නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලානයට සියල්ල සූදානම්

නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

216

මෙරට පිහිටි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පාසල් සමූහයක් වන ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ නුගේගොඩ ලයිසියම් පාසල සහ පානදුර ලයිසියම් පාසල අතර 5 වන වරටත් පැවැත්වෙන මහා එක්දින ක්‍රිකට් තරගය මෙම මස 24 වනදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ. 

චමරි – ශශිකලා සුසංයෝගය ඉදිරියේ ප්‍රබල එංගලන්තය දණ නමයි!

ලඟ ලඟම එන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ගැන නව බලාපොරොත්තුවක්…

“නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලානය” වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගය මෙවර සංවිධානය කරනු ලබන්නේ පානදුර ලයිසියම් පාසල යි. 2016 වසරේ සිට නොකඩවා පැවැත්වෙන මෙම තරගයේ වත්මන් ශූරයින් බවට පත්ව සිටින්නේ නුගේගොඩ ලයිසියම් පාසල යි. ඔවුන් නොකඩවා වසර තුනක් තිස්සේ සිය ශූරතාවය රැකගෙන තිබෙන අතර ඔවුන් මෙවර තරගාවලිය සඳහා පිවිසෙන්නේ එම ශූරතාවය රැක ගැනීමේ අරමුණ ඇතිවයි. 

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මෙවර නායකත්වය හිමිව තිබෙන්නේ දනාල් සෙනෙවිරත්න හට වන අතර චාමර ගුරුගේ මහතා ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ. ඉසුරු පෙරේරාගේ නායකත්වයෙන් යුත් පානදුර ලයිසියම් පාසලේ පුහුණුකරුවන් ලෙස නදීප් ජයසිංහ සහ ලලිත් පෙරේරා යන මහත්වරුන් කටයුතු කරන අතර රුමේෂ් වික්‍රමසිංහ ඔවුන්ගේ ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්යවරයා ලෙස සිය වගකීම් ඉටු කරනු ඇත. 

මෙම තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ ප්‍රධාන අධ්‍යක්ෂක නිකිත ග්‍රේරෝ මහතා මෙසේ පවසා තිබේ. 

>>Photos: Annual Cricket Encounter for the Nikitha Grero Challenge Trophy – 2020 | Press Conferences<<

“5වන වරටත් පැවැත්වෙන මේ පාසල් මහා ක්‍රිකට් තරගය සඳහා මේ කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳ සටනක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. මෙවැනි ආකාරයේ ක්‍රීඩා තරග විශේෂයෙන්ම පාසල් දරුවන්ට ගොඩාක් වැදගත් වෙනවා. මොකද ක්‍රීඩාව හරහා දරුවන්ට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තිබෙනවා. ඒවා පොත පත හරහා ඉගෙන ගන්න එක ප්‍රායෝගික වන්නේ නැහැ.” 

මෙවර නිකිත ග්‍රේරෝ අභියෝගතා කුසලාන තරගය සඳහා Makeen Books ආයතනය සහ Uncle Sam’s ආයතනය අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. 

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල: දනාල් සෙනෙවිරත්න (නායක), ලකිඳු සචින් (උප නායක), සදුෂ්ක සෙනරත්, හසිඳු පෙරේරා, නුශාන් ද සිල්වා, ධනුක ගුරුසිංහ, සේනුක හේරත්, අභිලාෂ් පතිරත්න, දුවිඳු සිල්වා, ජනෙත් තඹවිට, ජනිතු දිල්වාන්, සහීර් ශිෆාන්, සිතික වික්‍රමසිංහ, තිනාල් සිංහබන්දු, චාමර ගුරුගේ (ප්‍රධාන පුහුණුකරු), පැතුම් පෙරේරා (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය) 

පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල: ඉසුරු පෙරේරා (නායක), නිවේන් රොද්‍රිගෝ (උප නායක), ශාන් ගුරුගේ, දිනෙත් අමරසේකර, නේතන් ලියනගේ, යෙනුක රාජපක්ෂ, යෙෂිත කළුපහන, රුසිරු ප්‍රනාන්දු, විකුෂ කුරේ, අසිත කළුපහන, සජාඩ් ජසූක්, අක්මාල් ෆස්ලි, දිලංක දළුවත්ත, මනුජ පොත්පිටියගේ, දුලන පෙරේරා, අෆාස් අහමඩ්, චමීන් ප්‍රනාන්දු, තාරුක ද සිල්වා, තරුෂ පෙරේරා, තේජාන් පීරිස්, නදීප් ජයසිංහ (ප්‍රධාන පුහුණුකරු), ලලිත් පෙරේරා (සහය පුහුණුකරු), රුමේෂ් වික්‍රමසිංහ (ක්‍රිකට් ක්‍රීඩාව භාර ආචාර්ය)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<