ද මැසනොඩ් හමුවේ අපරාජිතව පැමිණි නාලන්දා ගමන අවසන්

1691
U19 Schools Cricket Tournament 2022

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අද (29) පැවැත්වුනා. එහි දී නාලන්දා විද්‍යාලය කඩුලු 5කින් පරාජයට පත් කළ ද මැසනොඩ් විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන් කරගත්තා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ද මැසනොඩ් විද්‍යාලය පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළා.

Tier A කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන අපරාජිතව පැමිණි නාලන්දා විද්‍යාලය සහ Z කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් ද මැසනොඩ් විද්‍යාලය අතර පැවති මේ අවසන් පූර්ව තරගයේ, පළමුව පන්දුවට පහර දුන් නාලන්දා විද්‍යාලය සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 120ක් පමණයි. තරගාවලියේ මූලික වටයේ දී සුපිරි තුන් ඉරියව් දස්කම් දැක්වූ රවීන් ද සිල්වා අද දිනයේ දී ක්‍රීඩා කළේ නැහැ.

නාලන්දා විද්‍යාලයේ පළමු කඩුලු 5 ලකුණු 72ක් තුල දැවී ගිය අතර ඉන් අනතුරුව 6 වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ එරංග ජයකොඩි සහ සජිත විතානගේ පන්දු 59ක දී ලකුණු 39ක සබඳතාවයක් ගොඩනංවමින් නාලන්දා ලකුණු සටහනට යම් සහනයක් ලබා දුන්නා.

නාලන්දා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු සජිත 4 පහර 2ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් නොදැවී ලකුණු 33*ක් ලබා ගත්තා. චනුල අතුකෝරල ලකුණු 20යි. පන්දු යැවීමේ දී නාලන්දා පිතිකරුවන් අසරණ කළ වමතින් දඟපන්දු යවන සෙනාෂ් ප්‍රනාන්දු ලකුණු 22කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දැක්වූවා.

පිළිතුරු ඉනිම දියත් කළ ද මැසනොඩ් විද්‍යාලය පන්දුවාර 32කුත් පන්දු 2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 121 ඉලක්කය හඹා ගියා. එහි දී නායකත්වයේ ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු රුවින් ෆොන්සේකා 4 පහර 3ක් එල්ල කරමින් ලකුණු 51ක් ලබා ගත්තා.

කඩුලු රකින පිතිකරු ලෙස්ටර් ජයවීර ලකුණු 21යි. 4 පහරක් සහ 6 පහර 3ක් එල්ල කළ මිතුල සෙනරත් නොදැවී ලකුණු 41*ක් ලබාගෙන ද මැසනොඩ් විද්‍යාලයේ මේ පෙරළිකාර ජයග්‍රහණය තහවුරු කළා.

නාලන්දා විද්‍යාලය – 120 (34): සජිත විතානගේ 33*, චනුල අතුකෝරල 20, සෙනාෂ් ප්‍රනාන්දු 4/22

ද මැසනොඩ් විද්‍යාලය – 121/2 (32.2): රුවින් ෆොන්සේකා 51, මිතුල සෙනරත් 41*, ලෙස්ටර් ජයවීර 21

 කඩුලු 8ක ජයක් ලබා ගත් ද මැසනොඩ් විද්‍යාලය අවසන් පූර්ව තරගයට

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<