දිස්ත්‍රික් ආධුනික වොලිබෝල් දක්ෂයන් කරළියට

423

2017 දසවැනි මන්චී ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ ජාතික මට්ටමේ ආධුනික තරගාවලිය සඳහා දිස්ත්‍රික් මට්ටමේ පැවති තරග අතුරින් කාන්තා සහ පිරිමි ශූරතා සහ අනුශූරතා දිනාගත් කණ්ඩායම් 100ක් සුදුසුකම් ලබා සිටියි.

නාවික, ගුවන්, MAS සහ විදුලිබල කණ්ඩායම්වලට ජය

10 වැනි මන්චි වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි වටයේ අද (15) පැවැත්වූ තරගවලින් නාවික හමුදාව, ගුවන් හමුදාව, MAS ලෙෂර්ලයින් සහ විදුලිබල මණ්ඩලය…

කෑගල්ල දිස්ත්‍රික් තරගාවලියේ දී දෙහිඕවිට ක්‍රියේටර්ස්  ක්‍රීඩා සමාජය ලකුණු 25-22ක් සහ 27-25ක් ලෙස පරාජය කළ රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය පිරිමි ශූරතාවට හිමිකම් කියද්දී ගලිගමුව ක්‍රීඩා සමාජය කාන්තා ශූරතාව දිනා ගත්තේ රුවන්වැල්ල රන්වැලි ක්‍රීඩා සමාජය ලකුණු 25-04ක් සහ 25-12ක් ලෙස පහසුවෙන් පරාජය කරමිනුයි.

Photo Album: Polonnaruwa District – Munchee National Volleyball 2017

බදුල්ල දිස්ත්‍රික් පිරිමි අවසන් තරගයේ පළමු තරග වටය ලකුණු 19-25ක් ලෙස ජය ගන්නට කලෙයිමගල් ක්‍රීඩා සමාජය සමත් වුවත්, ඉතිරි තරග වට දෙක 25-15ක් සහ 25-17ක් ලෙස ජය ගත් විවේකානන්ද ක්‍රීඩා සමාජය  ශූරතාව දිනා ගන්නා ලදි. එම දිස්ත්‍රික්කයේ කාන්තා ශූරතාව දිනා ගත්තේ මලෙයිකුලි ක්‍රීඩා සමාජය ලකුණු 25-14ක් සහ 25-17ක් ලෙස පරාජය කළ විරයුම් සිරිගුගල් ක්‍රීඩා සමාජයයි.

19න් පහළ කිරුළ නාත්තන්ඩිය ධම්මිස්සරට හා ගලිගමුව මධ්‍ය විද්‍යාලයට

17 වන වරටත් පැවැත්වූ DSI සුපර්ස්පෝට් පාසල් වොලිබෝල් තරගාවලියේ, වයස අවුරුදු 19 පහළ බාලක සහ බාලිකා අවසන් මහා තරග අද (24) මහරගම…

මැදගම සෆායිස්  ක්‍රීඩා සමාජය සහ සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය පිළිවෙළින් මොනරාගල දිස්ත්‍රික් පිරිමි සහ කාන්තා ශූරතා දිනාගත්  අතර පිරිමි අනුශූරතාව SSC ක්‍රීඩා සමාජයටත් කාන්තා අනුශූරතාව විල්ඔය පාත ආරාව පාසල් ක්‍රීඩා සමාජයටත් හිමි විය.

Photo Album: Batticaloa District – Munchee National Volleyball 2017

උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික් තරගාවලිය තුළ දී පිරිමි අවසන් තරගය තරග වට 4ක් දක්වා ඇදී ගිය අතර රෙඩ් කැප් ක්‍රීඩා සමාජය හමුවේ හින්දු යූත් ක්‍රීඩා සමාජය තරග වට 3-1 ක් ලෙස පරාජය විය. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ ලකුණු තත්ත්වය දැක්වුණේ 25-16ක්, 25-17ක්, 22-25ක් සහ 25-23ක් ලෙසයි. යාපනය දිස්ත්‍රික් කාන්තා අවසන් තරගයේ දී උදයසූරිය ක්‍රීඩා සමාජය ලකුණු 25-18ක්, 25-16ක් සහ 25-17ක් ලෙස පරාජය කරන්නට සමත් වුණේ යුනයිටඩ් ක්‍රීඩා සමාජ ක්‍රීඩිකාවන් විසිනුයි.

ගාල්ල දිස්ත්‍රික් තරගාවලිය තුළ දී කරන්දෙණිය ක්‍රීඩා සමාජය ලකුණු 25-15ක් සහ 25-12ක් ලෙස පරාජය කළ SLAOC කණ්ඩායම පිරිමි ශූරතාව දිනා ගනිද්දී, ගාලු දිස්ත්‍රික් කාන්තා ශූරතාව දිනා ගත්තේ තොටගමුව ක්‍රීඩා සමාජයයි. තොටගමුව ක්‍රීඩිකාවන් පළමු වටය ලකුණු 25-23ක් ලෙස පරාජය වුවත් අවසන් වට දෙක ලකුණු 25-06ක් සහ 25-10ක් ලෙස ජයගත් ඔවුන් විමලබන්දු ක්‍රීඩා සමාජ කණ්ඩායම අනුශූරතාවය දක්වා පහතට දමන්නට සමත් විය.

අනෙකුත් ප්‍රතිඵල

දිස්ත්‍රික්කය පිරිමි කාන්තා
ශූරතාව අනුශූරතාව ශූරතාව අනුශූරතාව
ගම්පහ CCL ක්‍රී. ස.  – මිනුවන්ගොඩ සණස ක්‍රී. ස. – වීගොඩ   රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රී. ස. මහගමසේකර විද්‍යාල ක්‍රී. ස.
මන්නාරම නාවික හමුදා ක්‍රී ක්‍රී. ස. – මුල්ලිකුලම් අල් අම්මාන් ක්‍රී. ස.  – පුතුකුඩිඉරිප්පු ශා. පීතර ක්‍රී. ස – තෝඩ්ඩවේලි ශා. මරියා ක්‍රී. ස තුල්ලකුඩිඉරිප්පු
නුවරඑළිය ග්‍රීන් ෆීල්ඩ් ක්‍රී. ස මෙලඩියන්ස් ක්‍රී. ස රයිනෝස් යූත්  ක්‍රී. ස පාමස්ටන් ක්‍රී. ස – තලවකැලේ
මාතලේ මාතලේ සිංහල බෞද්ධ විද්‍යාල ක්‍රී. ස. ශාන්ත ක්‍රී. ස.  – දඹුල්ල ශ්‍රී නාග ක්‍රී. ස – නාඋල ෆ්‍රෙන්ඩ්ස් ක්‍රී. ස – මාතලේ
කිලිනොච්චි ටීජේ ලංකා ක්‍රී. ස පුදියභාරතී ක්‍රී. ස අතිසයම් ක්‍රී. ස වනතරකායි ක්‍රී. ස
රත්නපුර කුරුවිට ඒකාබද්ධ ක්‍රී. ස රොබින් ස්ටාර් ක්‍රී. ස ඇහැ/ ධර්මපාල ම. වි. ක්‍රී. ස තලවිටිය රන්තරු ක්‍රී. ස
අනුරාධපුර ගාඩියන්ස් ක්‍රී. ස. බ්‍රැන්ඩික්ස් ක්‍රී. ස. සෙන්ට්‍රල් ක්‍රී. ස. යුනයිටඩ් ක්‍රී. ස.
කළුතර ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය එක්සත් ක්‍රී. ස. අගමැති බාලිකා විද්‍යාල ක්‍රී. ස. වාසනා ක්‍රී. ස.
මාතර සේපර්ස් ක්‍රී. ස. අරුනලු ක්‍රී. ස. ශ්‍රී සුමංගල බා. වි ක්‍රී. ස. ශා. මැතිව් ක්‍රී. ස – දෙනියාය
වවුනියාව ආචර්ස් ක්‍රී. ස වවුනියාව පොලිස් ක්‍රී. ස ශ්‍රී සුමන මහා විද්‍යාල ක්‍රී. ස ධර්මපාල විද්‍යාල ක්‍රී. ස
මහනුවර ලංකා ලයන්ස් ක්‍රී. ස වෙග්නර්ස් ක්‍රී. ස පල්ලෙකැලේ ලයන්ස් ක්‍රී. ස. පේරාදෙණිය වි. වි. ක්‍රී. ස
කොළඹ හෝමාගම ක්රෝසිස් ක්‍රී. ස. සියඹලාගොඩ කපිල ක්‍රී. ස ටොරිංටන් ක්‍රී. ස සියඹලාගොඩ කපිල ක්‍රී. ස.
මුලතිව් සිංහ ක්‍රී. ස. සම්පත් නුවර ක්‍රී. ස.. සම්පත්නුවර ජාතික පාසල ජයන්ති ම. වි. ශ්‍රී පුර
මඩකලපුව ලයන්ස් ක්‍රී. ස. යන්ග් ස්ටාර් ක්‍රී. ස.. බ්ලැක් ලයන්ස් ක්‍රී. ස.. අරුණ ක්‍රී. ස..
පොලොන්නරුව ප්‍රගති එක්සත් ක්‍රී. ස. නන්දිමිත්‍ර ක්‍රී. ස. විජයරාජ ක්‍රී. ස. (A ) විජයරාජ ක්‍රී. ස. (B)
හම්බන්තොට තලහගම්මඩුව අරුණ ක්‍රී. ස. OK ලංකා ක්‍රී. ස. හුංගම විජයබා ක්‍රී. ස. මුලටින ප්‍රදේශීය සභා ක්‍රී. ස.
පුත්තලම නාත්තන්ඩිය යුනයිටඩ් ක්‍රී. ස. පුත්තලම ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රී. ස. මහඋස්වැව රතනපාල ක්‍රී. ස. ගුවන් හමුදා ක්‍රී. ස.
කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් ක්‍රී. ස.. ඔමේගා ලයින් ක්‍රී. ස. ඔමේගා ලයින් ක්‍රී. ස. ස්ලිම්ටෙක්ස් ක්‍රී. ස..
ත්‍රිකුණාමලය රන් සමනල ක්‍රී. ස. ෆාතිමා ක්‍රී. ස. රාජකීය ක්‍රී. ස. මිහිඳුපුර ක්‍රී. ස.
අම්පාර ආචර්ස් ක්‍රී. ස.  (B) ප්‍රගති ක්‍රී. ස.. සුපර් කිංග්ස් ක්‍රී. ස.  (B) සුපර් කිංග්ස් ක්‍රී. ස.

වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට