සාන්ත ඇලෝසියස් විද්‍යාලයෙන් පෙරළිකාර ජයග්‍රහණයක්

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2023

501

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (18) ක්‍රියාත්මක වුනා.

ධර්මරාජ විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය (Tier B)

Tier B කොටසේ තරගයක් ලෙස මහනුවර ධර්මරාජ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම දෙදින තරගයෙන් ඉනිමක සහ ලකුණු 18ක ජයක් ලබා ගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලය තරගාවලිය තුල ලබා ගත් දෙවැනි පූර්ණ තරග ජයග්‍රහණය වාර්තා කළා.

සිය පළමු ඉනිම දියත් කළ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් මලීෂ හේරත් සහ පුලිඳු පෙරේරා අර්ධ ශතක ලබා ගත්තා. පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් ඉඳුවර උදේන, චාර්ය පරණවිතාන සහ දිනෙත් නිම්සර අර්ධ ශතක ලබා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔවුන් සිය පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 332ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූවා.

ලකුණු 124ක පළමු ඉනිමේ අවාසියක් අතැතිව සිය දෙවැනි ඉනිම දියත් කළ ධර්මරාජ ඉනිම ලකුණු 106කට සීමා කළ කලන පැතුම් (කඩුලු 5) ඇලෝසියස් කණ්ඩායමට සුපිරි ජයක් ලබා ගැනීමට අවශ්‍ය වුනු දස්කම් පෙන්නුම් කළා.

ධර්මරාජ විද්‍යාලය – 208 (57.3): මලීෂ හේරත් 51, පුලිඳු පෙරේරා 50, ඔනජිත් සිල්වා 34, ඉඳුවර උදේන 4/34 & 106/10 (37.4): දුලර බන්දුලසේන 32*, කලන පැතුම් 5/20

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 332/9d (58.5): ඉඳුවර උදේන 71, චාර්ය පරණවිතාන 60, දිනෙත් නිම්සර 56, පුලිඳු පෙරේරා 3/39, තිසරු වන්නිනායක 3/77

සාන්ත ඇලෝසියස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 18ක ජයක්

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය

කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ගිල්මෝ ජයසූරිය අනුස්මරණ කුසලානය වෙනුවෙන් 118 වැනි වරටත් පැවැත්වුණු සාන්ත ජෝසප් – සාන්ත තෝමස් තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට සාන්ත ජෝසප් විද්‍යාලය සිය පළමු ඉනිමට, කිසිවෙක් නොදැවී ලකුණු 33ක් ලබාගෙන සිටියා.

දකුණතින් දඟපන්දු යවන චාරුක පීරිස්ගේ දස්කම් නිසාවෙන් සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 166කට අවසන් වුනා. එහි දී වැඩිම ලකුණු ලාභියා වුනේ සාන්ත ජෝසප් නායක සදීෂ් ජයවර්ධනයි (ලකුණු 33).

ලකුණු 119ක පළමු ඉනිමේ  වාසියක් ලබාගත් සාන්ත තෝමස් විද්‍යාලය නැවත වරක් සාන්ත ජෝසප් විද්‍යාලයට සිය දෙවැනි ඉනිම දියත් කිරීමට අවස්ථාව ලබා දුන්නා. එහි දී පළමු ඉනිමට සාපේක්ෂව ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දීමට සදීෂ් සහ සහන් දාබරේ යන සාන්ත ජෝසප් ආරම්භක පිතිකරුවන් යුගලය සමත් වුනා.

එහි දී සදීෂ් ලකුණු 78ක් ලබාගෙන සාන්ත ජෝසප් දෙවැනි ඉනිම ඔසවා තබමින් සාන්ත ජෝසප් ලකුණු සටහන ස්ථාවර කළා. අවසානයේ දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

සාන්ත තෝමස් විද්‍යාලය – 285/9d (88.2): නේතන් කල්දේරා 113, සෙනේෂ් හෙට්ටිආරච්චි 59, තිශේන් ඇහැලියගොඩ 46, මුදිත දිසානායක 5/43

සාන්ත ජෝසප් විද්‍යාලය – 166 (55.5): සදීෂ් ජයවර්ධන 33, මානස මදුභාෂණ 25*, චාරුක පීරිස් 4/27, අභීත් පරණවිදාන 3/49. & (F/O) – 197/4 (51): සදීෂ් ජයවර්ධන 78, සහන් දාබරේ 40

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<