ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මැයි මස 23 වැනිදා සිට පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.
මෙම තරගාවලිය මීට පෙර මැයි මස 13 වැනිදා පැවැත්වීමට යෝජිතව තිබුණ ද පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ එය කල් දැමුණ අතර නැවත තරග ආරම්භ වීමේ දී පෙර නම් කර තිබූ පරිදි ම තරගාවලිය කාණ්ඩ ද්විත්වයක් යටතේ පැවැත් වෙනවා.
Group A
Ragama CC, Leo CC, United Southern SC, Moratuwa SC, Negombo CC, Kurunegala CC
Group B
Army SC, Chilaw Marians CC, Galle CC, Navy SC, Sebastianite C & AC, Kandy Custom SC
තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 31 වැනිදා අවසන් වෙන අතර ඒ අතුරින් කාණ්ඩ ද්විත්වයේ පළමු ස්ථාන 4 දිනා ගන්නා කණ්ඩායම් සහභාගී වන අර්ධ අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 3 වැනි පැවැත්වීමට නියමිතයි.
එම තරගවලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් පූර්ව වටයේ තරග ජුනි මස 5 වැනිදා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර අවසන් මහා තරගය ජුනි මස 7 වැනිදා කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි. එම තරග කාලයට වර්ෂාවෙන් බාධාවක් වේ නම් ඊට පමණක් අතිරේක කාලයක් නම් කර තිබෙනවා.
- නවසීලන්ත කාන්තා A කණ්ඩායමට එරෙහි T20 තරගාවලියේ නායකත්වයත් සත්යා ට
- 2026 LPL වෙනුවෙන් ගාල්ල වෙනස් මුහුණුවරකින්
- Tier B විස්සයි විස්ස තරගාවලියට දින කියයි
- පාකිස්තානය දෙසින් හමන මෙන්ඩිස් මාරුතය
- සාන්තුවරයන්ගේ එක්දින සටනේ ජය ජෝසප්වරුන්ට
තරගාවලියේ නවකාලසටහන
| Date | Time | Host | Opponent | Venue |
| 23rd May | 9.45am-12.55pm | Ragama CC | Kurunegala CC | Navy-Welisara |
| 2pm-5.10pm | Army SC | Kandy Custom SC | Navy-Welisara | |
| 9.45 am-12.55pm | Chilaw | Sebastianite C & AC | Police | |
| 2pm-5.10pm | Leo CC | Negombo CC | Police | |
| 9.45am-12.55pm | Moratuwa SC | United Southern SC | BRC | |
| 2pm-5.10pm | Navy SC | Galle CC | BRC | |
| 25th May | 9.45am-12.55pm | Sebastianite C & AC | Army SC | BRC |
| 2pm-5.10pm | Negombo CC | Ragama CC | BRC | |
| 9.45 am-12.55pm | Kurunegala CC | Moratuwa SC | Panadura | |
| 2pm-5.10pm | Navy SC | Kandy Custom SC | Panadura | |
| 9.45am-12.55pm | Galle CC | Chilaw | Air Force | |
| 2pm-5.10pm | United Southern SC | Leo CC | Air Force | |
| 27th May | 9.45am-12.55pm | Army SC | Navy SC | Police |
| 2pm-5.10pm | Moratuwa SC | Ragama CC | Police | |
| 9.45 am-12.55pm | Negombo CC | United Southern SC | Moratuwa | |
| 2pm-5.10pm | Galle CC | Sebastianite C & AC | Moratuwa | |
| 9.45am-12.55pm | Kurunegala CC | Leo CC | BRC | |
| 2pm-5.10pm | Kandy Custom SC | Chilaw | BRC | |
| 29th May | 9.45am-12.55pm | Galle CC | Army SC | BRC |
| 2pm-5.10pm | United Southern SC | Ragama CC | BRC | |
| 9.45 am-12.55pm | Chilaw | Navy SC | Air Force | |
| 2pm-5.10pm | Leo CC | Moratuwa SC | Air Force | |
| 9.45am-12.55pm | Sebastianite C & AC | Kandy Custom SC | Surrey | |
| 2pm-5.10pm | Negombo CC | Kurunegala CC | Surrey | |
| 31st May | 9.45am-12.55pm | Ragama CC | Leo CC | Dombagoda |
| 2pm-5.10pm | Army SC | Chilaw | Dombagoda | |
| 9.45 am-12.55pm | Kandy Custom SC | Galle CC | Navy-Welisara | |
| 2pm-5.10pm | Kurunegala CC | United Southern SC | Navy-Welisara | |
| 9.45am-12.55pm | Moratuwa SC | Negombo CC | Air Force | |
| 2pm-5.10pm | Navy SC | Sebastianite C & AC | Air Force | |
| 3rd June | 9.45am-12.55pm | A1 | B4 | Moratuwa |
| 2pm-5.10pm | B1 | A4 | Moratuwa | |
| 9.45am-12.55pm | A2 | B3 | Navy-Welisara | |
| 2pm-5.10pm | B2 | A3 | Navy-Welisara | |
| 5th June | 9.45am-12.55pm | Winner-QF 1 | Winner-QF 4 | Surrey |
| 2pm-5.10pm | Winner-QF 2 | Winner-QF 3 | Surrey | |
| 7th June | 9.45am-12.55pm | Winner Semi 1 | Winner Semi 2 | Colts |
| 2pm-5.10pm | Rain Reserve | |||
අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















