ත්‍රිත්ව, මහින්ද සහ සාන්ත තෝමස් ජයග්‍රාහකයින් අතරට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

115
Schools Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක් අද (6) නිමාවට පත් වූ අතර ඉන් තරග තුනක් ප්‍රතිඵල සහිතව අවසන් විය. ඒ අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ජයග්‍රාහකයින් ලෙස අද දිනය සඳහා තිත තබන ලදි.

අවිශ්කගේ ඉනිම සාන්ත අන්තෝනි විද්‍යාලයට කොළ එළි ගෙන එයි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග පහක් අද (05)

දෙවන දිනයට පැවැත්වූ තරග 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. ධර්මාශෝක පළමු ඉනිම ලකුණු 134කට සීමා කළ සාන්ත තෝමස් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.

එයට පිළිතුරු දුන් සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 310ක් ලබා ගනිමින් සිය පළමු ඉනිම සඳහා දැවැන්ත ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ගත් අතර එහි දී ශලින් ද මෙල් සහ මනීෂ රූපසිංහ අර්ධ ශතක ලාභීන් බවට පත් විය. 

එයට පිළිතුරු දුන් ධර්මාශෝක විද්‍යාලය ඉනිමක පරාජයෙන් ගැලවීමට වෑයම් කළ ද තරගය පුරාවට කඩුලු 6ක් දවා ගනිමින් පන්දු යැවූ දිල්මින් රත්නායකගේ දස්කම් නිසාවෙන් ධර්මාශෝක දෙවන ඉනිම ලකුණු 128කට සීමා විය. සාන්ත තෝමස් විද්‍යාල නයක් තෙවින් ඊරියගම ද කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

ධර්මාශෝක විද්‍යාලය : 134 (43) සසිඳු මල්ෂාන් 40, හසිත රාජපක්ෂ 24, චමිඳු ඩිල්ශාන් 24, තෙවින් ඊරියගම 4/14, යසිරු රොද්‍රිගෝ 2/32, දිල්මින් රත්නායක 2/33. සහ 128 (34.4) සනුල සමීන් 30, රන්දුල සෝමවීර 28, චානක ජනංග 23, දිල්මින් රත්නායක 4/27, ශමිල්ක වික්‍රමතිලක 3/19, තෙවින් ඊරියගම 2/16.

සාන්ත තෝමස්  විද්‍යාලය : 310/8d (46) ශලින් ද මෙල් 66, මනීෂ රූපසිංහ 57, දිල්මින් රත්නායක 48, උමයංග සුවාරිස් 47, සහන් සංකල්ප 4/78, ලොහාන් අරෝෂණ 4/123.


ගාල්ල මහින්ද විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

මහින්ද විද්‍යාලයට කඩුලු 4ක් ජයක් හිමි වූ මේ තරගය කටුනේරිය ක්‍රිකට් පිටියේ දී නිමා විය. කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය වෙනුවෙන් තිලින පෙරේරා සහ අශේන් ප්‍රනාන්දු හැරෙන්නට අනෙක් ක්‍රීඩකයින් හට එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි විය. 

රශ්මික මදුසංකගේ පිතිකරණ දස්කම් සහ කුෂාන් මධූෂගේ පන්දු යැවීමේ දස්කම් සවියක් කරගත් මහින්ද විද්‍යාලය මෙවර තරග වාරය තුල ලබාගත් පළමු පූර්ණ තරග ජයග්‍රහණය මෙයයි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය : 167 (67.4) තිලින පෙරේරා 61, චෙමිඳු වීරවංස 26*, කවිඳු ලක්ෂාන් 4/45, සිතිර හේලිත 3/11. සහ 103 (28.2) ආමන්ත පෙරේරා 33, කවීන් ප්‍රනාන්දු 23, පසිඳු පෙරේරා 23, කුෂාන් මධූෂ 7/29, සුභානු රාජපක්ෂ 3/34.

මහින්ද විද්‍යාලය – 165 (70.4) රශ්මික මධුසංක 67, සුභානු රාජපක්ෂ 26, නවීන් ප්‍රනාන්දු 3/30, අශේන් ප්‍රනාන්දු 3/38. සහ 108/6 (29.2) සඳෙව් ඉඳුවර 29, අශේන් ප්‍රනාන්දු 4/30.


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ සිය අටවන කාණ්ඩ තරගය සඳහා මුහුණ දුන් ත්‍රිත්ව විද්‍යාලය එම තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින් මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ ලබා ගත් සයවැනි පූර්ණ තරග ජයග්‍රහණය තමන් සතු කරගන්නා ලදි. 

ආනන්ද විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර එහි දී ආනන්ද පළමු ඉනිම ලකුණු 174කට ද දෙවන ඉනිම ලකුණු 156කට ද සීමා කිරීමට නායක රුවින් පීරිස්, අභිෂේක් ආනන්ද කුමාර් ඇතුළු ත්‍රිත්ව විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. 

Photos: Ananda College Vs Trinity College – U19 Cricket Tournament 2019/20

තෙවින් අමරසිංහගේ පිතිකරණයෙන් බලගැන්වුණු ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 229කට සීමා වූ අතර ලකුණු 102ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක ත්‍රිත්ව විද්‍යාලය පන්දු 58ක් තුල කඩුලු 2ක් පමණක් වැය කරමින් සිය ජයග්‍රහණ රැල්ල තවදුරටත් ඉදිරියට රැගෙන ගියේය. 

ආනන්ද විද්‍යාලය : 174 (62.4) සවිරු බණ්ඩාර 58*, නෙත්ම කරුණාරත්න 54, රුවින් පීරිස් 5/42, ශේන් ගුණතිලක 3/43. 156 (66) ජනිඳු ජයවර්ධන 64, සවිරු බණ්ඩාර 23, අභිෂේක් ආනන්දකුමාර් 4/66, රනුද සෝමරත්න 3/14, උවිඳු විමලධර්ම 2/18.

ත්‍රිත්ව විද්‍යාලය – 229 (48.5) තෙවින් අමරසිංහ  88, පවන් පතිරාජ 39, අභිෂේක් ආනන්දකුමාර් 25, සවිරු බණ්ඩාර 4/56, ඉසුරු අයේෂ් 2/49. සහ 105/2 (9.4) දිනිත සිරිවර්ධන 59*.


ගුරුකුල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

බුලත්සිංහල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් ලික්ශාන් සසංග, ශෂික බස්නායක සහ සිතිජ චමෝද් යන ක්‍රීඩකයින් සිය දස්කම් ප්‍රදර්ශනය කරමින් දස්කම් දක්වන ලදි.

ගුරුකුල විද්‍යාලය : 207/9d (53.2) ලික්ශාන් සසංග 56, ප්‍රවීන් නිමේෂ් 49, රශ්මික මෙවන් 48, ශෂික බස්නායක 8/95. සහ 153/4d (38) සිතිජ චමෝද් 57*, කෙමිර නයනතරු 51, චරිත් රාජගුරු 2/28.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය : 126 (51.3) චන්දුල ජයකොඩි 29, මලීෂ සිල්වා 22, රිෂිත සංකල්ප 4/19, තුෂාර මධුශාන් 3/17. සහ 86/7 (36) චන්දුල ජයකොඩි 30, කසුන් එදිරිතිලක 24, තුෂාර මධුශාන් 3/18, රශ්මික මෙවන් 2/18.

මිලන්තගෙන් ද්විත්ව ශතකයක්; සිගේරා සහ ෆාහිම් පන්දුවෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) අවසන් වූ ලංකන් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා.


පළමු දිනයට පැවැත්වූ තරග 

වේල්ස් කුමර විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

මොරටු මහා විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මොරටු මහා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

වේල්ස් කුමර විද්‍යාලය – 202 (73.3) පසිඳු පැතුම් 50, ලක්ෂාන් පෙරේරා 38, ඔමේෂ් මෙන්ඩිස් 24, තරිඳු අමරසිංහ 23, විනුර නිපුන් 5/53, රෂාන් කවිෂ්කා 2/29, විශ්ව දිදුලන 2/44.

මොරටු මහා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 51/2 (20)

Photos: Prince of Wales College Vs Moratu Maha Vidyalaya | U19 Cricket Tournament 2019/20


සාන්ත ආනා විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය (B කාණ්ඩයේ තරගය)

සාන්ත ආනා විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත ආනා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

සාන්ත ආනා විද්‍යාලය – 168 (54.5) කවිඳු ඒකනායක 68, කවිඳු රණසිංහ 35, පසිඳු දිමුදිත 3/12, ලක්ෂිත පූරසිංහ 5/35.

ධර්මපාල විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 80/4 (40) තිසර ශිහාර 25, කවිඳු රණසිංහ 2/16, මනාන් මුසම්මිල් 2/23.

ගිලීගේ ක්‍රීඩාශීලීත්වය පිටුපස තිබූ අඳුරු පැතිකඩ!

2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වුණේ දකුණු අප්‍රිකාවේ පෝර්ට් එළිසබෙත්


මාතර සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

සාන්ත තෝමස් විද්‍යාලය – 193 (82) හිරන්ත ලක්ෂාන් 41, හිරුෂ ජීවජිත් 48*, කල්ප මෙත්සර 3/18, සඳුන් මෙන්ඩිස් 2/17, තරිඳු නිර්මාල් 2/26, සුගීත් නිම්නාද 2/28.

රිච්මන්ඩ් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 37/2 (14)

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (07) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<