සාන්ත ජෝසප් සහ නාලන්දා විද්‍යාල අපරාජිතවම ඉදිරි වටයට

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

665

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 5ක් (22) අද නිමා වුනා.

එම තරගවල දී සාන්ත ජෝසප්, නාලන්දා, සාන්ත පීතර, ඉසිපතන සහ මහින්ද විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගන්නට සමත් වුනා. සාන්ත ජෝසප් සහ නාලන්දා විද්‍යාල පිළිවෙළින් Tier A කොටසේ X සහ Y කාණ්ඩවලින් අපරාජිතවම ඉදිරි වටයේ සිය අසුන වෙන් කරගැනීම කැපී පෙනුණා.

දිනයේ පැවැත්වුණු තරගවල දී ශතක 4ක් වාර්තා වුනු අතර නාලන්දා විද්‍යාලයේ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩකයින් දෙදෙනෙකු වන විනුජ රන්පුල් (100), රවීන් ද සිල්වා (104) සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ශරුජන් ශන්මුගනාතන් (108) සමඟ සාන්ත පීතර විද්‍යාලයේ කඩුලු රකින පිතිකරු ලහිරු දවටගේ (117) ශතක ලබාගෙන දිනයේ කැපී පෙනුණ පිතිකරුවන් බවට පත් වුනා.

ඊට අමතරව පන්දු යවන්නන්ගේ දස්කම් සලකා බැලීමේ දී අර්ධ ශතක ලාභී තරුෂ ඩිල්ශාන් සහ ශතක ලාභී රවීන් ද සිල්වා කඩුලු 4 බැගින් ලබාගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූයේ ඔවුන් දැක්වූ පිතිකරණ දස්කම්වලට අමතරවයි.

Tier A

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් විද්‍යාලය – 316/8 (50): හිරාන් ජයසුන්දර 78*, දුනිත් වෙල්ලාලගේ 74, ශෙවෝන් ඩැනියල් 29, අභිෂේක් ජයවීර 25, මුදිත ලක්ෂාන් 25, සචින් සේනානායක 3/63

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 267/9 (50): ශරුජන් ශන්මුගනාතන් 108, ෂෙනාල් සමරතුංග 65, අශේන් ද සොයිසා 33, යොහාන් සොයිසා 21, මුදිත ලක්ෂාන් 2/32, දේශාන් සෙනවිරත්න 3/52, මුදිත ලක්ෂාන් 2/50, ශෙවෝන් ඩැනියල් 2/58.

සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 49ක ජයක්

නාලන්දා විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – නාලන්දා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය – 291/6 (50): රවීන් ද සිල්වා 104, විනුජ රන්පුල් 100, රුසිරු විලෝචන 40, කල්ප නෙත්සර 2/48, ශාරෝන් අභිෂේක් 2/65.

රිච්මන්ඩ් විද්‍යාලය – 234 (46.3): විශාර ප්‍රනාන්දු 85, ජනෙත් කෞෂාල් 39, මල්ෂ තරුපති 30, රවීන් ද සිල්වා 4/53, සජිත විතානගේ 2/44.

නාලන්දා විද්‍යාලයට ලකුණු 57ක ජයක්

Tier B

සාන්ත පීතර විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත පීතර විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණය

සාන්ත පීතර විද්‍යාලය – 275 (49.3): ලහිරු දවටගේ 117, නිමාන් උමේෂ් 42, නිමුතු ගුණවර්ධන 31, වනුජ සහන් 29, උෂාන් ගලගෙදර 3/39, තිසර ශිශාර 3/52.

ධර්මපාල විද්‍යාලය – 94 (29): පසිඳු තීක්ෂණ 24, ෂනොන් රොද්‍රිගෝ 2/06, වනුජ සහන් 2/11, දනාල් හේමානන්ද 2/15, නිමාන් උමේෂ් 2/21.

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 181ක ජයක්

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – BRC ක්‍රීඩාංගණය

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 187 (44.4): චමත් ප්‍රනාන්දු 76, විශ්ව රාජපක්ෂ 44, ආකාශ් බාලක්‍රිෂ්නන් 3/21, රන්දුනු ගංගානාත් 3/23

ඉසිපතන විද්‍යාලය – 189/7 (35.2): යසිත කළුපහන 44, තරුෂ නෙත්සර 35, තේමිය ගුණරත්න 28, රන්දුනු ගංගානාත් 20*, ධනුක නිර්මාල් 2/35, රවීන් චේතන 2/35, කෞශාන් විජේරත්න 2/42.

ඉසිපතන විද්‍යාලයට කඩුලු 3ක ජයක්

මහින්ද විද්‍යාලය සහ සාන්ත අන්තෝනි විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මහින්ද විද්‍යාල ක්‍රීඩාංගණය

මහින්ද විද්‍යාලය – 206/9 (50): තරුෂ දිල්ශාන් 50, ප්‍රමේෂ් මදුභාෂණ 45, හරීන් අචින්ත 30, රන්මිණ හෙට්ටිආරච්චි 23*, පැතුම් විහඟ 4/24, අමිත සංදීප 4/36.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 127 (42.3): අබ්දුල් රහුමාන් 64, තරුෂ ඩිල්ශාන් 4/30, හිරුන මන්දිල 2/10, කුෂාන් මධූශ 2/24

මහින්ද විද්‍යාලයට ලකුණු 79ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<