Joe Root හිටපු එංගලන්ත සුපිරි පිතිකරුවෙකු පසුකරමින් පෙරමුණට

3108

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගයේ වාර්තා කළ අගනා ලකුණු 153ත් සමඟින් ටෙස්ට් පිටියේ වැඩිම 150ට වැඩි ඉනිම් ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන් අතර පෙරමුණට පැමිණීමට ඔහුට හැකි වුනා.

මීට පෙර එම ලැයිස්තුවේ පෙරමුණ හිටපු එංගලන්ත සුපිරි ටෙස්ට් පිතිකරු Alastair Cook සතු වූ අතර ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලකුණු 150ට වැඩි ඉනිම් 12ක් ක්‍රීඩා කර තිබුණා.

එමෙන්ම ඔහු දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින් එම කඩඉම වැඩිම වරක් පසු කළ ක්‍රීඩකයින් අතර ද පෙරමුණට පැමිණීමට සමත් වූ අතර ඔහුට පසුව අවස්ථා 10ක දී ලකුණු 150 පසු කළ ඉන්දීය ක්‍රීඩක Virat Kohli දෙවැනි ස්ථානයේ පසුවෙනවා.

ටෙස්ට් නායකයෙකු වශයෙන් එම කඩඉම හත්වතාවක් පසුකරමින් එම ලැයිස්තුවේ තෙවැනි තැනට පැමිණීමට ද Rootට හැකි වූ අතර 9 වතාවක් එම කඩඉම පසු කළ Kohli එහි පෙරමුණේ පසුවෙනවා.

මීට අමතරව ඔහු නායකයෙකු ලෙස එම කඩඉම සිය රටෙන් පිටත දී පස් වතාවක් පසුකිරීමට මෙම ඉනිමත් සමඟින් සමත් වීම නිසාවෙන් එම දස්කම පෑ ක්‍රීඩකයින් අතර ද පෙරමුණ ගැනීමට ඔහුට හැකි වුනා.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී නායක Joe Root සහ තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes ලබා ගත් අගනා ශතක නිසාවෙන් පළමු ඉනිම සඳහා ලකුණු 570ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට එංගලන්තයට හැකි වුනා.

එම ඉනිම්වලින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes ප්‍රකාශ කළේ,

“Root සහ Dan Lawrence ඊයේ දින ලබා ගත් ඉනිම් වලින් ප්‍රයෝජන ගැනීමට ලැබීම විශාල සතුටක්. අපට හොඳ පිතිකරණ බලඇණියක් සිටින නිසා ඒවාගෙන් ප්‍රයෝජන ගැනීම වැදගත්. ඇත්තෙන්ම කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව අපේ ඉලක්කය වුනේ හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කර දිනය අවසානයේ ප්‍රතිවාදී කඩුලු කිහිපයක් දවා ගැනීමයි”.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<