ස්ටීව් ස්මිත් කබලෙන් ලිපට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

490
Rohit Sharma captain of Mumbai Indians and Steve Smith
Image Courtesy - IPLT20.com

මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්තාන් රෝයල්ස් අතර ඊයේ (6) පැවති තරගයේ දී මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගයක් රඳවා ගැනීම නිසාවෙන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් නායක ස්ටීව් ස්මිත් හට ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ මුදලක් පැනවීමට එහි සංවිධායකයින් කටයුතු කර ඇත.

එම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4ක් දැවී ලකුණු 193ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම දියත් කළ රාජස්තාන් කණ්ඩායමට පන්දුවාර 18කුත් එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 136ක් පමණි.

තවත් කියවන්න

IPL තරගාවලිය තුල රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මන්දගාමී පන්දු යැවීම නිසාවෙන් දඩයක් හිමි වූ පළමු අවස්ථාව මෙය නිසාවෙන් IPL තරග කොන්දේසි අනුව කණ්ඩායමේ නායකයා හට පමණක් දඩය හිමිවන අතර එවැනි අවස්ථාවක් නැවත සිදුවුවහොත් දඩ මුදලට අමතරව තරග තහනමක් ද ලැබීමට ඉඩක් තිබේ.

රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ හත්වැනි ස්ථානයේ සිටින්නේ ඔවුන් සහභාගී වූ තරග පහෙන් තරග දෙකක් ජයග්‍රහණය කරමිනි. ඔවුන් සහභාගී වන මීළඟ තරගය මේ මස 9 වැනිදා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟ පැවැත්වේ.

මෙවර තරගාවලිය තුල මේ වන විට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක විරාත් කෝලි සහ දිල්ලි කැපිටල්ස් නායක ශ්‍රේයාස් අයියර් ද මන්දගාමී පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගයක් රඳවා ගැනීමේ වරදට හසුව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<