සාන්ත සෙබස්තියන්ස් විද්‍යාලයට ඉනිමක ජයක්

19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

259

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (18) නිමා වූ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගයෙන් ඉනිමක සහ ලකුණු 170ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සංචාරක සාන්ත සෙබස්තියන්ස් ක්‍රීඩකයෝ සමත් වුනා.

කුරුණෑගල දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනා විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 81ක් පමණයි. ඊට පිළිතුරු ලෙසින් සාන්ත සෙබස්තියන්ස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 353ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූවා.

අද උදෑසන ම සත්කාරක සාන්ත ආනා ක්‍රීඩකයෝ පිටියට පිවිසියේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 272ක් පිටුපසින් සිටිමින්. එහෙත් ඔවුන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 102ක් පමණයි.

එම ඉනිම ඒ තරමින් පාලනය කිරීමේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ මනුජ චන්තුක ලකුණු 29කට කඩුලු 5ක් දවා ගත්තා.

පරාජිත සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් බුද්ධිම සහන් පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

  • සාන්ත ආනා විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (24.2) බුද්ධිම සහන් 41, සජාන් විජේරත්න 4/35, යශින් ප්‍රනාන්දු 3/16
  • සාන්ත සෙබස්තියන් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 353 (64) රයන් දිසානායක 78, සනේශ් ප්‍රනාන්දු 64, මහේන් සිල්වා 51, සංදේශ් ප්‍රනාන්දු 41, නදීශ ප්‍රනාන්දු 48, ආලෝක ප්‍රනාන්දු නොදැවී 20, කළිඳු විජේසිංහ 2/80
  • සාන්ත ආනා විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 102 (46.2) බුද්ධිම සහන් 31, චමිත් සසේන්ජන 20, සංදේශ් ප්‍රනාන්දු 2/11, මනුජ චන්තුක 5/29, යශින් ප්‍රනාන්දු 3/24

සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 170ක ජයග්‍රහණයක්.

තරගාවලියේ තවත් උණුසුම් පුවත් සමගින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<