නෙත්ම සහ නුශාල් ශතක අතරට; සදීපගෙන් කඩුලු 6ක දස්කමක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

957

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග කිහිපයක් අද (8) පැවැත්වුනා.

එම තරගවල දී සාන්ත ආනා,මලියදේව, මහානාම, තර්ස්ටන්, ආනන්ද, මාරිස් ස්ටෙල්ලා, සාන්ත පීතර සහ ධර්මපාල විද්‍යාල ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

අද දිනයේ ක්‍රියාත්මක වුනු තරගවල දී ශතක දෙකක්, අර්ධ ශතක 9ක් සහ කඩුලු 4කට වැඩි එක් අවස්ථාවන් දෙකක් වාර්තා වුනා. එහි දී ආනන්ද විද්‍යාලයේ නායක නෙත්ම කරුණාරත්න (ලකුණු 100*) සහ නුශාල් ධර්මරත්න (පන්දු 108ක දී ලකුණු 174) අම්බලන්ගොඩ ධර්මාසෝක විද්‍යාලයට එරෙහිව ශතක වාර්තා කරගත්තා.

එසේම ඔවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 155ක දී ලකුණු 169ක සුපිරි සබඳතාවයක් ද ගොඩනැංවූවා. නුශාල් ගොඩනැංවූ සුපිරි වේගවත් ඉනිම 4 පහර 14කින් සහ 6 පහර 11කින් වර්ණවත් වුනා.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දකුණතින් වේගපන්දු යවන සදීප රත්නායක පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසානයේ එක් නිලකුණු පන්දුවාරයක් ද සමඟ ලකුණු 41කට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්වූවා. එය මේ තරගාවලියේ දැනට පන්දු යවන්නෙක් දක්වා තිබෙන හොඳම දස්කමයි. කෙසේ නමුත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හමුවේ අවාසනාවන්ත ලෙස කඩුලු 2කින් පරාජයට පත්වීමට ධර්මරාජ විද්‍යාලයට සිදු වුනා.

එසේම කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයේ කළිදු විජේසිංහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහිව කඩුලු 5 දස්කමක් දක්වමින් සාන්ත ආනා විද්‍යාලයට වැඩි වාසි ලබාදුන් අතර අවසානයේ දී සාන්ත ආනා විද්‍යාලය එම තරගය ජයග්‍රහණය කළා.

ඊට අමතරව කොළඹ ආනන්ද විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය අද පැවති තරගවල දී ලකුණු 300 සීමාව අභිබවා ලකුණු රැස් කර ගැනීම කැපී පෙනුණා.

Tier A

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය – Y කාණ්ඩය

කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය

ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 153 (36.5): ගවිරු සෙනහස් 44, සෙනුර සිල්වා 30, කළිඳු විජේසිංහ 5/38, රිෂිත පෙරේරා 2/22, ශෙවෝන් නිමන්ත 2/42.

සාන්ත ආනා විද්‍යාලය – 156/4 (38.2): රිෂිත පෙරේරා 48, පිවිතු ප්‍රනාන්දු 40, බුද්ධිම සහන් 27, රාහුල් ගුණසේකර 2/41.

සාන්ත ආනා විද්‍යාලයට කඩුලු 6ක ජයක්

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය – Z කාණ්ඩය

කාසියේ වාසිය – ද මැසනොඩ් විද්‍යාලය

ක්‍රීඩාංගණය – මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණය

ද මැසනොඩ් විද්‍යාලය – 118 (33.1): සලිඳු පතිරණ 30, සකිඳු විජේරත්න 3/27, චාරුක හේරත් 3/30, ජයමිණ මුතුකුමාරණ 2/15

මලියදේව විද්‍යාලය – 120/7 (32.5): මතීෂ වීරසිංහ 29, චාරුක හේරත් 22*, අමේෂ් තෙන්නකෝන් 20, සෙනාශ් ප්‍රනාන්දු 2/21, චානුක සිල්වා 2/22.

මලියදේව විද්‍යාලයට කඩුලු 3ක ජයක්

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය – Z කාණ්ඩය

කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය

ක්‍රීඩාංගණය – අස්ගිරිය

ත්‍රිත්ව විද්‍යාලය – 179 (48): පවන් පතිරාජ 40, කුසල් විජේතුංග 30, සුපුන් වඩුගේ 30*, රහල් අමරසිංහ 25, විදුක ධම්මගේ 21, අනුක විජේවර්ධන 2/09, ඉනුක කරන්නාගොඩ 2/18, දසිත් ගුණතිලක 2/34.

මහානාම විද්‍යාලය – 182/5 (40.2): අංජල බණ්ඩාර 71*, කවිඳු අමාමේත් 51, මනුල කුලරත්න 3/22, තීරක රණතුංග 2/36.

මහානාම විද්‍යාලයට කඩුලු 5ක ජයක්

 

Tier B

තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – Z කාණ්ඩය

කාසියේ වාසිය – සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

ක්‍රීඩාංගණය – තර්ස්ටන් විද්‍යාල ක්‍රීඩාංගණය

තර්ස්ටන් විද්‍යාලය – 234 (48): බවන්ත ජයසිංහ 97, Tතරිඳු හර්ෂණ 60, උපුල් හෙට්ටිආරච්චි 21, කවිෂ්ක ඉමේෂ් 3/19

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 135 (39.2): මලීෂ සිල්වා 42, මලිත් ලක්ෂාන් 21, විහාස් තෙව්මික 4/17, අසීම් මොහොමඩ් 2/16, නිපුන් ප්‍රේමරත්න 2/31.

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 99ක ජයක්

කොළඹ ආනන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාසෝක  විද්‍යාලය – Z කාණ්ඩය

කාසියේ වාසිය – ධර්මාසෝක විද්‍යාලය

ක්‍රීඩාංගණය – අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාලය – 377/4 (50): නුශාල් ධර්මරත්න 174, නෙත්ම කරුණාරත්න 100*, ශක්ති උදාර 21*, හංසජ ජයසිංහ 20, මිනෙත් ප්‍රේමරත්න 20, හසිත රාජපක්ෂ 2/54

ධර්මාසෝක විද්‍යාලය – 252 (38.5): හසිත රාජපක්ෂ 48, සෙනුර සඳරු 38, නවීන් රසාංග 35, චානක ජනංග 31, රන්දුල් සමරහේවා 31, ශෙනිත් හැලඹගේ 20, ශක්ති උදාර 3/43, පුලිඳු කිරිඇල්ල 3/48, හංසජ ජයසිංහ 2/31.

ආනන්ද විද්‍යාලයට ලකුණු 125ක ජයක්

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – X කාණ්ඩය

කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 305/5 (50): හංසජ හිරුන 69, කවිත දිනල්‍ය 65*, කවීන් ප්‍රනාන්දු 47, ශේන් ආධිත්‍ය 37, එවින් කල්හාර 36, සචිරු හංසජ 28, කවිඳු ගමගේ 2/44.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 155 (44): තීරක ආකාශ් 42, විහඟ රශ්මිත 26, මහිඳු මලිත් 3/25, රමිත් බණ්ඩාර 2/11, ශේන් ආධිත්‍ය 2/14

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට ලකුණු 150ක ජයක්

ගාල්ල මහින්ද විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය – X කාණ්ඩය

කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය

මහින්ද විද්‍යාලය – 173 (49.5): දිනුර කළුපහන 44, ධනුජ ඉඳුවර 33, තරුෂ ඩිල්ශාන් 29, හිරුන මන්දිල 21, වනුජ කුමාර 2/24, ශෙනන් රොද්‍රිගු 2/25.

සාන්ත පීතර විද්‍යාලය – 175/5 (46.5): වනුජ කුමාර 54*, ශෙනාල් බොතේජු 29, රුසඳ ගමගේ 27, කවීන් රුක්ෂාන් 2/23.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 5ක ජයක්

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – X කාණ්ඩය

කාසියේ වාසිය – ධර්මපාල විද්‍යාලය

ක්‍රීඩාංගණය – ධර්මරාජ විද්‍යාල ක්‍රීඩාංගණය

ධර්මරාජ විද්‍යාලය –  174/8 (50): සචින්ත දිසානායක 65, ඉසුරු පන්නල 50, කවිඳු ප්‍රියමාල් 3/45, තිසර සිශාර 2/20, යසිත් වික්‍රමනායක 2/26.

ධර්මපාල විද්‍යාලය – 175/8 (44.3): ප්‍රවීන් කුමාරප්පෙරුම 39, හිරු පවන් 38*, යසිත් වික්‍රමසිංහ 34, උදිත් සඳරුවන් 23, සදීප රත්නායක 6/37.

ධර්මපාල විද්‍යාලයට කඩුලු 2ක ජයක්

තරගාවලියේ තවත් පාසල් තරග රැසක් හෙට (9) දිනයේ දී ද පැවැත්වීමට නියමිත අතර එහි තොරතුරු ද ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com  සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<