පාකිස්තාන ක්‍රිකට්වලින් සෆ්‍රාස්ට අසුබ ආරංචියක්!

81

ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ 3-0ක් ලෙස දරුණු පරාජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායමට සිදුවීම පසුගිය කාලය තුල දැඩි කතාබහට ලක්වූ කරුණක් විය. එම තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායමට නායකත්වය දැක්වූ සෆ්‍රාස් අහමඩ් විස්සයි විස්ස හා ටෙස්ට් නායකත්වයෙන් ඉවත් කිරීමට පසුගිය දා එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි.

නීති කැඩූ පුහුණුකරුවන් ගෙදර යවයි

කාලයක් තිස්සේ සිට බංග්ලාදේශ පිතිකරුවන් පා දඟපන්දු යවන්නන්…

වසර කීපයකට පසුව පාකිස්තානයේ දීර්ඝ තරග සංචාරයක් සඳහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් 10 දෙනෙකු ඇතුලත් වූ අතර ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග ද තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබුණි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර පාකිස්තානය සමඟින් විස්සයි විස්ස තරගාවලි 7කට සහභාගි වී ඇති අතර මෙම තරගාවලිය ජයග්‍රහණය එහි පළමු ජයග්‍රහණය ලෙස වාර්තා විය. 

සෆ්‍රාස් අහමඩ්ගේ ඉවත් කිරීමෙන්  අනතුරුව පාකිස්තාන ටෙස්ට් නායකත්වය අසාර් අලීට හිමිව ඇති අතර විස්සයි විස්ස නායකත්වය බාබර් අසාම්ට හිමිව ඇත. මේ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. 

සෆ්‍රාස් ඉවත් කරන්න තීරණය කළා. ඔහුගේ දුර්වල ක්‍රීඩා රටාව නිසා.” එම මාධ්‍ය නිවේදනයේ දැක්විය. 

බාබර් අසාම් නව නායකයා ලෙස එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා කටයුතු කිරීමට නියමිත අතර අසාර් අලී 2019 – 2020 තරග වාරය සඳහා නායකත්වය දැරීමට නියමිතය. 

ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා වන පාකිස්තාන සංචිතය ඔක්තෝබර් මස 21 වැනිදා නම් කරනු ඇත. 

මෙම නායකත්ව වෙනස බොහෝ දෙනාගේ විශ්මයට හේතුවී තිබුණි. පාකිස්තානය සෆ්‍රස් අහමඩ් යටතේ ලෝක විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සමත් වූ අතර ඔවුන් තරගාවලි 11ක් ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම තරගාවලියේ පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමට ද සෆ්‍රාස් සමත්ව ඇත. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 67 කි. 

කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් ආයතනය ගත් මෙම තීරණයෙන් අනතුරුව නව නායකයන් දෙදෙනාට සුබ පැතුම් එක් කිරීමට සෆ්‍රාස් ක්‍රියා කර ඇත. 

වමත්කාරයෝ වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ Major Emerging තරගාවලියේ තවත් තරග කිහිපයක් අද…

“මම සුබපතනවා අසාර් අලීට හා බාබර් අසාම්ට. මම ස්තූතිවන්ත වෙනවා සියලුම පුහුණුකරුවන්ට, තේරීම් කමිටුවට හා අනෙක් නිලධාරීන්ට මේ ගමනේ දී මට උදව් කිරීම පිළිබඳව.” සෆ්‍රාස් මාධ්‍ය නිවේදනයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියා. 

අසාර් අලී මීට පෙර 2015 – 2017 කාලයේ දී පාකිස්තානය එක් ටෙස්ට් තරගයක් හා එක්දින තරග 39ක් මෙහෙයවා ඇත. එහි දී තරග 18ක් පරාජය වී ඇති අතර තරග 21ක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. 

පාකිස්තානය එළඹෙන නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයකට එක්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<