ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දඹුල්ල සහ ගාල්ල අතර තරගයෙන් දඹුල්ල කණ්ඩායමට ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් අත්විය.
මෙම තරගය ඊයේ (18) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද පැවෙති වර්ෂාව හේතුවෙන් මහනුවරින් දඹුල්ලට මාරුකර අද පැවැත්වීමට කටයුතු යෙදුණි.
පළාත් තරගාවලියේ මංගල ශතකය කමිල් මිශාරගෙන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ මංගල ශතකය…
කාසියේ වාසිය දිනා ගත් දඹුලු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 223ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සුපුන් සුමනරත්න සහ අංක එක පිතිකරු රවිඳු රශාන්ත අර්ධ ශතක ලබා ගත්හ. ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104ක සබඳතාවක් එක් කරමින් දඹුලු කණ්ඩායම ගෞරවනීය තත්ත්වයට පත් කිරීම කැපී පෙණුනි.
සුපුන් සුමනරත්න පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා ගත් අතර රවිඳු රශාන්ත පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේය.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සඳුන් මෙන්ඩිස් ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අශේන් දිල්හාර, දුලිත් වෙල්ලාලගේ සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් දවා ගත්හ.
Photos: Dambulla Vs Galle | SLC U19 Super Provincial Tournament 2019
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නායක නවෝද් පරණවිතාන, සඳුන් මෙන්ඩිස් සහ දුලිත් වෙල්ලාලගේ තුන් ඉරියව් දක්ෂතා දැක්වූව ද එය ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. ඔවුන්ට සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණි.
ගාලු ඉනිම වරෙක කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 86ක් ලෙසය. ඉන් අනතුරුව කඩුල්ලේ දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පවන් රත්නායක දුලිත් වෙල්ලාලගේ සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 61ක් ලබා ගත්හ. දුලිත් වෙල්ලාලගේ පන්දු 50කට මුහුණ දී ලකුණු 31ක් ලබා ගනිමින් 6 වැනි කඩුල්ලට දැවී ගියේය.
සිම්බාබ්වේ ඇතුළු රටවල් කිහිපයක ක්‍රිකට් සාමාජිකත්වය අහෝසි
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක නිලධාරීන් ඇතුළු සාමාජිකයින්ගේ විශේෂ හමුවක් අද (19)…
පවන් රත්නායක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් ලබා ගනිමින් 7 වැනි කඩුල්ලට දැවී යන විට ඔහු සඳුන් මෙන්ඩිස් සමඟ එක්ව එම කඩුල්ලට ලකුණු 63ක් එක් කළහ. සඳුන් මෙන්ඩිස් පන්දු 28ක දී ලකුණු 37ක් ලබා ගත්තේය.
ඊට පෙර ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි නායක නවෝද් පරණවිතාන පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේය.
කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන අශේන් ඩැනියෙල් ලකුණු 50කට කඩුලු 3ක් ද, වමතින් දඟපන්දු යැවූ දිලුම් සුධීර ලකුණු 53කට කඩුලු 3ක් ද දවා ගත්හ.
තරගාවලියේ මීළඟ තරගය හෙට (20) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර එහි දී ගාල්ල සහ කොළඹ කණ්ඩායම් සටනට එක් වේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගාවලියේ සියලු තරග දඹුල්ලේ දී පමණක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත.
ඒ අනුව තරගාවලියේ ඉදිරි තරග පැවැත්වෙන කාලසටහන මෙසේයි.
- ජූලි 20 – ගාල්ල සහ කොළඹ අතර තරගය – දඹුල්ලේ දී
- ජූලි 21 – දඹුල්ල සහ මහනුවර අතර තරගය – දඹුල්ලේ දී
- ජූලි 22 – තෙවැනි සහ සිව්වැනි ස්ථාන තෝරා ගැනීම සඳහා තරගය – දඹුල්ලේ දී
- ජූලි 23 – අවසාන මහා තරගය – දඹුල්ලේ දී
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, තරග සේයා රූ, විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් පුවත් ක්‍රිකට් සඳහා පිවිසෙන්න <<






















