Rajasthan වෙනස්කම් ගැන සංගා කතා කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

1910

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක රඳවා ගැනීම් පසුගිය දා නිවේදනය කර තිබුණා. එහි දී ක්‍රීඩකයන් කීපදෙනෙකුටම සිය කණ්ඩායම් අහිමි වී තිබූ අතර ක්‍රීඩකයන් කීපදෙනෙකු එම කණ්ඩායම් විසින් රඳවා ගැනීමට කණ්ඩායම් තීරණය කර තිබුණා.

එසේ රඳවා ගත් ක්‍රීඩකයන් අතර Rajastan Royals කණ්ඩායමේ නායක සහ කඩුලු රකින ක්‍රීඩක Sanju Samson ද සිටියා.

Rajasthan Royals කණ්ඩායමේ කඩුලු රකින්නා වන Sanju Samson කණ්ඩායමේ “දිගුකාලීන නායකයා” බව එහි ක්‍රිකට් අධ්‍යක්ෂක කුමාර් සංගක්කාර පසුගිය බ්‍රහස්පතින්දා (02) ප්‍රකාශ කළා. එහි දී ඔහු පවසා සිටියේ Sanju Samson රඳවා තබා ගැනීම පුදුමයට කරුණක් නොවන බවයි.

2022 වසරේ පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසියට පෙර, Rajasthan විසින් ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනෙකු සහ එක් විදේශීය ක්‍රීඩකයෙකු තම කණ්ඩායමේ රඳවා ගන්නා බව නිවේදනය කර තිබුණා. එහි දී ඔවුන්ගේ නායක Sanju Samson, තරුණ පිතිකරු Yasasvi Jaiswal සහ ප්‍රබල එංගලන්ත ක්‍රීඩක Jos Buttler ඒ අතර වුනා.

“අපි අලුතින් පිහිටුවන ලද අපගේ දත්ත විශ්ලේෂණ කණ්ඩායම සමඟ සැබවින්ම වෙහෙස මහන්සි වී වැඩ කළා. ඉන්දියාවේ සහ එක්සත් ජනපදයේ අපගේ සියලුම හවුල්කරුවන්ගේ සහාය ඇතිව අපි අවසානයේ තීරණ කීපයක් ගත්තා. ඇත්ත වශයෙන්ම Sanju Samson අපේ දීර්ඝ කාලීන නායකයා සහ අංක එක ලෙස රඳවා ගන්න අපි තීරණය කළා”, සංගක්කාර විසින් twitter හි වීඩියෝවක් පළ කරමින් පවසා සිටියා.

“ඔහු Rajasthan Royals කණ්ඩායමේ දිගුකාලීන නායකයා වේවි. ඔහු සුවිශේෂී ක්‍රීඩකයෙක්. ඔහු Rajasthan කණ්ඩායම සඳහා කෙතරම් වටිනා වත්කමක් ද යන්න ඔහු නැවත නැවතත් පෙන්වුවා”

2022 තරග වාරය සඳහා Sanju Samson රාජස්තාන් කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති අතර ඉන්දීය රුපියල් කෝටි 14ක වටිනාකමක් එක් කර තිබුණා. ඉන්දීය රුපියල් කෝටි 10ක වටිනාකමක් සමඟින් දෙවැනි ක්‍රීඩකයා ලෙස එක්දින ලෝක කුසලානය දිනූ එංගලන්ත කණ්ඩායමේ Jos Buttler රඳවා ගෙන තිබුණා. ඔහු දැනට ලොව සිටින හොඳම විස්සයි විස්ස පිතිකරුවෙකු ලෙස සැලකෙනවා.

19 හැවිරිදි Jaiswal ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියට පෙර කණ්ඩායම් හරහා රඳවා ගත් දෙවැනි ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වුනා. ඔහුගේ නායක Samson මෙතෙක් රඳවා ගත් ළාබාලතම ක්‍රීඩකයා බවට පත්වුනා.

“අපි තරුණ ඉන්දීය ආරම්භක පිතිකරු Yasasvi Jaiswal රඳවා තබා ගන්න තීරණය කළා. ඔහු ඉතාමත් නිර්මාණශීලී තරුවක්. ඔහුට ඉතා හොඳ තරගාවලියක් ක්‍රීඩා කළා. තබා ඔහු අතිශයින්ම දක්ෂයි. ඉතා ඉක්මනින් ඉගෙන ගන්න ක්‍රීඩකයෙක්. ඔහු වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙක්. මේ නිසා ඔහු අපගේ රඳවා තබා ගන්නා ලැයිස්තුවට එක්වුනා”, සංගක්කාර පැවසීය.

“අපේ එකම ජාත්‍යන්තර රඳවා ගැනීම සම්බන්ධයෙන් අපි ජොස් බට්ලර් රඳවා ගන්න තීරණය කළා. නැවතත්, ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහුට කළ හැකි දේ ලෝකයේ සෑම කෙනෙක්ම දන්නවා. ඔහු ආරම්භක හෝ මැදපෙළේ ක්‍රීඩා කරන ඕනෑම තැනක ඔහු සුවිශේෂී ක්‍රීඩකයෙක්. තරග ජයග්‍රහණය කරන ක්‍රීඩකයෙක්.”

Rajasthan කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් අතරින් බොහෝ දෙනා මවිතයට පත් කළ තීරණයක් වූයේ Jofra Archer සහ Ben Stokes අත්හැරීමයි. එයට හේතුව ද කුමාර් සංගක්කාර විසින් පැහැදිලි කළා.

“මේ තරගාවලිය සඳහා අපේ රඳවා තබා ගැනීම සහ මුදල් කළමනාකරණය කිරීම, වෙන්දේසියේ දී මිල දී ගැනීම්, හොඳම විකල්ප සහ ප්‍රතිවර්තන මොනවා ද යන්න පිළිබඳව අපි දීර්ඝ ලෙස සාකච්ඡා කළා.

මේක අප සැමට තරමක් දුෂ්කර තේරීමක් වුනා. වෙන්දේසි නීති ප්‍රකාශයට පත් කළ පසු, අපි බොහෝ ගැඹුරට සාකච්ඡා කරලා තබා ගැනීම් කීයක් කරන්න පුළුවන් ද, ඔවුන් කවුද, අපි ගන්න තීරණ මොනවා ද යන්න සම්බන්ධයෙන් සහ අපට තියන හොඳම විකල්ප මොනවා ද යන්න විශ්ලේෂණාත්මක හා ඇගයීමක් කළා.

ඒ අනුව අපි බොහෝ වැඩ කරනවා. වෙන්දේසි මුදල් පසුම්බිය අනුව හොඳම කණ්ඩායම තෝරාගන්න ඕනේ. ඉතින් ඉදිරියට, අපි එය හැකිතාක් සවිස්තරාත්මකව සොයා බලන්න බලාපොරොත්තු වෙනවා. එවිට තොරතුරු ලබා ගැනීමට මෙන්ම නිවැරදි තීරණයක් ගන්න අවශ්‍ය සියලු මෙවලම් අප සතුව තියනවා”

Stokes සහ Archer යන දෙදෙනාටම 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ආබාධයක් හේතුවෙන් අහිමි වුනා. එමෙන්ම ඔවුන්ගේ මානසික සෞඛ්‍යය හා සම්බන්ධ ගැටලු ද තරගාවලිය සඳහා සහභාගී නොවීමට හේතුවක් වුනා. එහි දී අදහස් දක්වමින් සංගක්කාර Stokes පිළිබඳව ප්‍රශංසාවෙන් කතා කළා.

“Ben Stokes – මම ඉතා දිගු කාලයක දී දුටු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා. ඔහු නිසැකවම තරග ජයග්‍රාහකයෙක් සහ ඔහු Rajasthan Royals වෙනුවෙන් එය පෙන්වා දුන්නා. කණ්ඩායම් ක්‍රීඩකයෙකු ලෙස නියත වශයෙන්ම විශිෂ්ට කෙනෙක්. ඔහු නායකත්ව භූමිකාව දක්ෂ ලෙස ඉටු කළා. ඔහු ඔහුගේ විශ්මිත ශක්තිය පිටියට ගෙන එනවා.

නමුත් ඇත්ත වශයෙන්ම, අපි රඳවා තබා ගැනීමේ ස්ථාන ගණන, ක්‍රීඩකයින් ලබා ගැනීමේ හැකියාව සලකා බලන්න ඕනේ. එමෙන්ම අපට වෙනත් කරුණු පිළිබඳවත් සලකා බලන්න සිදු වුනා. ඔවුන්ගේ සෞඛ්‍ය සහ වෙනත් විවිධ පැති අනුව බැලීමට සිදු වුනා. සීමිත ස්ථාන සංඛ්‍යාවක් ඇති විට එය සැමවිටම අතිශයින් දැඩි තීරණයක් වෙනවා”, සංගක්කාර පවසා සිටියා.

“Archerගේ ආබාධයේ ස්වභාවය, සුවය ලැබීමේ කාලය, ඔහුට නැවත පැමිණීමේ හැකියාව සොයා ගැනීමට අපි සෑම දෙයක්ම කළා. මේ සියලු දේ එක්ක වෙන්දේසියකට යෑම ඉතා අපහසුයි. අපේ හිතේ ප්‍රශ්න ගොඩක් තියනවා. ක්‍රීඩකයන් කලකිරීමට පත් වුනත් අපගේ තර්කය ඔවුන්ම තේරුම් ගන්නා බව මම දන්නවා. අපි මේ වෙලාවේ එක් කණ්ඩායමක් ලෙස සිටින බව මට විශ්වාසයි.”

Times of India ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<