වැසි නිමයි – ශතක 5යි

SLC Major League Cricket Tournament 2022

1523
SLC Major League Tournament 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major League ක්‍රිකට් තරගාවලියේ 9 වැනි සතියේ තරගවල දින දෙකකට පසුව ක්‍රියාත්මක වූ අද (16) දවසේ දී ශතක 5ක් වාර්තා වීම කැපී පෙනුණා.

මේ සතියේ තරගවල පළමු දින දෙක සම්පූර්ණයෙන්ම වර්ෂාව බිලිගත් අතර අද සුපුරුදු පරිදි තරග කිහිපයක්ම ක්‍රියාත්මක වූවා. Group A කාණ්ඩයෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල සහ මුවර්ස් අතර තරගයත්, මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ කළුතර සහ රාගම අතර තරගයත් එකඳු පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණු තරග ගොන්නට වැටුණු අතර අනෙකුත් තරග ක්‍රියාත්මක වුනා.

මේ අතර පැවැති තරගවල දී Ace කැපිටල් කණ්ඩායමේ ඕෂඳ ප්‍රනාන්දු බදුරලිය කණ්ඩායමට එරෙහිව පන්දු 119කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 113ක් වාර්තා කරගත්තා.

BRC කණ්ඩායමේ 27 වියැති වමත් ආරම්භක පිතිකරු ලියෝ ෆ්‍රැන්සිස්කෝ සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 192කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලක්ෂාන් එදිරිසිංහ සහ මහේෂ් කුමාර ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව ශතක වාර්තා කරගැනීමට සමත් වීම කැපී පෙනුණා. ලක්ෂාන් පන්දු 157කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 123ක් ලබා ගත් අතර මහේෂ් පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 111ක් වාර්තා කරගත්තා. මහේෂ්ගේ මෙම ඉනිම ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම ඉනිමයි.

පොලිස් ක්‍රීඩා සමාජයේ ආරම්භක වමත් පිතිකරු හේෂාන් ධනුශ්ක ලංකන් කණ්ඩායමට එරෙහිව පන්දු 193කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 100ක් වාර්තා කළා.

මේ අතර ටැමිල් යූනියන් කණ්ඩායමේ කමේෂ් නිර්මාල් සහ සුපුන් කාවින්ද, BRC කණ්ඩායමේ තිලකරත්න සම්පත්, සෙබස්තියනයිට්ස් කණ්ඩායමේ සචිත ජයතිලක, හලාවත මේරියන්ස් කණ්ඩායමේ රවින් යසස්, කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමේ රශ්මික මධුශංක, කුරුණෑගල යූත් කණ්ඩායමේ අසිත වන්නිනායක, පානදුර කණ්ඩායමේ පවන් ද සිල්වා සහ නිමේෂ් විමුක්ති, නුගේගොඩ කණ්ඩායමේ රුමේෂ් බුද්ධික අද අර්ධ ශතක ලැබූවන්ගේ කණ්ඩායමට එකතු වුනා.

පන්දු යැවීමේ දී යුද හමුදා කණ්ඩායමේ වමතින් දඟපන්දු යවන කෞමාල් නානායක්කාර නාවික හමුදා කණ්ඩායමට එරෙහි තරගයේ දී ලකුණු 57කට කඩුලු 7ක් දවා ගත්තා.

ටැමිල් යූනියන් කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන 22 හැවිරිදි රවිඳු ප්‍රනාන්දු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව ලකුණු 37කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම ලෙස සටහන් වුනා.

SSC කණ්ඩායමේ ප්‍රභාත් ජයසූරිය කැන්ඩි කස්ටම්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 54කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

Group A

  • BRC සහ සෙබස්තියනයිට්ස් අතර තරගය BRC පිටියේ දී 

BRC – පළමු ඉනිම සියලු දෙනා දැවී 262 (67.3): ලියෝ ෆ්‍රැන්සිස්කෝ 103, තිලකරත්න සම්පත් 62, සචින්ත පීරිස් 35, තරුෂ ප්‍රනාන්දු 7/92, සචිත ජයතිලක 2/15. 

සෙබස්තියනයිට්ස් – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 162 (48): සචිත ජයතිලක 51, ලොහාන් ද සොයිසා 29, සශ්‍රීක පුස්සෙගොල්ල 21, තරුෂ ප්‍රනාන්දු නොදැවී 22, තිලකරත්න සම්පත් 4/33, සචින්ත පීරිස් 2/53, දුශාන් හේමන්ත 3/71. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • කැන්ඩි කස්ටම්ස් සහ SSC අතර තරගය තර්ස්ටන් ක්‍රීඩා පිටියේ දී 

කැන්ඩි කස්ටම්ස් – පළමු ඉනිම සියලු දෙනා දැවී 160 (55.2): රශ්මික මධුශංක නොදැවී 55, Ian Dev Singh 48, ප්‍රභාත් ජයසූරිය 5/54, ලක්ෂිත මනසිංහ 3/46. 

SSC – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 134 (26): නුවනිඳු ප්‍රනාන්දු 35, නිපුන් ධනංජය 23, ලක්ෂිත මනසිංහ 35, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 28, උමේග චතුරංග 2/53, සචිත්‍ර පෙරේරා 2/27. 

තරගයේ විසඳුමක් නොමැත.

  • කුරුණෑගල යූත් සහ කෝල්ට්ස් අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී 

කුරුණෑගල යූත් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 155 (57.4): අසිත වන්නිනායක 66, අසන්ත බස්නායක 29, ජෙහාන් ඩැනියෙල් 2/19. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • ලංකන් සහ පොලිසිය අතර තරගය SSC පිටියේ දී 

පොලිසිය – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 222 (65): හේෂාන් ධනුශ්ක නොදැවී 100, නදීර බාලසූරිය 31, සුපුන් මධුශංක 45. 

ලංකන් – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 3 (5): චතුර රන්දුණු 2/0. 

තරගයේ විසඳුමක් නොමැත. 

Group B 

  • Ace කැපිටල් සහ බදුරලිය අතර තරගය දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී 

Ace කැපිටල් – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 192 (42): ඕෂඳ ප්‍රනාන්දු නොදැවී 113, Ninad Kadam 41, චලන ද සිල්වා 2/94. 

බදුරලිය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 65 (19): දුනිත් ජයතුංග නොදැවී 27, විශාර ප්‍රනාන්දු 23, සිතුම් දිසානායක 2/13. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • බ්ලූම්ෆීල්ඩ් සහ ටැමිල් යූනියන් අතර තරගය බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පිටියේ දී 

බ්ලූම්ෆීල්ඩ් – පළමු ඉනිම 107 (35.3): ලහිරු මධුශංක 24, යොහාන් ද සිල්වා 23, ගජිත කොටුවේගොඩ 20, රවිඳු ප්‍රනාන්දු 5/37, රවීන් ද සිල්වා 3/31, දිලුම් සුදීර 2/24. 

ටැමිල් යූනියන් – පළමු ඉනිම සියලු දෙනා දැවී 215 (39.1): සුපුන් කාවින්ද 59, කමේෂ් නිර්මාල් 54, සදීර සමරවික්‍රම 23, රොන් චන්ද්‍රගුප්ත 26, ලහිරු මධුශංක 3/34, මධුක ලියනපතිරණගේ 2/76. 

බ්ලූම්ෆීල්ඩ් – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 28 (7): 

තරගයේ විසඳුමක් නොමැත. 

  • හලාවත මේරියන්ස් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර තරගය ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 

හලාවත මේරියන්ස් – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 292 (72): රවින් යසස් 95, Anuj Jotin 89, Swapnil Gugale 44, ලසඳ රුක්මාල් 3/58, ගයාන් සිරිසෝම 3/98. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර තරගය වැලිසර නාවික පිටියේ දී 

ශ්‍රී ලංකා යුද හමුදාව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 271 (61): ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 123, මහේෂ් කුමාර නොදැවී 111, නවීන් කවිකාර 4/103. 

ශ්‍රී ලංකා නාවික හමුදාව – සියලු දෙනා දැවී 106 (30.3): සහන් කෝසල 29, විනෝද් පෙරේරා 26, කෞමාල් නානායක්කාර 5/46, ලක්ෂාන් එදිරිසිංහ 3/25. 

ශ්‍රී ලංකා නාවික හමුදාව – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 11 (4): කෞමාල් නානායක්කාර 2/11. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • මීගමුව සහ පානදුර අතර තරගය කටුනායක FTZ ක්‍රීඩාංගණයේ දී 

පානදුර – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 300 (86.4): නිමේෂ් විමුක්ති 59, පවන් ද සිල්වා 50, රොෂාන් විජේනායක 39, Abhishek Gupta 43, කොෂාන් දනුශ්ක 38, සංජය චතුරංග නොදැවී 21, ශනුක දුලාජ් 20, චනුර ප්‍රනාන්දු 3/50, උපුල් ඉන්ද්‍රසිරි 3/106, Jatin Saxena 2/72

මීගමුව – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 75 (7.1): ඩිල්ශාන් මුණවීර 24, නිමේෂ් විමුක්ති 2/38. 

තරගයේ විසඳුමක් නොමැත. 

  • සැරසන්ස් සහ නුගේගොඩ අතර තරගය මුවර්ස් පිටියේ දී 

නුගේගොඩ – පළමු ඉනිම කඩුලු 4ක් දැවී 177 (56): රුමේෂ් බුද්ධික නොදැවී 57, Murtaza Trunkwala 49, දිල්හාර පොල්ගම්පොළ 33, රනිත ලියනාරච්චි 20, සඳුන් මෙන්ඩිස් 2/53. 

සැරසන්ස් – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 19 (5): 

තරගයේ විසඳුමක් නොමැත. 

දවසින් දවස උණුසුම් වන තරගාවලියේ නවතම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<