ඉසිපතන, ත්‍රිත්ව සහ මලියදේව විද්‍යාල දිනයේ ජයග්‍රහණ ලබාගනියි

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

510

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ තරග 2ක් සහ Tier B කොටසේ එක් තරගයක් අද (4) පැවැත්වුණා. 

එහි දී කුරුණෑගල මලියදේව, ඉසිපතන සහ ත්‍රිත්ව විද්‍යාල යන කණ්ඩායම් ජයග්‍රහණ හිමි කරගත් අතර ඔවුන් හමුවේ පිළිවෙළින් කටුගස්තොට සාන්ත අන්තෝනි, ආනන්ද සහ නාලන්දා යන විද්‍යාල පරාජයට පත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය (Tier A කොටස – Y කාණ්ඩය)

මලියදේව ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. පැවති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 46කට සීමා වුනු මෙම තරගයේ මලියදේව විද්‍යාලය ලකුණු 209ක ඉලක්කයක් සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා දුන්නා. නමුත් ප්‍රබල සාන්ත අන්තෝනි ඉනිම ලකුණු 200කට සීමා කළ මලියදේව විද්‍යාලය තියුණු සටනකට පසුව ලකුණු 8කින් තරගය ජයගත්තා. එහි දී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් මොහොමඩ් අකීල් අර්ධ ශතකයක් රැස් කරගත් අතර චානුක හේරත් කඩුලු 4ක් දවා ගත්තා.

මලියදේව විද්‍යාලය – 208/6 (46): රමේෂ් තෙන්නකෝන් 30*

සාන්ත අන්තෝනි විද්‍යාලය – 200 (45.5): මොහොමඩ් අකීල් 58, කවිඳු හේෂාන් 30, ඉඳුවර ගලපිටගේ 26, චානුක හේරත් 4/34, ගයන වීරසිංහ 3/40, රවීෂ බාලසූරිය 2/35.

මලියදේව විද්‍යාලයට ලකුණු 8ක ජයක්.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර තරගය (Tier A කොටස – X කාණ්ඩය)

අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නාලන්දා විද්‍යාලය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ත්‍රිත්ව විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 211ක් රැස් කරගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නාලන්දා විද්‍යාලයට සියලුදෙනා දැවී වාර්තා කරගැනීමට හැකි වුනේ ලකුණු 152ක් පමණයි. ඒ අනුව මෙම තරගය ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 59කින් ජයගත්තා.

ත්‍රිත්ව විද්‍යාලය 211 (44.1):

නාලන්දා විද්‍යාලය – 152 (41.5): රුසිරු විලෝචන 70, තීරක රණතුංග 4/43.

ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 59ක ජයක්

ඉසිපතන විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය අතර තරගය (Tier B කොටසේ – X කාණ්ඩය)

ඉසිපතන ආරම්භක පිතිකරු තරුෂ නෙත්සරගේ ශතකයෙන් වර්ණවත් වුනු මේ තරගය කොළඹ බී. ආර්. සී. පිටියේ දී ක්‍රියාත්මක වුනා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර අවසානයේ දී ඔවුන් කඩුලු 9ක් දැවී ලකුණු 241ක් රැස් කිරීමට සමත් වුනා. ලකුණු 242ක ඉලක්කය හඹා ගිය ආනන්ද පිතිකරුවන් සියලුදෙනා ලකුණු 148කට දැවී ගියා. පන්දු යැවීමේ දී සිතුක ගුණවර්ධන සහ දසිත් සෙනාල් අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියා.

ඉසිපතන විද්‍යාලය – 241/9 (50): තරුෂ නෙත්සර 113, නවීන් කණිෂ්ක 47, කෙවින් සැමුවෙල් 27, තාරුක අශෙල් 22, අයේෂ් ශෂිමාල් 2/40, ඉඳුවර විජේරත්න 2/44.

ආනන්ද විද්‍යාලය – 148 (37.4):මලීෂ පෙරේරා 45, ඉරුත් ගිම්ෂාන් 30, ඉඳුවර විජේරත්න 20, සිතුක ගුණවර්ධන 3/20, දසිත් සෙනාල් 3/40, කෙවින් සැමුවෙල් 2/23.

ඉසිපතන විද්‍යාලයට ලකුණු 93ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<