විශ්වගේ අභියෝගයට අශේන් ප්‍රතිඋත්තර දෙයි

650

ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (28) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 6ක පහසු ජයක් ලබා ගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය.

අවිඳු තීක්ෂණ ඩිමෝ ක්‍රීඩකයෝ දණ ගස්වයි

ඩිමෝ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දැමූ වමතින් දඟපන්දු යැවූ අවිඳු තීක්ෂණ MAS Silueta

කාසියේ වාසිය දිනා ගත් හැටන් නැෂනල් බැංකු නායක මාධව වර්ණපුරගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 123ක් පමණි. එම ඉනිම පන්දුවාර 36යි පන්දු 2කට සීමා කිරීමට වමතින් දඟපන්දු යවන බුද්ධි පෙරේරා ඇතුළු හැටන් නැෂනල් බැංකු පන්දු යවන්නෝ සමත් වූහ.

ඊට අමතරව නවීන් ගුණවර්ධන, මොහොමඩ් ඉක්‍රම්, මාධව වර්ණපුර  ක්‍රීඩකයින් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායම වෙනුවෙන්  වැඩිම ලකුණු ලබා ගත්තේ වමතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක විශ්ව චතුරංගයි. ඔහු ලකුණු 48ක් ලබාගෙන  එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් කණ්ඩායමේ ලකුණු පුවරුවට සවිය විය.

ලකුණු 124ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි හැටන් නැෂනල් බැංකු ක්‍රීඩකයෝ පන්දුවාර 26ක් අවසානයෙත් තම ඉලක්කය පසු කළේ කඩුලු 4ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනි. එහි දී විශ්ව චතුරංගගේ ලකුණු 48 ඉනිමට අභියෝග වෙමින් ලකුණු රැස්කරන්නට වූ දකුණතින් පිතිකරණයේ නිරත වන අශේන් ප්‍රනාන්දු 4  කිහිපයක්ම සිය ලකුණු සටහනට එකතු කරගත්තේ අර්ධ ශතකයක් කරා පා තබමිනි. අවසානයේ ඔහුගේ ඉනිමට ලකුණු 57දී තිත තැබීමට එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පන්දු යවන්නෝ සමත් වූහ.

පන්දු යැවීමේ දී එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්  නායක දකුණතින් පිට දඟපන්දු යවන හෂාන් හේවනායක ලකුණු 37කට කඩුලු 2ක් දවාගත්තේ ය.

එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස්  – 123/10 (36.2): විශ්ව චතුරංග 48, බුද්ධි පෙරේරා 2/04, නවීන් ගුණවර්ධන 2/23, මොහොමඩ් ඉක්රම් 2/26, මාධව වර්ණපුර 2/27.

හැටන් නැෂනල් බැංකුව – 124/4 (26): අශේන් ප්‍රනාන්දු 57, මාධව වර්ණපුර 22*, හෂාන් හේවනායක 2/37.

වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ සියලුම කාණ්ඩවල තරග වාර්තා, තරග සේයා රූ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<