කිශාන් සහ සාන්ත තෝමසුවෝ ක්‍රිකට් ඉතිහාසය නැවත ලියයි

270

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය තම 140 වසරක ක්‍රිකට් දිවියේ ලකුණු 500ක් ඉක්මවූ ප්‍රථම අවස්ථාව වාර්තා කරමින් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට අද (26) ප්‍රසාද ලකුණු ද සමඟින් සුදුසුකම් ලබා ගත්හ.

උමයංග සහ රයන් අර්ධ ශතක ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර …

ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 514ක් වාර්තා කළහ. එම ඉනිම වෙනුවෙන් අද දවසේ දී වැඩි කාර්යයක් කළේ පෙර දිනයේ දී නොදැවී ලකුණු 14ක් ලබා සිටි දකුණත් පිතිකරු කිශාන් මුණසිංහ ය. ඔහු පන්දු 310කට මුහුණ දෙමින් හතරේ පහර 20ක් සමඟින් අද දිනයේ දී තම කඩුල්ල ද ආරක්ෂා කර ගනිමින් නොදැවී ලකුණු 150ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව ඔහු 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඩෙලෝන් පීරිස් සමඟ එක් වෙමින් ලකුණු 146ක සබඳතාවක් ද එක් කළහ. ඒ වෙනුවෙන් ඔවුහු පන්දු 400ක් වැය කළහ. ඩෙලෝන් පීරිස් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 67කි.

Photos: Under 19 Cricket Tournament 2018/19 | Quarter-Final | S.Thomas’ College vs Mahinda College

පෙර දිනයේ නොදැවී ලකුණු 68ක් ලබා සිටි උමයංග සුවාරිස් අද තම ඉනිම ලකුණු 72ක් වෙද්දී අවසන් කර ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී පසන් පෙතන්ගොඩ සහ සුභානු රාජපක්ෂ කඩුලු 2 බැගින් දවා ගත්හ.

ඉතා වෙහෙසකර කාර්තු 6ක පන්දු රැකීමේ කාර්යයක නිතර වූ මහින්ද ක්‍රීඩකයෝ මෙම තරගයේ දී ක්‍රීඩා කළේ පන්දු 22ක් පමණි. ඒ අනුව ඔවුන් අද සැන්දෑ කාලයේ දී පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් දිනය අවසන් වෙන විට තම පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 26ක් ලබා සිටිය හ. එහි දී හංසික වැළිහිඳ නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය.

සාන්ත තෝමස් විද්‍යාලය; පළමු ඉනිම (පළමු දිනය අවසානයේ දී පන්දු වාර 95ක දී කඩුලු 4ක් දැවී 274) කඩුලු 8ක දැවී 514 (183.2) ශලින් ද මෙල් 43, රයන් ප්‍රනාන්දු 50, යොහාන් පෙරේරා 48, රවිඳු ද සිල්වා 28, උමයංග සුවාරිස් 72, කිශාන්මුණසිංහ නොදැවී 150, ඩෙලොන් පීරිස් 67, ඩිල්මින් රත්නායක නොදැවී 21, පසන් පෙතන්ගොඩ 2/99, සුභානු රාජපක්ෂ 2/112

මහින්ද විද්‍යාලය; පළමු ඉනිම කිසිවෙක් නොදැවී 26 (3.4) හංසික වැළිහිඳ නොදැවී 20

ඉසුරු උදානට උසස් වීමක්

ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුව දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්රික්ස් හා අන්දිලේ පෙහ්ලුක්වයෝ සිය…

තර්ස්ටන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට

මේ අතර අද (26) කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී අවසන් වූ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර පාසල් වයස අවුරුදු 19න් පහළ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට කොළඹ තර්ස්ටන් ක්‍රීඩකයෝ සමත් වූහ.

ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය ය.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත සර්වේසස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 173ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් රිසිර ලක්වින් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී බිමර රත්නායක සහ අයේෂ් හර්ෂණ කඩුලු 2 බැගින් දවා ගත්හ.

Photos: Thurstan College vs St. Servatius’ College | U19 Division I One-Day Tournament 2018/19 | QF

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිස තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළහ. එම ඉනිමේ වැඩිම ලකුණුලාභීන් වූයේ යොහාන් ලියනගේ සහ ජයවිහාන් මහවිතාන ය. කඩුලු ලබා ගැනීමේ දී කේසර නුවන්ත කඩුලු 3ක් දවා ගත් හ.

සාන්ත සර්වේසස් විද්‍යාලය; සියලුම දෙනා දැවී 173 (44) රිසිර ලක්වින් 52, පසිඳු මනුප්‍රිය 29, නවීන් ශෂිත 28, ගිහාන් කළිඳු 20, බිමර රණතුංග 3/28, අයේෂ් හර්ෂණ 3/36

තර්ස්ටන් විද්‍යාලය; කඩුලු 4ක් දැවී 178 (31.4) යොහාන් ලියනගේ 46, ජයවිහාන් මහවිතාන 46, නිමේෂ් පෙරේරා නොදැවී 27, රනේෂ් සිල්වා නොදැවී 24, කේසර නුවන්ත 3/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<