වික්‍රමසිංහගේ දස්කම් සමඟින් සාන්ත අන්තෝනි විද්‍යාලයට දැවැන්ත ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1491

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග 4ක් අද (9) පැවැත්වුනා.

අද ක්‍රියාත්මක වුනු තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි, මරදාන සාන්ත ජෝසප්, ඉසිපතන සහ කොටහේන සාන්ත බෙනඩික්ට් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය පහසුවෙන්ම කඩුලු 7කින් පරාජයට පත් කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය මේ තරගාවලියේ ඔවුන් සහභාගී වුනු දෙවැනි තරගයත් ඉතාමත් පහසුවෙන්ම ජය ගැනීමට සමත් වුනා. එම තරගයේ දී ශෙවෝන් ඩැනියල් 4 පහර 4ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් ලකුණු 72ක් ලබාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූවා.

ඉසිපතන විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතයේ සිටි ලුම්බිණි නායක සකුණ ලියනගේ මේ තරගාවලියේ දැනට වාර්තා වුනු සිව්වැනි ශතකය වාර්තා කළා. ඊට අමතරව සසංක නෙත්මිණ ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 43කට කඩුලු 5ක දස්කමක් ද දැක්වූ නමුත් අවාසනාවන්ත ලෙස ලුම්බිණි විද්‍යාලය මේ තරගයෙන් පරාජයට පත්වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායක සහ ශ්‍රී ලංකා 19න් පහළ ලෝක කුසලාන සංචිතයේ ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කරමින් නොදැවී ලකුණු 69ක් සහ ලකුණු 14කට කඩුලු 4ක් දවා ගත්තා.

එසේම සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අශේන් ද සොයිසා සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී පන්දු 57ක දී ලකුණු 72ක් ලබා ගත්තා. ඔහුගේ එම ඉනිම 4 පහර 6කින් සහ 6 පහර 5කින් වර්ණවත් වුනු අතර පන්දු යැවීමේ දී ලකුණු 2කට කඩුලු 3ක් දවා ගැනීමට අශේන් සමත් වුනා.

TIER A

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 116 (38.1): මහිත් පෙරේරා 33, රොමේෂ් මෙන්ඩිස් 31, චමිඳු වික්‍රමසිංහ 4/14, දිව්යේෂ් රාමයියා 2/11, අසිත වන්නිනායක 2/14.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 117/3 (18.2): චමිඳු වික්‍රමසිංහ 69*, අසිත වන්නිනායක 24*, කැනිස්ටන් ගුණරත්නම් 2/26.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 7ක ජයක්


කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 220/9 (50) අශේන් ද සොයිසා 72, යොහාන් සොයිසා 55, දිලං තාබ්රු 26, ක්‍රිශේන් පෙරේරා 4/29, සංදීශ් ප්‍රනාන්දු 2/61

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 204 (46.2): සංදීෂ් ප්‍රනාන්දු 86, රයන් දිසානායක 36, කුෂාන් හේරත් 26, සනේෂ් ප්‍රනාන්දු 24, අශේන් ද සොයිසා 3/25, සචින් සේනානායක 2/23, අනීෂ් මදුමල්ක 2/40.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ලකුණු 16ක ජයක්


සාන්ත ජෝසප් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය

  • කාසියේ වාසිය – මාතර සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩාංගණය

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 130 (41.5): නිපුන් සමරසිංහ 47, සචිර රශ්මික 26, දුනිත් වෙල්ලාලගේ 2/10, මිතිර තෙනුර 2/14.

සාන්ත ජෝසප් විද්‍යාලය – 134/3 (23.5): ශෙවෝන් ඩැනියල් 72, හිරුන් මතීෂ 37.

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්

TIER B

ලුම්බිණි විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • කාසියේ වාසිය – ඉසිපතන විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වරාය අධිකාරී ක්‍රීඩාංගණය

ඉසිපතන විද්‍යාලය – 203/9 (50): රන්දුනු ගංගානාත් 39, තරුෂ නෙත්සර 36, යසිත් කළුපහන 25, තේමිය ගුණරත්න 22, සසංක නෙත්මිණ 5/43, යසිරු යුගාත් 2/29

ලුම්බිණි විද්‍යාලය – 188 (48.1): සකුණ ලියනගේ 104, නබීල් රාජුධීන් 26, දෙනෙත් අංජන 24, කෙවින් සැමුවෙල් 2/28, සිතුක ගුණවර්ධන 2/30

ඉසිපතන විද්‍යාලයට ලකුණු 15ක ජයක්

තරගාවලියේ තවත් පාසල් තරග රැසක් හෙට (10) දිනයේ දී ද පැවැත්වීමට නියමිත අතර එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<