සාන්ත ඇලෝසියස් හා වෙස්ලි විද්‍යාල ජයග්‍රාහීව දිනය නිමා කරයි

535
U19 Schools Cricket

අද (25) අවසන් වූ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග ද්විත්වයම ජයග්‍රහණකින් කෙළවර වූ අතර, එහි දී සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක හා ලකුණු 83ක ජයක් ලබා ගන්නා විට, වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

හරීන් බුද්ධිල ඇලෝසියස් විද්‍යාලයේ බලාපොරොත්තු දල්වයි!

තවමත් නව යොවුන් වියේ සිටින ක්‍රිකට් අංකුර එකිනෙකා හා ගැටෙන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක් ඊයේ (24)

ඉසිපතන විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

කොළඹ කෝල්ට්ස් පිටියේ දී ඊයේ (24) ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය නිමා වන විට වැඩි වාසි අත්පත් කරගෙන සිටි ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ඉනිමක හා ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගැනීමට අද සමත් විය.

අද දිනය ආරම්භ වන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 140ක් ලබාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය මුලින් පන්දුවට පහර දීමට තීරණය කළත්, ඔවුන්ගේ පිතිකරුවන් පන්දුවාර 42ක් සම්පූර්ණ වීමටත් පෙර ලකුණු 98කට දැවී ගියේය. එහි දී සංජුල ඉලංගතිලක අර්ධ ශතකයක් රැස් කරද්දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිල ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් පන්දුවෙන් දක්ෂතා දැක්විය.

ප්‍රථම ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ඇලෝසියස් පිතිකරුවන් සියල්ලන්ම දැවී ලකුණු 258ක් ලබාගෙන ඉසිපතනයට දැවැන්ත අභියෝගයක් එල්ල කළේය. එහි දී වමතින් පිත්ත හසුරුවන රවිඳු සංජන තම අර්ධ ශතකය වාර්තා කර ගැනීමෙන් අනතුරුව ලකුණු 67කට දැවී ගියේය. ලහිරු ධනංජන ලකුණු 51යි. පසිඳු නානායක්කාර ලකුණු 36යි. පන්දු යැවීමේ දී ලහිරු ඩිල්ශාන් කඩුලු 4ක් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ ඉසිපතන විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 77ක් පමණි. එහි දී බුද්ධිල දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 28ක් තුළ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 98 (පන්දුවාර 41.3): සංජුල ඉලංගතිලක 55, හරීන් බුද්ධිල 5/21, කවිඳු මධුරංග 2/09, රවිඳු සංජන 2/11.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 72): රවිඳු සංජන 67,  ලහිරු ධනංජන 51, පසිඳු නානායක්කාර 36, ලහිරු ඩිල්ශාන් 4/50, මදුශික සඳරුවන් 2/38.

ඉසිපතන විද්‍යාලය (දෙවන ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 77 (පන්දුවාර 33): හරීන් බුද්ධිල 5/28.

ශ්‍රී ලංකා – පාකිස්තාන විස්සයි විස්සට පෙර

විකුම් සංජය පාකිස්තානු කණ්ඩායම සමඟින් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට මෙම යොවුන් වේගපන්දු


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර තරගය

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ, ලකුණු 122ක් පමණි. කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ වෙස්ලි විද්‍යාලය ද ලකුණු 130කට නවතාලන්නට සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට හැකි විය. එහි දී මහේෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ පළමු දිනය නිමා වන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 2ක් දැවී එක් ලකුණක් ලබාගෙන සිටියේය. අනතුරුව ශෙහාන් ප්‍රනාන්දු හා එක්වූ කවීෂ ජයතිලක ලකුණු 48ක් ලබාගෙන වෙස්ලි විද්‍යාලයට අභියෝගයක් විය හැකි ලකුණු පුවරුවක් දක්වා සිය විද්‍යාලයේ ඉනිම නංවාලන ලදි. අවසානයේ සාන්ත බෙනඩික්ට් ඉනිම ලකුණු 176කට සීමා කිරීමට මොවින් සුභසිංහ ඇතුළු වෙස්ලි පන්දු යවන්නන්ට හැකි වූ අතර, එහි දී ඔහු දෙවන ඉනිම තුළ කඩුලු 5ක් දවා ගනිමින් මෙම තරගය පුරාවට කඩුලු 8ක් දවා ගන්නා ලදි.

ලකුණු 169ක ඉලක්කයක් හඹා යාමට පිටියට අවතීර්ණ වූ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් අගනා පිතිකරණයක නිරත වූ දකුණත් පිතිකරු හසිත් ගීසර, ලකුණු 75ක් ලබාගෙන සිය විද්‍යාලයේ ජයග්‍රහණයට අවශ්‍ය පාදම සකස් කළේය. ශෙනාල් දංගල්ල නොදැවී ලකුණු 47*යි.  පන්දු යැවීමේ දී මහේෂ් කඩුලු 3යි.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 122 (පන්දුවාර 42.1): කවීශ ජයතිලක 26*, මොවින් සුබසිංහ 3/46, සකුන්ත ලියනගේ 2/12, මොහොමඩ් උබිගුල්ලා 2/16, තරින්ද බක්මීවැව 2/22.

වෙස්ලි විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 130 (පන්දුවාර 36.1): හසිත් ගීසර 28, තිසුරක අක්මීමන 27, මහේෂ් තීක්ෂණ 5/31, චතුරංග ලක්මාල් 2/15, කවීෂ ජයතිලක 2/31.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 176 (පන්දුවාර 44.2): ශෙහාන් ප්‍රනාන්දු 67, කවීෂ ජයතිලක 48, මොවින් සුභසිංහ 5/85, සකුන්ත ලියනගේ 2/21.

වෙස්ලි විද්‍යාලය (දෙවැනි ඉනිම) – කඩුලු 8ක් දැවී ලකුණු 171 (පන්දුවාර 49.3): හසිත ගීසර 75, ශෙනාල් දංගල්ල 47*, සහිල් ඩයස් 27,  මහේෂ් තීක්ෂණ 3/67.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<