‘දාදා’ නම් කල්කටාවේ කුමරාගේ ක්‍රිකට් ආගමනය

271
Sourav Ganguly
David Munden/ Getty Images

1996 වසරේ මාර්තුවේ යම් දිනක කල්කටාවේ ඊඩන් ගාඩ්න්ස් ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකාගාරයේ ඉහළ මාලයේ සිට මොහොමඩ් අසාරුඩීන්ගේ ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ දණින් වැටෙනු ඔහු ඉතා සංවේගයකින් බලා සිටියේය.

“ප්‍රේක්ෂකයෙකු ලෙසින් මා එවැනි දර්ශනයක් කිසිම දිනක දැක නැහැ. සෑම කඩුල්ලක් දැවී යන අවස්ථාවක දී ම ඉන්දියානු ප්‍රේක්ෂකයින් තව තවත් වියරු වුනා. සියල්ල පාලනය කළ නොහැකි තත්ත්වයකයි තිබුණේ. අවසානයේ තරග තීරක ක්ලයිව් ලොයිඩ් පැමිණ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා. 

එවලේ මට වැටහී ගිය පරිදි ඉන්දියානු නායකයා කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව ගත් තීරණයේ පටන් වැඩ සියල්ල වරද්දා ගෙන තිබුණේ. නමුත් පසු කාලීනව මා ඉන්දියානු කණ්ඩායමේ නායකත්වයට පත්වූ විට තේරුම් ගියා ප්‍රේක්ෂකාගාරයේ සිට තීරණ ගන්නවාට වඩා පිටිය ඇතුළේ සිට තීරණ ගැනීම කෙතරම් අපහසුද කියා”

1996 ලෝක කුසලාන ජය අරවින්දගේ ඇසින්!

1996 විල්ස් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස හඳුන්වන්න පුළුවන්

1972 වසරේ ජූලි 8 වැනිදා කල්කටාවේ දී උපත ලද සව්රව් චන්දිදාස් ගංගුලි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා භාවිතාව සම්පූර්ණයෙන්ම වෙනස් කළ චරිතයක් ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඉන්දියානු උපමහද්වීපයෙන් පිටත දී ඉන්දියානුවන්ට තරඟ ජය ගත හැකි බව පෙන්නුම් කළ, ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවකට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාව හුරු කරවීමේ ප්‍රධානතම චරිතය ලෙසට ගංගුලි හැඳින්විය හැකිය.

“ඔබට අවංකව කිව්වොත් කුමන හෝ ආකාරයකින් ඉන්දියානු කණ්ඩායම ජය ගැනීම එදා මගේ ප්‍රාර්ථනාව වුනා. නමුත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ කෝණයෙන් බැලුවහොත් එවර ඉන්දියානු ක්‍රිකට් සමයේ හොඳින් දස්කම් අතර සිටි මා වැන්නෙකුට අවස්ථාවක් ලැබීමට ඉන්දියානු කණ්ඩායමේ බලාපොරොත්තු නොවූ පරාජය වක්‍රාකාරයෙන් විශාල බලපෑමක් සිදු කළා.

මා අවංකවම විශ්වාස කරන දෙයක් එදා ඉන්දියානු කණ්ඩායම කල්කටාවේ දී ජයග්‍රහණය කළා නම් නැවත වතාවක් මා හට ඉන්දියානු කණ්ඩායමක් නියෝජනය කිරීමේ අවස්ථාව ඉතාම සීමිත වීමට තිබුණා.

ලෝක කුසලානයෙන් පසුව ඉන්දියානු කණ්ඩායමට සිංගප්පූරුවේ සහ සාජා නුවර සංචාරය කිරීමට නියමිතව තිබුණා.

කල්කටාවේ තරගයෙන් දින කිහිපයක ඇවෑමෙන් ඉහත කී සංචාර දෙකට සහභාගී වන ඉන්දියානු කණ්ඩායම තෝරාගැනීමට තේරීම් කමිටුව බොම්බායේ දී රැස්වන බවත් මා දැන සිටියා.

වසර හතරකට පසු නැවත වතාවක් ඉන්දියානු කණ්ඩායම නියෝජනය කිරීමේ විශාල අවස්ථාවක් ඇති බව මට හැඟී ගොස් තිබුණේ.

එදින සවස් වරුවේ මට කල්කටාවේ පුහුණු සැසියක් තිබුණා. ඒ පුහුණු සැසිය පුරාවටම මට හරියාකාරයෙන් පන්දුවක් පිත්තේ වද්දවා ගැනීමට නොහැකිවුණා. සැබවින්ම මගේ හිත තිබුණේ මුම්බායි නුවර. රූපවාහිනියේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින් ඉදිරියේ ක්‍රීඩා කරන ආකාරය මම මනසින් මවා ගත්තා. ඒ සෑම අවස්ථාවක දී ම මගේ මුළු ශරීරයම හිරිවැටී යන ස්වභාවයක් මට දැනුණා.

ජීවිතයේ එක්වරක් හෝ ඔබ එවන් බලාපොරොත්තු දල්වා ගෙන බලා සිටින මොහොතක්, ජීවිතයේ සියල්ල මොහොතකින් වෙනස් කරන යම් මොහොතක් තිබෙන්නට පුළුවන්. අවුරුදු හතරක් තිස්සේ කැකෑරෙන වේදනාවක් සිතේ දරාගෙන ඒ අවස්ථාව උදාවන තුරු මා බලා සිටියා.

පාසලෙන් නික්මෙන විට සීයා විසින් මා වෙත ලබා දුන් පැරණි මරුටි 800 වර්ගයේ මෝටර් රථයෙන් මා පුහුණු සැසිය නිමා වී නැවත නිවස බලා පැමිණෙමින් සිටියේ. 

එවලේ මා හඳුනන මාධ්‍යවේදියෙකුගෙන් ඒ පණිවිඩය මට ලැබුණේ. 

අනූ ගණන්වල අපි, ක්‍රිකට් සහ සබ්සේ බඩා කිලාඩි!

අක්ෂේ කුමාර් රඟපෑ සබ්සේ කිලාඩි චිත්‍රපටය ඉන්දියාවේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් පෙරළි කරමින් තිබූ සමයයි

මගේ බලාපොරොත්තු සුන් කරමින් නැවත වතාවක් මා ඉන්දියානු කණ්ඩායමෙන් ප්‍රතික්ෂේප වී තිබුණා. එය මට දරාගැනීමට අපහසු කාරණාවක් වුනා. නමුත් තවදුරටත් මහන්සි වී ක්‍රීඩා කිරීමෙන් මගේ අවස්ථාව කෙදිනක හෝ ලැබෙනු ඇති බවත් මා විශ්වාස කළා.

සිංගප්පූරුව බලා ගිය ඉන්දියානු කණ්ඩායම එහි දී ද උසස් දස්කම් පෑවේ නැහැ. රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටින ප්‍රේක්ෂකයෙකු වූ මා මේ අවස්ථාවේ ඉන්දියානු කණ්ඩායමේ සිටියා නම් කුමන ආකාරයෙන් ක්‍රීඩා කරනු ඇත්දැයි මනසින් මවා ගත්තා.

එක්දින තරගාවලි දෙකෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායමට මීළඟට තිබුණේ එංගලන්ත සංචාරයක්. මගේ බලාපොරොත්තු නැවත වතාවක් ඉහළට එසැවී තිබුණා.

එවර තේරීම් කමිටුව රැස්වන අවස්ථාවේ මා සිටියේ ඊඩන් ගාඩ්න්ස් පිටියේ. නැගෙනහිර බෙංගාලය වෙනුවෙන් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කරගෙන සිටි මා හට සවස හතර පමණ වන විට ඒ ආරංචිය ලැබුණා. 

නැවත වතාවක් සව්රව් ගංගුලිට ඉන්දීය වරම්. එංගලන්තය බලා යන ඉන්දියානු සංචිතයට ගංගුලිත් තෝරාගෙන!

මා ඉතාම උද්දාමයට පත්වී සිටියේ. මගේ පවුල් පසුබිම ඉතාම ආගමට බර එකක්. මා නිවසට ගිය වහාම මගේ අම්මා දේව ආශීර්වාදය ලබා ගැනීමට සියල්ල සූදානම් කර තිබුණේ.

සතියකට පමණ පසු ඉන්දියානු කණ්ඩායම හීත්‍රෝ ගුවන්තොටින් එක්සත් රාජධානියට ගොඩ බැස්සා. නමුත් මගේ හිතේ අමතර බරක් නොතිබුණාම නොවේ.

සව්රව් ගංගුලි නැවත ඉන්දියානු කණ්ඩායමට තෝරාගැනීම ගැන තේරීම් කමිටුවට සෑහෙන චෝදනාවක් එල්ල වී තිබුණේ. මගේ වාසනාවකට අද මෙන් එදා ඉන්දියානු මාධ්‍ය ප්‍රබල තත්ත්වයක තිබුණේ නැහැ.

එංගලන්ත- ඉන්දියා පළමු තරඟයට නැවත වතාවක් මා තෝරාගෙන තිබුණේ නැහැ. බංකුවක වාඩි වී නරඹන්නෙකු ලෙස තරගාවලිය පුරාවටම සිටින්නට වේවි යන සිතුවිල්ල ඒ වන විට මට හැඟී ගොස් තිබුණේ. පළමු ටෙස්ට් තරඟයෙන් නැවත වතාවක් ඉන්දියානු කණ්ඩායම පරාජයට පත් වී තිබුණා.

පළමු තරගයේ පරාජයෙන් අනතුරුව ඉන්දියානු කණ්ඩායම නැවත වතාවක් ලන්ඩනය බලා එමින් සිටියා. එවෙලේ මා වෙත පැමිණි අජේ ජඩේජා ‘මේ සංචාරය නිමාවන විට ඔබ සුපිරි තරුවක් වී නවතින්නේ’ යනුවෙන් ප්‍රකාශ කළා. ජඩේජා විහිළුවක් කරන්නට ඇතැයි විශ්වාස කළ මා ඔහු දෙස බලා නිහඬවම සිනාවුණා.

ලෝඩ්ස් තරගයට පෙර දිනයේ පුහුණු දැල වෙත ගිය මම සෑහෙන දෙගිඩියාවකින් පසුවුණේ. පන්දු යවන්න ද, පිතිහරඹයේ යෙදෙන්න ද මා කල්පනා කරමින් සිටින විට ඉන්දියානු කණ්ඩායමේ පුහුණුකරු සන්දීප් පටිල් මා වෙත පැමිණියා. 

හිතුවක්කාර ඉන්දියානුවා ‘විරු පාජී’

පාසල් ගොස් පැමිණි දිල්ලියේ කුඩා දරුවෙකු සිය පාසල් බෑගය වෙනදාට විසිකර දමන තැනටම තල්ලු කර

‘ඔබ හෙට තරගයට ක්‍රීඩා කරනවා. නොම්මර තුන ස්ථානයේ පිතිහරඹයේ යෙදීමට නියමිතයි.’

ඔහුගේ මුහුණේ තිබුණේ විඩාපත් බවක්. එවර එංගලන්ත සංචාරයේ කිසිම තරගයක් ඉන්දියානු කණ්ඩායම හොඳින් ක්‍රීඩා කර තිබුණේ නැහැ.

මට පුහුණුකරුවාගේ ඇසීමට ප්‍රශ්න රාශියක් සිතේ තිබුනත් මගේ දිව ගොළු වී තිබුණේ. ඉන්දියානු ආරම්භක පිතිකරුවන් දෙදෙනා ලෙසින් කටයුතු කිරීමට සිටියේ වික්‍රම් රාතෝර් සහ නයාන් මොන්ගියා. නයාන් මොන්ගියාට ඉන්දියාවෙන් පිටත දී ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කටයුතු කර අත්දැකීම් නැහැ. එබැවින් වැඩි වේලා යන්නට මත්තෙන් මට පිතිහරඹයට යෑමට සිදුවන බව මා දැන සිටියා.

තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම දෙවන දිනයේ දී ලකුණු 344කට දැවී ගියා. පන්දු යැවීමෙන් මම නසාර් හුසේන්ගේ සහ ග්‍රැහැම් හික්ගේ කඩුලු දෙක දවා ගැනීමට සමත් වුනා. එය මට මානසිකව සෑහෙන හයියක් වුනා.

තරගයේ දෙවන දිනය අවසානයේ මගේ නම ඉදිරියෙන් නොදැවුණ ලකුණු 26ක් සටහන් වී තිබුණා. ක්‍රිකට් ක්‍රීඩාවේ දී විරාමයක් ලැබීම රිද්මයට බාධාවක් කියන එක සෑහෙන කියවෙන දෙයක්. නමුත් මට එවැන්නක් කිසිම විටෙක දැනුණේ නැහැ.

තරගයේ තෙවැනි දිනයේ දිවා ආහාරයට තරඟය නතර කරන විට මම අර්ධ ශතක කඩඉම පසුකර තිබුණේ. එංගලන්ත පන්දු රකින්නන් ඔවුන්ට සුපුරුදු වාග් ප්‍රහාරය ආරම්භ කර තිබුනත් මගේ මානසික ඒකාග්‍රතාවයට බලපෑමක් කරන්න ඔවුන්ට හැකි වූයේ නැහැ.

කවර් පෙදෙස හරහා එල්ල කළ හතරේ පහරක් සමග මගේ දෑත් ඉහළට නැගුණා. ඉන්දියානු ක්‍රීඩක විවේකාගරයේ මෙන්ම ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ සිටි සියලුම දෙනා අසුන්වලින් නැගිට අත්පොලසන් දෙන්නට වුනා.

ඔව්, සව්රව් ගංගුලි ඔබ වසර හතරක අතිශය වේදනාකාරී සමයකින් පසුව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි බව ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ගෞරවණීය පුවරුවේ නම සනිටුහන් කරමින් ප්‍රකාශ කළා.”

සව්රව් ගංගුලිගේ A Century Is Not Enough ස්වයං චරිතාපදානය ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<