බදුරලියේ දැවී ගිය කඩුලු සියල්ල බදුරලියේ මලින්ද නමට

92

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ අද (20) පැවති තරගවලට වර්ෂාව බාධා කළ අතර ඒ හේතුවෙන් පැවති තරග දෙකම නියමිත වේලාවට පෙර නතර කර දැමීමට පිටියේ විනිසුරුවෝ කටයුතු කළහ. 

සචින් සහ පවන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (19) පැවති…..

බදුරලිය සහ මීගමුව අතර තරගය (Group B)

මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (20) නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක බදුරලිය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 170ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් අද පිටියට පිවිසි මීගමු ක්‍රීඩකයෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටිය හ. 

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ අද ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 24ක් පමණි. තරගය නතර කරද්දී වගීෂ මධුශාන් නොදැවී ලකුණු 23ක් ද, උමයංග සුවාරිස් නොදැවී ලකුණු 23ක් ද ලබා සිටි අතර පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු සියල්ලේම හිමිකාරීත්වය මලින්ද ජයෝද් සතු විය. 

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 170 (65.2) සචින් ප්‍රනාන්දු 77, රවිඳු රත්නායක 20, පවන් ද සිල්වා 3/19, උමයංග සුවාරිස් 2/17, ඩිනාන් ප්‍රනාන්දු 2/39

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 99 (23.1) වගීෂ මධුශාන් නොදැවී 27, උමයංග සුවාරිස් නොදැවී 23, මලින්ද ජයෝද් 3/31

සාන්ත බෙනඩික් සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ…..

ගාල්ල සහ නාවික හමුදාව අතර තරගය (Group A)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර දිනය පුරා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගයේ අද දිනයේ එකඳු පන්දුවක් හෝ නොයවමින් නතර කිරීමට සිදු වූහ. 

කාසියේ වාසිය දිනූ සංචාරක නාවික හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස තරගය පළමු දිනයට නතර කරන විට තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 140ක් ලබා සිටියහ. 

නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම (පළමු දින තරගය නතර කරන විට පන්දුවාර 42ක දී කඩුලු 6ක් දැවී 140) නවෝද් සමරකෝන් 45, සලිත් ප්‍රනාන්දු 41, සවිඳු පීරිස් 24, කවිඳු දිල්හාර 3/29, රවිශ්ක විජේසිරි 3/40

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<