ඩිල්ස්කූප් මෙහෙයුමෙන් හැඩ ගැන්වෙන “ශ්‍රී ලංකා Legends කණ්ඩායම” එළිදකියි

142
Tillakaratne Dilshan

යුගයක් කල එළි කළ ඒ ප්‍රතාපවත් ක්‍රිකට් විරුවන් එකම වේදිකාවක දී යළිත් වරක් එකිනෙකා පරයා යමින් නැඟී සිටිනු දැක බලා ගන්නට ඇත්නම් එය කොතරම් භාග්‍යයක් ද? 

ඕස්ට්‍රේලියාවට එරෙහි වන දකුණු අප්‍රිකානු විස්සයි විස්ස සංචිතය

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා තෝරාපත්

එම සිහිනය යථාර්ථයක් බවට පත්වීමට ඇත්තේ තවත් මාසයකටත් අඩු කාලයක් බව සඳහන් කළහොත් ඔබ විශ්වාස කරනවා ද? ක්‍රිකට් පිටිය හෙල්ලූ හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් පිරිවරා පැවැත්වෙන “Road Safety ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය” සඳහා මේ වන විට මුළු මහත් ක්‍රිකට් ප්‍රජාවම ලහිලහියේ සූදානම් වන්නේ උණුසුම් තරගාවලියකට අවශ්‍ය මඟ පාදා ගනිමිනි. 

ක්‍රිකට් පුරාවෘත්තයින් රැසක් ඒකරාශී කර ගනිමින් දියත් කෙරෙන මෙම තරගාවලියේ මූලික අරමුණ වන්නේ මාර්ග නීති රිතී පිළිපැඳීම මඟින් රිය අනතුරු අවම කර ගැනීමත් එමඟින් විනය ගරුක සමාජයක් බිහිවන ආකාරයත් පිළිබඳව සමස්ත ලෝක ප්‍රජාවම දැනුවත් කිරීමයි. 

තරගාවලිය සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කළ සුප්‍රසිද්ධ ක්‍රීඩා තරු රැසක් සහභාගී වන බවට දැනටමත් සනාථ කොට ඇති අතර සචින් තෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා වැනි ලෝක පූජිත පිතිකරුවන් රැසක් පිත්තෙන් තම වැඩ කිඩ පෙන්වීමට මඟ බලා සිටින විට බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන් වැනි අසහාය පන්දු යවන්නන් නියත වශයෙන්ම මාන බලනුයේ තරාතිරම නොබලා ඕනෑම පිතිකරුවෙකු නැවත වතාවක් ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමටයි. 

එළැඹෙන මාර්තු මස 07 වනදා ඉන්දීය-කොදෙව් ගැටුමෙන් ආරම්භ වන තරගාවලිය මාර්තු මස 22 වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත අතර තරග 11කින් සමන්විත මෙම තරගාවලිය ඉන්දියාවේ නම් දැරූ ක්‍රීඩාංගණ හතරක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ වැඩි ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තමන් ප්‍රිය කරන ක්‍රිකට් වීරයින් දැක බලා ගැනීමේ දුර්ලභ අවස්ථාව සලසා දීමේ අරමුණෙනි. 

චමරි – ශශිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

ලඟ ලඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන නව

දැනටමත් කණ්ඩායම් කිහිපයක්ම තම අවසන් සංචිතයන් එළිදක්වා ඇති අතර ඒ අනුව යමින් ශ්‍රී ලංකා කණ්ඩායම ද නම් දැරූ ක්‍රීඩකයින් රැසක ගෙන් සන්නද්ධ, සෙසු කණ්ඩායම් වලට නොදෙවෙනි සංචිතයක් ඉදිරිපත් කර තිබෙන්නේ තරගාවලියේ උණුසුම තවදුරටත් දෙගුණ තෙගුණ කරමිනි. 

දකුණු අප්‍රිකානු භූමිය තුළදී පළමු ටෙස්ට් ජයග්‍රහණයේ අභිමානය තම මව්බිම වෙත උරුම කර දුන් හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ශාන් හට කණ්ඩායම මෙහෙයවීම භාරධූර වගකීම හිමිවී ඇත. ඔහුට අනගි සහයක් ලබා දීමේ අරමුණින් චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, ෆර්විස් මහරුෆ් සහ මාවන් අතපත්තු වැනි අති දක්ෂ හිටපු ක්‍රීඩකයින් රැසක් කණ්ඩායම සමඟ එක්වනු ඇත. 

මුත්තයියා මුරලිදරන්ගේ නික්ම යාමෙන් පසුව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙසින් එම භූමිකාව වසර ගණනාවක් මුළුල්ලේ රඟ දැක්වූ රංගන හේරත් ද සංචිතයට ඇතුළත්ව සිටීම ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය තවදුරටත් සවිබල ගැන්වීමට උපකාරී වේ. ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ඕස්ට්‍රේලියා පුරාවෘත්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත අතර එය මාර්තු මස 08 වනදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය. 

ශ්‍රී ලංකා පුරාවෘත්ත/ලෙජන්ඩ්ස් කණ්ඩායම් සංචිතය: 

තිලකරත්න ඩිල්ශාන්(නායක), මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, චාමර කපුගෙදර, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, තිළිණ කන්ඩම්බි, උපුල් චන්දන,දුලන්ජන විජේසිංහ. 

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන තරග සටහන: 

  • මාර්තු 08 වනදා – ඕස්ට්‍රේලියාවට එරෙහිව මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී 
  • මාර්තු 10 වනදා – ඉන්දියාවට එරෙහිව මුම්බායි හි D. Y. පටෙල් ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 13 වනදා – දකුණු අප්‍රිකාවට එරෙහිව මුම්බායි හි D. Y. පටෙල් ක්‍රීඩාංගණයේ දී
  • මාර්තු 17 වනදා – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පූනේ හි M. C. A. ක්‍රීඩාංගණයේ දී 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<