ලුම්භිණි විදුහල පන්දුවාර 44කදි ලකුණු 126ක් වාර්තා කිරීමට සමත් විය. එහිදි තනුක දාබරේ විසින් ලකුණු 28ක්ද, අවීශ සත්සර ලකුණු 25ක්ද ලුම්බිණි විදුහල වෙනුවෙන් වාර්තා කරන ලදි. පන්දු යැවීමේදි හේලිත බඹරන්ද විසින් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඔහුට සහය වෙමින් කාවින්ද දිසානායක කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 27ක් තුලයි.

කෙසේ නමුත් වෙස්ලි ක්‍රීඩකයෝ දෙවැනි ඉණිමට, අඟනා ලකුණු 144ක් රැස් කරගැනීමට සමත් වූහ. එහිදි තිලිණ පෙරේරා විසින් ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් වූ අතර මොහොමඩ් උබයදුල්ලා ලකුණු 44කින් වෙස්ලි විදුහල් ලකුණු පුවරුව ඉහල දමන ලදි. පන්දු යැවීමේදි ලුම්බිණි ක්‍රීඩක ධයාන් විමුක්ති සහ කණිෂ්ක මධුවන්ත විසින් පිලිවෙලින් ලකුණු 45කට කඩුලු 3ක් සහ ලකුණු 27කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

 ලකුණු සටහන 

ලුම්බිණි විදුහල පළමු ඉණිම – 248 (57)  | කවීන් පීරිස් 73, කණිෂ්ක මධුවන්ත 31*, රවිඳු සංජීව 33, කාවින්ද දිසානායක 4/62, මොහොමඩ් උබයදුල්ලා 2/29.

වෙස්ලි විදුහල පළමු ඉණිම – 156 (55.4) | මොවීන් සුභසිංහ 45, ජේසන් ද අල්විස් 37, කණිෂ්ක මධූවන්ත 8/84.

ලුම්බිණි විදුහල දෙවැනි ඉණිම – 126/9d (44) | තනුක දාබරේ 28, අවීශ සත්සර 25, චරිත් මිහිරංග 21, හේලිත බඹරන්ද 4/48, කාවින්ද දිසානායක4/27.

වෙස්ලි විදුහල දෙවැනි ඉණිම – 144/6 (31) | තිලිණ පෙරේරා 45, මොහොමඩ් උබයදුල්ලා 44, ධයාන් විමුක්ති 3/45, කණිෂ්ක මධුවන්ත 4/27.

තරගය ජය පරාජයෙන් තොරයි. ලුම්බිණි විදුහලට පළමු ඉණිමක ජයක්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට