ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට තවත් පූර්ණ තරග ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

215

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සුහද දෙදින ක්‍රිකට් තරග දෙකක් අද (16) ගල්කිස්සේ දී සහ අම්බලන්ගොඩ දී ක්‍රියාත්මක වුනා.

එහි දී ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලයට හැකි වුනා. එය සාන්ත තෝමස් කණ්ඩායම මෙවර තරග වාරය තුල ලබා ගත් දෙවැනි පූර්ණ තරග ජයග්‍රහණයයි.

සාන්ත තෝමස් – ඉසිපතන තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිටියා.

දිනය ආරම්භයේ දී ම ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවමින් ඉසිපතන විද්‍යාලයට සිය පිළිතුරු දෙවැනි ඉනිම දියත් කිරීමට අවස්ථාව ලබා දුන් අතර ඉනිමක පරාජයෙන් ගැලවීමට ඉසිපතන විද්‍යාලයට ලකුණු 170ක ඉලක්කයක් හිමි වුනා.

එහි දී තේමිය ගුණරත්න සහ වේගපන්දු යවන ක්‍රීඩක කෙවින් සැමුවෙල් පිළිවෙළින් ලකුණු 47ක් සහ ලකුණු 34ක් ලබාගෙන ඉසිපතනය ඉනිමක පරාජයෙන් ගලවා ගත් අතර නේතන් කල්දේරා (පළමු ඉනිමේ ද කඩුලු 4) සහ චාරුක පීරිස් කඩුලු 4 බැගින් දවාගෙන ඉසිපතන දෙවැනි ඉනිම අවසන් කළා.

ඒ අනුව සාන්ත තෝමස් විද්‍යාලයට ලකුණු 4ක ඉලක්කයක් සිය ජයග්‍රහණය සඳහා හිමිවුණු අතර සාන්ත තෝමස් කණ්ඩායම එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • ඉසිපතන විද්‍යාලය – 31 (20.3): ආකාශ් ප්‍රනාන්දු 5/08, නේතන් කල්දේරා 4/11 සහ 173 (57.3): තේමිය ගුණරත්න 47, කෙවින් සැමුවෙල් 34, නවීන් කනිෂ්ක 21, නේතන් කල්දේරා 4/41, චාරුක පීරිස් 4/63, ආකාශ් ප්‍රනාන්දු 2/41.
  • සාන්ත තෝමස් විද්‍යාලය – 201/4 (39.3): රොමේෂ් මෙන්ඩිස් 70, සෙනේෂ් හෙට්ටිආරච්චි 51*, සේනාධි බුලන්කුලම 29, මහිත් පෙරේරා 30*.

සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 9ක ජයක්

දිනයේ පැවති අනෙක් තරගය අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහි දී කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 130ක් පමණයි. එහි දී ධර්මාශෝක විද්‍යාලයේ රන්දුල් සමරහේවාව අර්ධ ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූ අතර මලියදේව විද්‍යාලය වෙනුවෙන් දිමත් අබේසිංහ කඩුලු 5ක දස්කමක් දැක්වූවා.

ධර්මාශෝක විද්‍යාලය සහ මලියදේව විද්‍යාලය

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 130 (44.4): රන්දුල් සමරහේවා 58, චානුක ද සිල්වා 26*, දිමත් අබේසිංහ 5/30, හරසර සිල්වා 3/05.

මලියදේව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 2/0 (4)

තරගාවලියේ සියලුම තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<