වසර හතකට පසු රාජකීයයෝ පළමු අදියර ජය ගනී

308

වසර හතක හේමන් කුසලානයේ පළමු අදියරේ ශාපයෙන් මිදෙමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ වෝටර් පෝලෝ කණ්ඩායම ගෝල 9-7ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලයේ වෝටර් පෝලෝ කණ්ඩායම 27 වැනි ආචාර්ය ආර්. එල්. හේමන් කුසලානයේ පළමු අදියරේ ජය හිමි කර ගැනීමට සමත් විය. තරගය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේ දී පැවැත්විය.

ස්ලිම්ලයින්, කෙස් රොදක ඉඩකින් ශූරයන් වෙයි

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග අද (29) කොළඹ MAS රාජකීය බොක්සිං කවයේ දී අවසන් විය. එහි දී 17 වැනි වතාවටත් ක්ලිෆර්ඩ් පිරිමි ශූරතාවය දිනා…

පසුගිය වසර පහ පුරාම සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉතා ප්‍රබල ලෙස ක්‍රීඩා කළ අතර අදියර දෙකකින් යුතු තරගාවලියේ පළමු අදියරක් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ කණ්ඩායමක් සමත් වූයේ වසර පහකට පසුවයි.

තරගයට හොඳ ආරම්භයක් ගනිමින් පළමු මිනිත්තු කිහිපය තුළ ගෝල දෙකක් වාර්තා කරන්නට රාජකීය විද්‍යාලයේ ඉසිවරුන ද සිල්වා සමත් වූ අතර අකිඳු හඳුන්පතිරණ ලකුණු සටහනට තවත් ගෝලයක් එක් කළේ රාජකීය විද්‍යාලය ගෝල පෙරමුණට ගෙනෙමිනි.

රන්දෙව් ඩේවිඩ් සාන්ත තෝමසුවන් වෙනුවෙන් ගෝලයක් වාර්තා කළ අතර පළමු කාර්තුව අවසානයට පෙර කණ්ඩායම් දෙකෙන්ම තවත් ගෝලය බැගින් වාර්තා වුණේ රාජකීය විද්‍යාලය වෙනුවෙන් සවින්ද දිසානායක හා සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් Shannon Ebenezerගේ සුරතිනි.  

Ebenezer, මනුර වික්‍රමරත්න හා සවින්ද දිසානායක ගෝල වාර්තා කරමින් දෙවන කාර්තුවේ බලය සාන්ත තෝමස් විද්‍යාලයට හිමි කර දුන්නත්, රාජකීය විද්‍යාලය පළමු අර්ධයේ අවසානය වන විට ගෝල 5-4ක් ලෙස පෙරමුණේ සිටින්නට සමත් විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 05 – 04 සාන්ත තෝමස් විද්‍යාලය    

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් මනුල වික්‍රමරත්න හා Ebenezer තවත් ගෝල දෙකක් වාර්තා කරමින් තරගයේ පළමු වරට රාජකීය කණ්ඩායම පසු කර සාන්ත තෝමස් කණ්ඩායම පෙරමුණට ගෙන එන්නට සමත් විය.

සවින්ද දිසානායක මිනිත්තු දෙකක් තුළ ගෝල දෙකක් රැස්කරමින් නැවත තරගයේ පෙරමුණ රාජකීය විද්‍යාලය වෙත හරවා ගැනීමට සමත් විය. (7-6)  

සිව්වැනි හා අවසන් කාර්තුව ආරම්භයේ දී Shevaan Ebenezer සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ගෝල සම කළ නමුත් දුල්වින් දහනායක අලංකාර ගෝලයකින් තරගය නැවත රාජකීය විද්‍යාලය වෙත හරවා ගැනීමට සමත් විය.

තරගය අවසන් වීමට තත්පර කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී ඉසිවරුණ ද සිල්වා නවවැනි රාජකීය ගෝලයත් වාර්තා කළේ පළමු තරගයේ ජය රාජකීයයින්ට හිමි කර දෙමිනි.

අදියර දෙකකින් සමන්විත තරගාවලියේ දෙවන අදියර එළඹෙන ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වෙනු ඇත.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 09 – 07 සාන්ත තෝමස් විද්‍යාලය

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • රාජකීය විද්‍යාලය: සාවින්ද දිසානායක (4), ඉසිවරුණ ද සිල්වා (3), අකිඳු හඳුන්පතිරණ (1), දුල්වින් දහනායක (1)
  • සාන්ත තෝමස් විද්‍යාලය: Shannon Ebenezer(3), Shevan Ebenezer(2), රන්දෙව් ඩේවිඩ් (1), මනුල වික්‍රමරත්න (1)

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<