දුනිත්, චමිඳු සහ ලහිරුගෙන් වැඩි දක්ෂතා

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

1659

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් එක්දින තරගාවලියේ තරග 5ක් අද (14) පැවැත්වුනා.

එම තරගවල දී මරදාන සාන්ත ජෝසප්, ගාල්ල සාන්ත ඇලෝසියස්, මහනුවර සාන්ත අන්තෝනි, බම්බලපිටිය සාන්ත පීතර සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරගන්නට සමත් වුනා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති තරගයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් නැවත වරක් සුපිරි දස්කම් ප්‍රදර්ශනය කිරීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුනා. එහි දී ඔහු ලකුණු 14කට කඩුලු 5ක් දවාගෙන දස්කම් දැක්වූ අතර අවසානයේ දී සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සමත් වුනේ සිය අපරාජිත ගමන තවදුරටත් රැකගෙනයි.

කඩුලු රකින පිතිකරු ලහිරු දවටගේ ලබා ගත් අගනා අර්ධ ශතකය සහ දනාල් හේමානන්ද (44 සහ 2/27) දැක්වූ තුන් ඉරියව් දස්කම් නිසාවෙන් ධර්මරාජ විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 158කින් ජය ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකියාව ලැබුණා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර පැවති තරගයෙන් ලකුණු 78ක ජයක් ලබා ගැනීමට සාන්ත අන්තෝනි විද්‍යාලය සමත් වීමත් සමඟ, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අපරාජිත ගමන නිමා වුනා.

එහි දී ශ්‍රී ලංකා 19න් පහළ නියෝජනය කළ චමිඳු වික්‍රමසිංහ නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ලකුණු 76ක් ලබා ගත්තා. ඊට අමතරව අසිත වන්නිනායක (52 සහ 2/43) වාර්තා කර ගත් අර්ධ ශතකයට අමතරව පන්දු යැවීමෙන් ද කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

Tier A

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත තෝමස් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 75 (28.1): දුනිත් වෙල්ලාලගේ 5/14, මුදිත ලක්ෂාන් 2/13.

සාන්ත ජෝසප් විද්‍යාලය – 80/1 (14.3): සදීෂ් ජයවර්ධන 32, ශෙවෝන් ඩැනියල් 30*

සාන්ත ජෝසප් විද්‍යාලයට කඩුලු 9ක ජයක්


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණය

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය – 251 (50): චමිඳු වික්‍රමසිංහ 76, අසිත වන්නිනායක 52, මොහොමඩ් අකීල් 27*, කවිඳු ෂෙහාන් 25, අනීෂ මදුමල්ක 2/35, ඩිලාන් තාබ්රු 2/36, චමත් චාතුර්ය 2/47, ශාරුජන් ශන්මුගනාතන් 2/55

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 173 (40.3): යොහාන් සොයිසා 38*, ඩිලාන් තාබ්රු 35, කූජිත හිම්සර 34, පසන් සුවහස් 24, දිව්යේෂ් රාමයියා 3/36, ට්‍රෙවින් මැතිව් 2/19, ජයෝද්‍ය අමරසේන 2/21, අසිත වන්නිනායක 2/43.

සාන්ත අන්තෝනි විද්‍යාලයට ලකුණු 78ක ජයක්


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – සාන්ත තෝමස් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – උයන්වත්ත ක්‍රීඩාංගණය

මාතර සාන්ත තෝමස් විද්‍යාලය – 112 (35.3): පසිඳු සංජන 24, සන්දීෂ් ප්‍රනාන්දු 3/22, ශෙනිත් ප්‍රනාන්දු 2/27, ක්‍රිෂේන් පෙරේරා 2/27.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 117/8 (37.1): සනේෂ් ප්‍රනාන්දු 33, රයන් දිසානායක 23, හරිඳු ජයස්කෙර 2/12, සචිර රශ්මික 2/27.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 2ක ජයක්


Tier B

සාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය – X කාණ්ඩය

  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ධර්මරාජ ක්‍රීඩාංගණය

සාන්ත පීතර විද්‍යාලය – 267 (49.2): ලහිරු දවටගේ 83, දනාල් හේමානන්ද 44, ශෙනාල් බොතේජු 44, ශන්ශයි ගුණතිලක 37, මලීෂ රාජකරුණා 3/37.

ධර්මරාජ විද්‍යාලය – 109 (28): දුෂ්‍යන්ග ගුණසිංහ 21, ශනොන් රොද්‍රිගෝ 2/09, දනාල් හේමානන්ද 2/27

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 158ක ජයක්


ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය – Z කාණ්ඩය

  • කාසියේ වාසිය – තර්ස්ටන්
  • ක්‍රීඩාංගණය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 142 (48.4): විශ්ව ඉඳුනිල් 32*, දුල්මිණ දසුන් 30, චාර්ය යසාර 24, තනුග පලිහවඩන 4/21, තේනුක දේවප්‍රිය 2/20.

තර්ස්ටන් විද්‍යාලය – 86 (27.1): තරිඳු හර්ෂණ 47, ආධිත්‍ය අබේවර්ධන 3/10, භාෂණ ද සිල්වා 2/09, දුල්මිණ දසුන් 2/10, ඉඳුවර උදාන 2/15.

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ලකුණු 56ක ජයක්

තරගාවලියේ තවත් තරග කිහිපයක් හෙට (15) පැවැත්වීමට නියමිත අතර ඒ අතරින් තර්ස්ටන් විද්‍යලය සහ සහිරා විද්‍යාලය අතර පැවැත්වෙන තරගය ThePapare.com සහ Batsman.com සම නිෂ්පාදනයක් ලෙස ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<