ජීවක ශෂීන්ගේ සුපිරි දස්කම් නිසා දේවපතිරාජයට පෙරළිකාර ජයක්

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

509

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරග කිහිපයේ තවත් තරග කිහිපයක් ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඒ පැවති තරගවල දී ආනන්ද, මහනුවර සාන්ත අන්තෝනි, සාන්ත ජෝසප්, ඩී. එස්. සේනානායක, රාජකීය, ඉසිපතන, සාන්ත පීතර, දේවපතිරාජ සහ සාන්ත ජෝසප් වාස් යන විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කර ගත් අතර ඒ අතර උණුසුම් තරග ප්‍රතිඵල වාර්තා වුනු තරග කිහිපයක් ද වුනා.

එසේම ත්‍රිත්ව – සාන්ත බෙනඩික්ට් අතර තරගය ප්‍රතිඵලයක් අවසන් වුනේ පැවති අයහපත් කාලගුණික තත්වය නිසයි.

දිනයේ පැවති තරගවල දී සාන්ත ජෝසප් විද්‍යාලයේ හිරාන් ජයසුන්දර සහ දේවපතිරාජ විද්‍යාලයේ ජීවක ශෂීන් ශතක ලබාගෙන දස්කම් දැක්වූ අතර අමතරව නිලාෂ් පෙරේරා, රිෂ්ම අමරසිංහ, සුමල්ක ප්‍රනාන්දු, නෙතුල එදිරිමාන්න, ඉරුත් ගිම්ශාන්, රුසඳ ගමගේ, සන්ශේ ගුණතිලක, හිරුන ගාල්ලගේ, අබ්දුල් මජීඩ්, දිනුර කළුපහන සහ මෙනූශ පෙරේරා යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දු යැවීමේ දස්කම් සලකා බැලීමේ දී තිසර ඒකනායක,  ඉශාන් අනුරාධ, දුලාන් වීරතුංග කඩුලු 5 අවස්ථා වාර්තා කරද්දී, ජීවක ශෂීන් ලබා ගත් ශතක දස්කමට අමතර කඩුලු 4ක දස්කමක් ද පෙන්නුම් කළා.

Tier A

සාන්ත ජෝසප් විද්‍යාලය සහ වේල්ස් කුමර විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලය – 298/9 (50): හිරාන් ජයසුන්දර 103, රිෂ්ම අමරසිංහ 55, ලහිරු අමරසේකර 27, නරේන් මුරලිදරන් 24, තරිඳු අමරසිංහ 3/55.

වේල්ස් කුමර විද්‍යාලය – 154 (42.4): සුමල්ක ප්‍රනාන්දු 58; ඔමේෂ් මෙන්ඩිස් 24, ගගන චමෝද් 2/28, යෙනුල දෙව්තුස 2/25, ලහිරු අමරසේකර 2/29.

සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 144ක ජයක්


ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ත්‍රිත්ව විද්‍යාලය – 192 (50): මනුල කුලරත්න 43, ජනිත් ගවිෂ්ක 35, දිනුජ පීරිස් 32, සුපුන් වඩුගේ 23, විභාවිත් ඇහැලේපොල 21, තීරක රණතුංග 20, විහඟ අත්තනායක 3/34, යොහාන් එදිරිසිංහ 2/27, කෝජිත නිම්සර 2/29

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 43/3 (11): විභාවිත් ඇහැලේපොළ 2/15

තරගය ජය පරාජයෙන් තොරව අවසන්.


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 211/9 (49): කනක වික්‍රමසිංහ 42, චාරුක අයේෂාන් 38, කවිශ්ක ඉමේෂ් 38, මලිත් ලක්ෂාන් 32, ඉසුරු අයේෂ් 2/42, ඉඳුවර විජේරත්න 2/32

ආනන්ද විද්‍යාලය – 215/4 (46.2): නෙතුල එදිරිමාන්න 79*, ඉරුත් ගිම්ෂාන් 50, ඉඳුවර විජේරත්න 26, අකිල නිම්සර 3/49.

ආනන්ද විද්‍යාලයට කඩුලු 6ක ජයක්


ද මැසනොඩ් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය

ද මැසනොඩ් විද්‍යාලය – 59 (23.2): හසිත් සංදීප 17, තිසර ඒකනායක 5/11, කවීෂ පියුමාල් 3/03, ට්‍රෙවින් මැතිව් 2/06

සාන්ත අන්තෝනි විද්‍යාලය – 60/3 (8.3): මොහොමඩ් අකිල් 23

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 7ක ජයක්


ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 216 (48.5): ගවිරු සෙන්හස් 48, දිලාෂ් කුමාරනායක 42, මලිත පෙරේරා 38, සෙනුර සිල්වා 23, රයන් දිසානායක 4/35, මහේන් සිල්වා 2/25, ගිරෝෂ් විජේසිංහ 2/37

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 215 (50): නිලාෂ් පෙරේරා 58, මහේන් සිල්වා 40, නදීෂ් ප්‍රනාන්දු 36*, විරෝෂ් විජේසිංහ 20 අදීෂ බණ්ඩාරනායක 3/41, අකිද වීරසූරිය 3/38.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට ලකුණක තියුණු ජයක්


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය

සාන්ත තෝමස් විද්‍යාලය 182 (49): අබ්දුල් මජීඩ් 68, සංජු ඩිෂාන් 31, නවිජ ද සේරම් 27, දුලාන් වීරතුංග 5/24, ෂමෝද් යශෝධ 2/33

රාජකීය විද්‍යාලය 186/4 (37.2): සෙනිත් ජයවර්ධන 48, උවිඳු වීරසේකර 40*, සනුජ් කොළොන්නෝවිට 24.

රාජකීය විද්‍යාලයට කඩුලු 6ක ජයක්

Tier B

මොරටු මහා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

ඉසිපතන විද්‍යාලය – 234 (47.3): තේමිය ගුණරත්න 38, තරීෂ නෙත්සර 34, අසලංක සිල්වා 2/12, විහංග මෙන්ඩිස් 2/18

මොරටුව මහා විද්‍යාලය – 114 (35.5): දෙනෙත් සිතුමිණ 46*, නවීන් කණිෂ්ක 3/36, දසිත් ෂෙනාල් 2/17.

ඉසිපතන විද්‍යාලයට ලකුණු 120ක ජයක්

සාන්ත පීතර විද්‍යාලය සහ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාලය – 257 (48.3): රුසඳ ගමගේ 88, සන්ශේ ගුණතිලක 71, චතුම් බිම්සර 3/39, තරුෂ් දමිඳු 3/46

සාන්ත සර්වේශස් විද්‍යාලය – 248 (49.5): නිතිල චාල්ස් 102, තිලිණ නෙත්සර 40, දිනුරු අබේවික්‍රමසිංහ 35*, විශ්ව සුපුන් 25, ශෙවෝන් රොබට්ස් 2/38, විශේන් හැලඹගේ 2/43, කවිත ජයසුන්දර 2/44

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 9ක ජයක්


ගාල්ල මහින්ද විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය

මහින්ද විද්‍යාලය – 257/8 (50): හිරුණ ගාල්ලගේ 76, දිනුර කළුපහන 75, හරීන් අචින්ත 36, ජීවක ශෂීන් 4/37, තිමිර ගාමින්ද 2/34

දේවපතිරාජ විද්‍යාලය 258/8 (48.3): ජීවක ශෂීන් 139*, තරුෂ ඩිල්ෂාන් 2/30, රන්මිණ හෙට්ටිආරච්චි 2/37.

දේවපතිරාජ විද්‍යාලයට කඩුලු 2ක ජයක්


සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය – 192 (46.3): මෙනූශ පෙරේරා 53, දසුන් පෙරේරා 33, විශ්ව රාජපක්ෂ 27, සඳරු නවෝද්‍ය 25, ඉෂාන් අනුරාධ 5/26, චෙනිත හැලඹගේ 2/31, තේනුර සඳවිරු 2/38

ධර්මාශෝක විද්‍යාලය – 171 (45.3): චානග ජනංග 28*, ආකාෂ් මෙන්ඩිස් 28, මේනක ද සිල්වා 25, චානුක ද සිල්වා 25, ජනිත් ප්‍රනාන්දු 2/24, රවිඳු ප්‍රේමරත්න 2/32, දේමියන් ප්‍රසන්සන 2/45

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට ලකුණු 21ක් ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<