ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාලසටහන එළි දැක්වේ; වසරේ ක්‍රීඩකයා මෝඩ්රික්

171

2018-19 තරග වාරය සඳහා UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ තේරීම ඉකුත් 30 වැනිදා ප්‍රංශයේ මොනාකෝ හිදී පැවැත්විය. UEFA ශූරයින්ගේ කුසලානය යුරෝපා මහද්වීපයේ රටවල්වල පාපන්දු ක්‍රීඩා සමාජ එකිනෙකා හා තරග වදින ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ පාපන්දු තරගාවලියයි.

ThePapare.com ප්‍රිමියර් ලීග් ක්‍රීඩාලෝලීන්ගේ කළමනාකරු – අගෝස්තු

ජර්ගන් ක්ලොප් (Liverpool FC) ‘Liverpool’ ක්‍රීඩා සමාජය ඔවුන් ක්‍රීඩා කළ පළමු තරග 3ම ජයග්‍රහණය

පසුගිය තරග වාරයේ දී ලිවර්පූල් කණ්ඩායම පරාජය කරමින් අඛණ්ඩව තෙවන වරටත් UEFA ශූරයින්ගේ ලීග් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් වුනා.

තරගාවලිය සඳහා කණ්ඩායම් 32ක් එක්වන අතර එක් එක් ප්‍රධාන පාපන්දු ලීගයන් හි ජයග්‍රහණය ලබන කණ්ඩායම් තරගාවලියට නිතරගයෙන් තේරීපත්වන අතර අනෙක් කණ්ඩායම් තේරීම් තරගාවලියකින් අනතුරුව තරගාවලියට සුදුසුකම් ලබනවා.

කණ්ඩායම් අයත් වන කාණ්ඩ තේරීමේ උත්සවයේ දී පසුගිය තරග වාරයේ සුපිරි දස්කම් දැක්වූ ක්‍රීඩකයින් හට සම්ප්‍රදානුකූලව සම්මාන ප්‍රදානය කෙරුණා.

එහි දී සුපිරි ක්‍රොඒෂියානු ක්‍රීඩක, රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ලූකා මොඩ්රික් UEFA වසරේ ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවා. හිටපු රියාල් මැඩ්රිඩ් ක්‍රීඩක, වත්මන් ජුවෙන්ටස් කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රහාරක සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසරේ හොඳම ඉදිරිපෙළ ක්‍රීඩකයා ලෙස නම් කෙරුණා. රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ නායක සර්ජියෝ රාමෝස් වසරේ හොඳම ආරක්ෂක ක්‍රීඩකයා ලෙසත්, එම කණ්ඩායමේම කේලර් නවාස් හොඳම ගෝල රකින්නා ලෙසත් නම් ලැබුවා. සම්මාන දිනූ ක්‍රීඩකයින් සිව්දෙනාම පසුගිය තරග වාරයේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ ක්‍රීඩකයින් වීම විශේෂත්වයක්.       

කුසපත් ඇදීමකින් කාණ්ඩ තේරීම සිදු කළ අතර ඒ සඳහා සුපිරි බ්‍රසීල ක්‍රීඩක කාකා ඇතුළු විශිෂ්ට ක්‍රීඩකයින් රැසක් එක්ව සිටියා.

2018-19 තරග වාරයේ UEFA ශූරයින්ගේ ලීග් තරගාවලියේ කාණ්ඩ හත මෙසේය.

  • A කාණ්ඩය: ඇත්ලෙටිකෝ මැඩ්රිඩ්, Borussia Dortmund, මොනාකෝ, Club Brugge
  • B කාණ්ඩය: බාසිලෝනා, ටෝටන්හැම් හොට්ස්පර්, PSV Eindhoven, ඉන්ටර් මිලාන්
  • C කාණ්ඩය: Paris Saint-Germain, නැපොලි , ලිවර්පූල්, Crvena zvezda
  • D කාණ්ඩය: ලොකොමොටිව් මොස්ක්වා, පෝර්ටෝ, ශැල්කේ, Galatasaray
  • E කාණ්ඩය: බයර්න් මියුනික්, බෙන්ෆිකා, Ajax, AEK Athens
  • F කාණ්ඩය: මැන්චෙස්ටර් සිටි, Shakhtar Donetsk, ලියොන්, හොෆන්හයිම්
  • G කාණ්ඩය: රියාල් මැඩ්රිඩ්, රෝමා, CSKA Moskva, Viktoria Plzeň
  • H කාණ්ඩය: ජුවෙන්ටස්, මැන්චෙස්ටර් යුනයිටඩ්, වැලෙන්සියා, Young Boys

පළමු වටය ලීග් ආකාරයට පැවැත්වෙන අතර අවසන් 16 දෙනාගේ වටයේ සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට පැවැත්වෙනු ඇත.

තරගාවලියේ තරග සැකැස්ම මෙසේය.

තරග දිනය 1 – සැප්තැම්බර් 18

  • A කාණ්ඩය: Club Brugge හා Dortmund, Monaco හා Atlético
  • B කාණ්ඩය: Barcelona හා PSV Eindhoven, Inter හා Tottenham
  • C කාණ්ඩය: Liverpool හා Paris, Crvena zvezda හා Napoli
  • D කාණ්ඩය: Galatasaray හා Lokomotiv Moskva, Schalke හා Porto

සැප්තැම්බර් 19

  • E කාණ්ඩය: Ajax හා AEK Athens, Benfica හා Bayern München
  • F කාණ්ඩය: Shakhtar හා Hoffenheim, Manchester City හා Lyon
  • G කාණ්ඩය: Real Madrid හා Roma, Viktoria Plzeň හා CSKA Moskva
  • H කාණ්ඩය: Young Boys හා Manchester United, Valencia හා Juventus

තරග දිනය 2 – ඔක්තෝබර් 2

  • E කාණ්ඩය: Bayern München හා Ajax, AEK Athens හා Benfica
  • F කාණ්ඩය: Hoffenheim හා Manchester City, Lyon හා Shakhtar
  • G කාණ්ඩය: CSKA Moskva හා Real Madrid, Roma හා Viktoria Plzeň
  • H කාණ්ඩය: Juventus හා Young Boys, Manchester United හා Valencia

ඔක්තෝබර් 3

  • A කාණ්ඩය: Atlético හා Club Brugge, Dortmund හා Monaco
  • B කාණ්ඩය: Tottenham හා Barcelona, PSV Eindhoven හා Inter
  • C කාණ්ඩය: Paris හා Crvena zvezda, Napoli හා Liverpool
  • D කාණ්ඩය: Lokomotiv Moskva හා Schalke , Porto හා Galatasaray

තරග දිනය 3 – ඔක්තෝබර් 23

  • E කාණ්ඩය: AEK Athens හා Bayern München, Ajax හා Benfica
  • F කාණ්ඩය: Hoffenheim හා Lyon, Shakhtar හා Manchester City
  • G කාණ්ඩය: Roma හා CSKA Moskva, Real Madrid හා Viktoria Plzeň
  • H කාණ්ඩය: Young Boys හා Valencia, Manchester United හා Juventus

ඔක්තෝබර් 24

  • A කාණ්ඩය: Club Brugge හා Monaco, Dortmund හා Atlético
  • B කාණ්ඩය: PSV Eindhoven හා Tottenham, Barcelona හා Inter
  • C කාණ්ඩය: Paris හා Napoli, Liverpool හා Crvena zvezda
  • D කාණ්ඩය: Lokomotiv Moskva හා Porto, Galatasaray හා Schalke

තරග දිනය 4 – නොවැම්බර් 6

  • A කාණ්ඩය: Monaco හා Club Brugge , Atlético හා Dortmund
  • B කාණ්ඩය: Tottenham හා PSV Eindhoven, Inter හා Barcelona
  • C කාණ්ඩය: Crvena zvezda හා Liverpool, Napoli හා Paris
  • D කාණ්ඩය: Porto හා Lokomotiv Moskva, Schalke හා Galatasaray

නොවැම්බර් 7

  • E කාණ්ඩය: Bayern München හා AEK Athens, Benfica හා Ajax
  • F කාණ්ඩය: Lyon හා Hoffenheim, Manchester City හා Shakhtar
  • G කාණ්ඩය: CSKA Moskva හා Roma, Viktoria Plzeň හා Real Madrid
  • H කාණ්ඩය: Valencia හා Young Boys, Juventus හා Manchester United

තරග දිනය 5 – නොවැම්බර් 27

  • E කාණ්ඩය: AEK Athens හා Ajax, Bayern München හා Benfica
  • F කාණ්ඩය: Hoffenheim හා Shakhtar, Lyon හා Manchester City
  • G කාණ්ඩය: CSKA Moskva හා Viktoria Plzeň, Roma හා Real Madrid
  • H කාණ්ඩය: Manchester United හා Young Boys, Juventus හා Valencia

නොවැම්බර් 28

  • A කාණ්ඩය: Atlético හා Monaco, Dortmund හා Club Brugge
  • B කාණ්ඩය: PSV Eindhoven හා Barcelona, Tottenham හා Inter
  • C කාණ්ඩය: Paris හා Liverpool, Napoli හා Crvena zvezda
  • D කාණ්ඩය: Lokomotiv Moskva හා Galatasaray, Porto හා Schalke

තරග දිනය 6 – දෙසැම්බර් 11

  • A කාණ්ඩය: Club Brugge හා Atlético, Monaco හා Dortmund
  • B කාණ්ඩය: Barcelona හා Tottenham, Inter හා PSV Eindhoven
  • C කාණ්ඩය: Liverpool හා Napoli, Crvena zvezda හා Paris
  • D කාණ්ඩය: Galatasaray හා Porto, Schalke හා Lokomotiv Moskva

දෙසැම්බර් 12

  • E කාණ්ඩය: Ajax හා Bayern München, Benfica හා AEK Athens
  • F කාණ්ඩය: Shakhtar හා Lyon, Manchester City හා Hoffenheim
  • G කාණ්ඩය: Real Madrid හා CSKA Moskva, Viktoria Plzeň හා Roma
  • H කාණ්ඩය: Young Boys හා Juventus, Valencia හා Manchester United

දෙවන වටයේ 16 දෙනාගේ වටයේ ප්‍රතිවාදීන් දෙසැම්බර් 17 වැනිදා නම් කරන අතර අවසන් මහා තරගය 2019 ජුනි පළමුව වැනිදා ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හිදී පැවැත්වෙනු ඇත.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න අප සමගින්.

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<