18න් පහළ තෙවන ස්ථානය සාන්ත පීතර විදුහලට

297
U18 Division 1 Schools Football

වයස අවුරුදු 18න් පහළ පළමු පෙළ පාසල් පාපන්දු තරගාවලියේ තෙවන ස්ථානය සඳහා වූ තරගයෙන් සහිරා විද්‍යාලයට එරෙහිව දඬුවම් පහර මගින් ගෝල 4-3 ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලය සමත් විය. තරගය කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේ දී පැවැත්විය.

18න් පහළ පාපන්දු ශූරතාවය අඛණ්ඩව දෙවන වරටත් ජෝසප්වරුන්ට

වයස අවුරුදු 18න් පහළ පළමු කාණ්ඩයේ පාසල් පාපන්දු ශූරතාවලියේ අද (30) කොළඹ තුරග..

අවසන් පූර්ව තරගවල දී සහිරා විද්‍යාලය  සාන්ත ජෝසප් විද්‍යාලය හමුවේ දඬුවම් පහර 4-3ක් ලෙස පරාජය විය.  

අනෙක් අවසන් පූර්ව තරගයේ දී සාන්ත පැට්‍රික් විද්‍යාලය හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වීමට සාන්ත පීතර විද්‍යාලයට සිදු විය.

පරාජය වූ කණ්ඩායම් ද්විත්වය 3 වන ස්ථානය සඳහා තරග කළේය.

සාන්ත පීතර විද්‍යාලය මෙම තරගයට අවතීර්ණ වූයේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙක් නොමැතිව වුවත් ඔවුන්ගේ අඩුව පුරවන්නට වගබලා ගත්තේ ශබීර් රාසූනියා විසිනි.

සහිරා විද්‍යාලය තරගය ආරම්භ වූ  මොහොතේ පටන් ගෝල කිහිපයක් ලබා ගැනීමට උත්සාහ කළත් ඒවා සාර්ථකව මැඩලීමට සාන්ත පීතර විද්‍යාලයේ ගෝ රකින ක්‍රීඩක ඉස්‍රවේලු මිතුර්ශාන් සමත් විය.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ පාපන්දු කණ්ඩායම අවස්ථාවන් කිහිපයක දී ම   නියෝජනය කර ඇති රාසූනියා සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් දක්ෂ සැලසුමක් ඇතිව ක්‍රීඩා කළේ තරගය කෙසේ හෝ ජය ගැනීමටයි.

දෙවැනි අර්ධයේ මුල් මිනිත්තු කිහිපය තුළ ක්‍රීඩා කළ ලෙස ක්‍රීඩා කිරීමට සහිරා විද්‍යාලය සමත් වුවත් ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක වූයේ නැත.

පළමු අර්ධයේ ක්‍රීඩා කළ ආකාරය තරමක් වෙනස් කරමින් ක්‍රීඩා කිරීමට සාන්ත පීතර ක්‍රීඩකයින් අවස්ථා කිහිපයක දී ම වෑයම් කළත් එම අවස්ථා නිසියාකාරව ගෝලය තුළට පතිත නොවීය. ඒ අතුරෙන් වඩාත් ආසන්නතම අවස්ථාව ලෙස ඩැනියල් මැග්‍රාත් හා මොහොමඩ් ආකීබ් ලබා ගැනීමට උත්සාහ කළ ගෝල දෙක හැදින්විය හැක.

ශබීර් රාසූනියා සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ගෝල කිහිපයක්ම සාර්ථක කර ගැනීමට උත්සාහ කළත් එ්වා අසාර්ථක විය.

සම්පූර්ණ කාලය අවසානයේ – සාන්ත පීතර විද්‍යාලය 0-0 සහිරා විද්‍යාලය

ප්‍රථම අර්ධයේ දීත්, දෙවැනි අර්ධයේ දීත් කණ්ඩායම් ද්විත්වයම ගෝල ලබා නොගැනීම නිසා තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා දඬුවම් පහර වටය භාවිතා විය.

4-3ක් ලෙස දඬුවම් පහර වටයේ දී සාර්ථක වූ සාන්ත පීතර විද්‍යාලය තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගන්නා ලදි.

දඬුවම් පහර – සාන්ත පීතර විද්‍යාලය 4-3 සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ශබීර් රාසූනියා (සාන්ත පීතර විද්‍යාලය)

කහ කාඩ්පත් – සාන්ත පීතර විද්‍යාලය – කවීශ කවිශාන් 67’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<