නාලන්දා සහ රාජකීයයට දැවැන්ත ජයග්‍රහණ

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

2573
U19 Division 1 Roundup

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 7ක් අද (16) පැවැත්වුනා.

එම තරගවල දී රාජකීය, නාලන්දා, සාන්ත බෙනඩික්ට්, මහානාම, ධර්මරාජ, සාන්ත පීතර සහ ආනන්ද විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් වුනා.

දිනයේ ක්‍රියාත්මක වුනු තරග අතරින් වාර්තා වුනු එකම ශතකයේ හිමිකරු බවට පත්වුණු ආනන්ද විද්‍යාලයේ මිනෙත් ප්‍රේමරත්න ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

අවසානයේ දී ලකුණු 87ක ජයක් ලබා ගත් අපරාජිත ආනන්ද විද්‍යාලය සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අපරාජිත ගමන නිමා කළා. ආනන්ද විද්‍යාලයේ ක්‍රීඩකයෙක් මෙවර එක්දින තරග වාරය තුල ලබා ගත් තෙවැනි ශතකය මෙය වන අතර මීට පෙර නායක නෙත්ම කරුණාරත්න සහ නුශාල් ධර්මරත්න ශතක ලබා ගත්තා.

සාන්ත පීතර විද්‍යාලයේ කඩුලු රකින පිතිකරු ලහිරු දවටගේ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී ලකුණු 83ක් ලබාගෙන මෙවර තරගාවලිය තුල නොකඩවා වාර්තා කර ගත් සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කරගත්තා.

ඊට අමතරව නායක වනුජ කුමාර ද නොදැවී ලකුණු 86*ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියා. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාල අපරාජිත ගමන නිමා කරමින් කඩුලු 6ක ජයක් ලබා ගත් සාන්ත පීතර විද්‍යාලය දැනට අපරාජිතව Tier B කොටසේ X කාණ්ඩයේ පෙරමුණ දිනා ගැනීමට සමත්ව සිටිනවා.

දිනයේ වාර්තා වුනු කැපී පෙනුණ ජයග්‍රහණ ලබා ගත් කොළඹ රාජකීය සහ නාලන්දා විද්‍යාල පිළිවෙළින් කුරුණෑගල සාන්ත ආනා සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාල පරාජයට පත් කළා.

රාජකීය විද්‍යාලය මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගය මෙය වන අතර දිනෙත් සමරවීරගේ නායකත්වයෙන් යුත් අපරාජිත නාලන්දා විද්‍යාලය දැනට Tier A කොටසේ Y කාණ්ඩයේ පෙරමුණ දිනාගෙන තිබෙනවා.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් යසිරු සමරකෝන් (ලකුණු 84), ශ්‍රී ලංකා 19න් පහළ ලෝක සංචිතය නියෝජනය කළ විනුජ රන්පුල් (ලකුණු 77*), ශ්‍රී ලංකා 19න් පහළ හිටපු උපනායක රවීන් ද සිල්වා (ලකුණු 68*) සහ රුසිරු විලෝචන (ලකුණු 58) අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

පන්දු යැවීමේ දී තරගාවලියේ දැනට වාර්තා වුනු තෙවැනි කඩුලු 6 දස්කම වාර්තා කරගන්නට නාලන්දා නායක දිනෙත් සමරවීර  (6/14) සමත් වුනා. ලිසුර සිගේරා ලකුණු 30කට කඩුලු 4යි.

ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ සදීෂ රාජපක්ෂ (ලකුණු 64, කඩුලු 2/25) සහ දසිස් මංචනායක (ලකුණු 68*) සාන්තා ආනා විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් දස්කම් අතරට පැමිණියා.

Tier A

මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – මාතර සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩාංගණය

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 113/9 (34): දුමිඳු සක්ෂර 37, සචිර රශ්මික 29, අශේන් ද සොයිසා 3/13.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 117/7 (27): ෂෙනාල් සමරතුංග 39, කූජිත හිම්සර 23, හරිඳු ජයසේකර 3/24, සිනෙත් දිසානායක 2/15, ලෝෂිත දික්ෂිත 2/15.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – රාජකීය විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණය

රාජකීය විද්‍යාලය – 218/6 (50): දසිස් මංචනායක 68*, සදීෂ රාජපක්ෂ 64, සිනෙත් ජයවර්ධන 49, පසිඳු තෙන්නකෝන් 2/32.

සාන්ත ආනා විද්‍යාලය – 89 (30.1): ඩෑන් පොඩ්ඩිවෙල 2/12, ගිශාන් බාලසූරිය 2/14, සදීෂ රාජපක්ෂ 2/25.

රාජකීය විද්‍යාලයට ලකුණු 129ක ජයක්

කඳාන ද මැසනොඩ් විද්‍යාලය සහ මහානාම විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – මහානාම විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ද මැසනොඩ් විද්‍යාල ක්‍රීඩාංගණය

ද මැසනොඩ් විද්‍යාලය – 206/9 (48): අශේන් සිල්වා 46, සිහින සිතුමිණ 24, රුවීන් ෆොන්සේකා 23, දුවිඳු රණතුංග 4/42, දෙවිඳු කැකිරිදෙනිය 2/38, ඉනුක කරන්නාගොඩ 2/38.

මහානාම විද්‍යාලය – 209/6 (42.5): සචිර වැලිවත්ත 52*, කවිඳු අමාමෙත් 46, අංජල බණ්ඩාර 40, සිතුම් ප්‍රනාන්දු 3/39, තුෂාන් උදයංග 2/39.

මහානාම විද්‍යාලයට කඩුලු 4ක ජයක්

නාලන්දා විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය – Y කාණ්ඩය

  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය  – 296/2 (50): යසිරු සමරකෝන් 84, විනුජ රන්පුල් 77*, රවීන් ද සිල්වා 68*, රුසිරු විලෝචන 58.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 45 (27): දිනෙත් සමරවීර 6/14, ලිසුර සිගේරා 4/30.

නාලන්දා විද්‍යාලයට ලකුණු 251ක ජයග්‍රහණයක්

Tier B

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය –  X කාණ්ඩය

  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – වත්තල සාන්ත අන්තෝනි ක්‍රීඩාංගණය

ධර්මරාජ විද්‍යාලය – 226/9 (50): ඉසුරු පන්නල 47, සචිත්‍ර දිසානායක 46, ප්‍රවීන් තීක්ෂණ 32, තිසරු වන්නිනායක 24*, ප්‍රසාද් මදුරංග 4/55, පැතුම් විහඟ 2/25.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 140 (43.2): පැතුම් විහඟ 43, අමිත සංදීප 35, අබ්දුල් රහුමාන් 26, පුලිඳු පෙරේරා 4/24, දුලාර බන්දුලසේන 2/13, සදීප රත්නායක 2/40.

ධර්මරාජ විද්‍යාලයට ලකුණු 86ක ජයක්

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – කදිරාන ක්‍රීඩාංගණය

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 233/6 (50): හංසජ හිරුන 73*, සදෙව් රත්නායක 48, කවීන් ප්‍රනාන්දු 40, කවිත දිනල්‍ය 27, මහිඳු මලිත් 27, ශනොන් රොද්‍රිගෝ 3/48.

සාන්ත පීතර විද්‍යාලය – 234/4 (35.3): වනුජ සහන් 86*, ලහිරු දවටගේ 83, ශේනාල් බොතේජු 32, සචිරු හංසල 2/32.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 6ක ජයක්

ආනන්ද විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාලය – 230/4 (47): මිනෙත් ප්‍රේමරත්න 100*, හංසජ ජයසිංහ 55*, ඉරුත් ගිම්ශාන් 53,

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 143 (43): චාර්ය යසාර 36, දිනෙත් නිම්සර 20, ශක්ති උදාර 2/18, හංසජ ජයසිංහ 2/28

ආනන්ද විද්‍යාලයට ලකුණු 87ක ජයක්

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (17) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<