දේවපතිරාජ ක්‍රීඩකයෝ එක්දින තරගයත් ජය ගනී

189

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුලීගොඩ මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය අතර අද (11) රත්ගම මහජන පිටියේ දී පැවති මංගල එක්දින සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 140ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දේවපතිරාජ විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝන්ස් ක්‍රීඩකයෝ එක්දින තරගයත් දිනා ගනී

පානදුර රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝන්ස් විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවති හරිත සටන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන්…

ඒ අනුව මෙවර තෙවැනි වරටත් පැවති සහෝදරයන්ගේ සංග්‍රාමයේ දී සේ ම පළමු වරට පැවති එක්දින සීමිත පන්දුවාර තරගයේ දී ද ශූරතා කුසලාන දේවපතිරාජ ක්‍රීඩකයෝ සතු කර ගත්හ.

කාසියේ වාසිය දිනූ දේවපතිරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් පැතුම් මධුශංක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 102ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. පැතුම් මධුශංක මෙම තරගයේ දී සේ ම දෙදින තරගයේ දී ද ශතක වාර්තා කළ අතර තරග ද්විත්වයේ ම තරගයේ වීරයා සම්මානවලින් පිදුම් ලැබීමට ද සමත් විය.

පැතුම්ට අමතරව දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් ඉරුෂ්ක තිමිර පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ජීවක ශෂීන් අර්ධ ශතකයකට ලකුණුක් මෙපිටින් දැවී යද්දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් තම ඉනිමට එක්කර ගෙන තිබුණි. දේවපතිරාජ ඉනිම අවසන් වෙන විට කල්ප චේතිය පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මල්ෂ තරුපති ලකුණු 56කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. ඔහුට අමතර ව තවිඳු නිම්ශාන්, කවිඳු විදුරංග සහ චමෝත් කේශාන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මාදම්පා ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වුයේ සියලුම දෙනා දැවී ලකුණු 162ක් පමණි. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු සසිඳු නිමේෂ් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මතීෂ සාරංග ලකුණු 32කට කඩුලු 3ක් ලබා ගනිමින් තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් ද සම්මාන දිනා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී චමින්ද සඳරුවන් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා ලෙසින් මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ ධනුක මධුරංග නම් කෙරුණි.

දේවපතිරාජ විද්‍යාලය; සියලුම දෙනා දැවී 302 (46) ඉරුෂ්ක තිමිර 51, ජීවක ශෂීන් 49, පැතුම් මධුශංක 102, කල්ප චේතිය නොදැවී 33, තවිඳු නිම්ශාන් 2/50, මල්ෂ තරුපති 3/56, කවිඳු විඳුරංග 2/65, චමෝත් කේශාන් 2/32

මාදම්පා මධ්‍ය මහා විද්‍යාලය; සියලුම දෙනා දැවී 162 (43.3) සසිඳු නිමේෂ් 29, මල්ෂ තරුපති 22, චවිඳු අචින්ත 18, සචින් දිල්හාර 27, චමින්ද සඳරුවන් 2/21, මතීෂ සාරංග 3/32,

දුර්වල පන්දු රැකීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 332ක දැවැන්ත ඉලක්කයක්!

දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තීරණාත්මක තෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිළ තරගාවලියේ සජීවීව රැඳී සිටින්නට නම්…


රන්මිණි සටනේ දී කවිශ්ක සහ හිරුෂ අර්ධ ශතක ලබා ගනී

පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය අතර 10 වැනි වරටත් පැවැත්වෙන රන්මිණි සටනේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සීවලී මධ්‍ය මහා විද්‍යාලය වෙනුවෙන් කවිශ්ක මැදලගම සහ හිරුෂ විදුරංග අර්ධ ශතක වාර්තා කරමින් දිනයේ කැපී පෙණෙන පිතිකරුවන් වූහ.

අද (11) පැල්මඩුල්ල, ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක සීවලී මධ්‍ය මහා විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට දීමට පිවිසෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්හ. එයින් සෑහීමකට පත් වූ ඔවුන් ප්‍රතිවාදී සත්කාරකයන්ට පන්දුවට පහර දීම ආරාධනා කළ අතර තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 42ක් ලබා සිටියහ.

සීවලී ඉනිම වෙනුවෙන් කවිශ්ක මැදලගම පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබා ගත්තේ ය. ඊට අමතරව හිරුෂ විදුරංග පන්දු 82කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 69ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා 7 වැනි කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී පුබුදු ශෂිලාල්, ජනිත් ලක්ෂාන් සහ ලහිරු ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශෙහාන් දිනුක ය. ඔහු ලකුණු 19ක් ලබා ගත්තේ ය. තරගය පළමු දිනයට නතර කරන විට සචින්ත ද සිල්වා නොදැවී ලකුණු 18ක් ලබා සිටියේ ය.

පන්දු යැවීමේ දී සුඛිත ධම්සර ලකුණු 17කට කඩුලු 2ක් දවා ගනිමින් දැවී ගිය කඩුලු දෙකේ ම හිමිකාරිත්වය ඔහු සතු කර ගත්තේ ය.

තරගය හෙට (12) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිත ය.

සීවලී මධ්‍ය මහා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 203 (53.5) නුවන් චාරුක 22, කවිශ්ක මැදලගම 70, හිරුෂ විදුරංග 69, ලහිරු ප්‍රනාන්දු 3/40, ජනිත් ලක්ෂාන් 3/46, පුබුදු ශෂිලාල් 3/77

ගංකන්ද මධ්‍ය මහා විද්‍යාලය ; පළමු ඉනිම (පළමු දිනයට නතර කරන විට) කඩුලු 2ක් දැවී 42 (11) ශෙහාන් දිනුක 19, සචින්ත ද සිල්වා නොදැවී 18, සුඛිත ධම්සර 2/17

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<