හිටපු ලෝක ශූර නායකයාගෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ගුරුහරුකම්

316

2003 සහ 2007 යන වර්ෂයන්හී ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක ශූරයින් දක්වා ගමන් කළ ඒ ජයග්‍රාහී මාවතේ නියමුවා ලෙසින් අතිමහත් සේවාවක් සිය කණ්ඩායම වෙනුවෙන් ඉටු කළ හිටපු ඕස්ට්‍රේලියානු නායක රිකි පොන්ටින් මෙම වර්ෂයේ දී එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස නම් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔහු ප්‍රධාන පුහුණුකාර ධූරය හොඹවන ජස්ටින් ලැන්ගර්ගේ අධීක්ෂණය යටතේ කටයුතු කරනු ඇත.

තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ…

මෙතෙක් කල් සහකාර පුහුණුකරු ලෙසින් සිය සේවය ඕස්ට්‍රේලියා පිලට ලබා දුන් ඩේවිඩ් සැකර් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟම මෙම නම් කිරීම ඊයේ (8) දිනයේ දී සිදු කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබුණි.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් පවසා සිටියේ පොන්ටින්ගේ මෙම පත්වීම කණ්ඩායමේ නව පුහුණුකරුවන් පිළිබඳ සැලසුමට අනුව ගත් තවත් එක් ඉදිරි පියවරක් වන බවයි. වත්මන් පිතිකරණ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ග්‍රැහැම් හික් මහතා සමඟ සමීපව කටයුතු කරමින් කණ්ඩායමේ පිතිකරණ අංශයේ අඩුපාඩු හඳුනා ගෙන ඒවා නිවැරදි කරගනිමින් ලෝක කුසලාන සහ අළු බඳුන තරගාවලීන් ද්විත්වය සඳහා ශක්තිමත් පිතිකරණ ලැයිස්තුවක් ගොඩනැගීම සඳහා පොන්ටින් සතු අත්දැකීම සමුදාය මහත්සේ ඉවහල් වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා අනුබද්ධිත තාක්ෂණික විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිණියක වෙන බෙලින්ඩා ක්ලාක් පොන්ටිගේ ආගමනය මෙසේ සිය අදහස් පළ කළ සිටියාය.

ලෝක කුසලානය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත්ම සන්ධිස්ථානයන්ගෙන් එකක්. මම විශ්වාස කරනවා පොන්ටින්ගේ සේවය කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වීමෙන් තරගකාරී වාසියක් අපේ කණ්ඩායමට හිමි වෙනවා කියලා. මොකද එක්දින තරගවල දී ක්‍රීඩකයෙකු සහ නායකයෙකු වශයෙන් ඔහු ලබා තිබෙන සාර්ථකත්වය වගේම ඔහුගේ හැකියාවන් සහ අත්දැකීම් කණ්ඩායමේ මානසික මට්ටමට ඉහළට ගෙන එන්න වගේම ජයග්‍රහණය සඳහා අවශ්‍ය උපායමාර්ගයන් සකස් කරගන්න අතිශය තීරණාත්මක වන බව මට හැගෙනවා.”

 තවත් විස්තර කළොත් ලෝක කුසලානයෙන් පසුව අළු බඳුන තරගාවලියේදීත් පොන්ටින්ගේ සහය වැදගත් සාධකයක් වෙන්නේ එංගලන්ත තණතිලිවල දී අපේ පිතිකරුවන් පහර දෙන්න ඕන ආකාරය පිළිබඳ සෑහෙන අවවාද සහ උපදෙස් ප්‍රමාණයක් ඔහුගෙන් ලබාගන්න පුළුවන් නිසයි.”

තරංග – තිසර ගැටුම අවසානයේ BPL කිරුළ කොමිලාවරුන්ට!

සයවැනි වරටත් පැවති බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය ඊයේ (08) නිමාවට පත්වූයේ…

 එංගලන්තයේ දී අවසන් වරට දෙරට අතර පැවති එක්දින තරගාවලියේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අන්තර් කාලීන වැඩ බලන පුහුණුකරු ලෙසින් පොන්ටින් සිය දායකත්වය ලබා දුන් අතර වර්තමානයේ ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රධාන පුහුණුකරු වන ජස්ටින් ලැන්ගර් තම සමකාලීන සඟයාගේ සහය යළිත් වරක් ලබා ගැනීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරමින් සඳහන් කර සිටියේ පොන්ටින් ජයග්‍රහණ පිපාසයකින් සෑම විටම පසුවන කෙසේ හෝ තම ඉලක්කයන් කරා ගමන් කරන දැඩි අධිෂ්ඨානශීලී පුද්ගලයෙකු බවයි.

තමාට ලැබුණු මෙම අභියෝගාත්මක බාර ධූර වගකීම පිළිබඳ අදහස් දක්වමින් රිකී පොන්ටින් මෙසේ සඳහන් කළේ,

“මට විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම් සමඟ මීට පෙර අවස්ථාවක දී කටයුතු කරන්න ලැබුනත් ඊටත් වඩා විශාල සතුටක් මට මේ අවස්ථාවේ දී දැනෙනවා, මොකද ලෝක කුසලානය කියන්නේ සාමාන්‍ය තරගාවලියක් වගේ නෙමේ. තේරීම් කමිටුව ඉදිරියේ විශාල අභියෝගයක් දැනටමත් මතුවෙලා තියෙනවා, මොකද සංචිතයේ ඉන්න සෑම ක්‍රීඩකයෙකු ඉතාමත් හොඳ දක්ෂතා සහිත ක්‍රීඩකයින්. මට අපේ ක්‍රීඩකයෝ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ලෝක කුසලානයේ දී අපේ කණ්ඩායම පරාජය කරන එක අනෙක් කණ්ඩායම්වලට එතරම් ලෙහෙසි වෙන එකක් නැහැ.”

එළඹෙන ඉන්දීය සහ එමීර් සංචාරයන්ගෙන් අනතුරුව පොන්ටින් නව ධූරයේ වැඩ බාර ගැනීමට නියමිත බව එරට ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<