සුපිරි ජයග්‍රහණය ගැන ඉන්දීය නායකයා කියන කතා

ශ්‍රී ලංකා ඉන්දීය ටෙස්ට් තරගාවලිය 2022

3478
Rohit Sharma reveals 'highlight' of dominant win over Sri Lanka in 1st Test

ශ්‍රී ලංකාවට එරෙහිව මොහාලි හිදී පැවති පළමු ටෙස්ට් තරගය ඉන්දීය කණ්ඩායම අද (06) ජයග්‍රහණය කළේ ඉනිමකින් සහ ලකුණු 222කින්.

මෙම තරගයේ දී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadejaගේ දස්කම් කැපී පෙනුණා. සිය පළමු ටෙස්ට් ජයග්‍රහණයේ දී Jadeja දැක්වූ තුන් ඉරියව් දස්කම් තමා “විමතියට” පත් කළ බව ඉන්දීය නායක Rohit Sharma පවසා සිටියා. ඉන්දීය ටෙස්ට් නායකයා ලෙස පත්වීමෙන් අනතුරුව Rohit Sharma ක්‍රීඩා කළ පළමු තරගය වූයේ මෙම තරගයයි.

මෙම තරගයේ දී විශේෂ දස්කම් දැක්වීමට සමත් වූ Jadeja ඉන්දීය පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 175ක් රැස් කළ අතර පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා ඉනිම් දෙකේ දී කඩුලු 9ක් දවා ගැනීමටත් සමත් වුනා.

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක Virat Kohliගේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙම තරගය දින තුනකින් අවසන් වනු ඇතැයි තමන් අපේක්ෂා නොකළ බව Rohit Sharma තරගයෙන් අනතුරුව පවසා සිටියා. ඔහු තවදුරටත් පවසා සිටියේ මොහාලි තණතීරුව පිතිකරුවන්ට විශාල සහයක් ලබා දුන් බවයි.

ඇත්තම කියනවා නම් මම හිතුවේ නැහැ තරගය දින තුනකින් අවසන් වන ටෙස්ට් තරගයක් වේවි කියලා. එය හොඳ පිතිකරණ තණතීරුවක්. නමුත් දඟපන්දු යවන්නන්ට යම් සහයක් දුන්නා. යම් දඟ කැවීමක් වගේම වේගපන්දු යවන්නන්ට යම් සහයක් තිබුණා”, Rohit Sharma තරගයෙන් පසු අදහස් දක්වමින් පවසා සිටියා.

තරගයේ ගෞරවය සම්පූර්ණ කණ්ඩායමටම හිමිවෙන්න ඕනේ. ඔවුන් ඉතා හොඳින් එකට එක්ව පන්දු යැවූවා. ඒ වගේම ප්‍රතිවාදීන්ට හොඳ පීඩනයක් ලබා දුන්නා. ඔවුන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසි විටෙකත් පහසුවෙන් ක්‍රීඩා කරන්න අවස්ථාව දුන්නේ නැහැ. මේ තණතීරුව වේගවත් තණතීරුවක් බව අපි දැනගෙන හිටියා. ඒ නිසා පිතිකරුවෙක් ස්ථාවර වුනොත් ඔවුන් දිගටම ලකුණු ලබා ගන්නවා කියලා අපි දැනගෙන හිටියා.

අපගේ පැත්තෙන් අපට අවශ්‍ය වුනේ පීඩනය අන්ත දෙකෙන්ම තබා ගන්න. තණතීරුවේ එහෙන් මෙහෙන් අසාමාන්‍ය ඉපිලීමක් තිබුණා. ඒත් අපි දැනගෙන හිටියා ඔවුන්ගේ පිතිකරුවන් අතින් වැරදි සිදුවේවි කියලා. අපි බලාගෙන සිටියේ ඒක”, ඔහු පවසා සිටියා.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ තරගයක දී ලකුණු 150ක් සහ කඩුලු 10ක් දවා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීමට Jadeja අවශ්‍යව තිබුණේ එක් කඩුල්ලක් පමණි. කෙසේ වෙතත් Jadeja තම ද්විත්ව ශතකය ලබා ගැනීමට පෙර ඉනිම අත්හිටුවන ලෙස තමාට දැන්වීමෙන් ඔහුගේ පරාර්ථකාමීත්වය පෙන්නුම් කළ බව Rohit පවසා සිටියා.

තරගය පුරාවටම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ ලක්ෂණ පෙන්නුම් කළා. විශේෂ‍යෙන් ක්‍රීඩකයන් බොහෝ දස්කම් දක්වන්න සමත් වුනා. ඒ වගේම Kohliට සුවිශේෂී ටෙස්ට් තරගයක් වුනා. ඒ නිසා අපට පැහැදිලිවම අවශ්‍ය වූනේ පළමුවෙන් අපේ රාජකාරි ඉටු කරලා ටෙස්ට් තරගය ජය ගන්න. මෙම ක්‍රීඩකයන්ගේ එවැනි විශාල දස්කම් දැකීම ඉතාමත් සතුටුදායක දෙයක්.”

“Jadeja දස්කම් මේ තරගයේ විශේෂත්වය වුනා. ඒ විදිහට පන්දුවට පහර දීලා නොදැවී රැඳී සිටීමට තරම් ඔහු විශාල පරිණත බවක් පෙන්නුම් කළා. එය විශාල උත්සාහයක් වුනා. තරගයේ පළමු ඉනිම අත්හිටුවීම ගැන ප්‍රශ්න කිහිපයක් තිබුණා. නමුත් එය කණ්ඩායමේ සහ Jadejaගේ තීරණය. ඒ තීරණය එක්ක ඔහු කෙතරම් පරාර්ථකාමී ද යන්න පෙන්නුම් කළා කියලා මම හිතනවා”, Rohit පවසා සිටියා.

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<