අවිශ්කගේ ඉනිම සාන්ත අන්තෝනි විද්‍යාලයට කොළ එළි ගෙන එයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

81

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග පහක් අද (05) දිනයේ දී ක්‍රියාත්මක වූ අතර ඉන් එක් තරගයක් නිමාවට පත්වූයේ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. 

මහානාම පළමු ඉනිමේ ජය මහීම ඇතුළු නාලන්දාව උදුරා ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග හතරක්…

දෙවන දිනයට පැවැත්වූ තරගය 

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (C කාණ්ඩයේ තරගය) 

මූලික වටයේ අවසන් තරග කිහිපය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර එහිදී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය, මලියදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීම නිසා පළමු පෙළ සිට දෙවන පෙළ දක්වා ඇද වැටීමට සිටි අවදානම් කාණ්ඩයෙන් ගොඩ ඒමට සාන්ත අන්තෝනි විද්‍යාලයට හැකි විය. එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙන අවිශ්ක තරිඳු රැස්කළ ලකුණු 80 ඉනිමේ විශාල සවියක් විය. 

සාන්ත අන්තෝනි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුව පන්දු යැවූ අතර මලියදේව විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී ලකුණු 146ක් රැස්කර ගත්තේය. එයට පිළිතුරු ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 255ක් රැස්කර ගෙන සිය පළමු ඉනිමේ ජය තහවුරු කර ගන්නා ලදි. 

ලකුණු 109ක පළමු ඉනිමේ දැවැන්ත අවාසියක් සමඟින් සිය දෙවන ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි මලියදේව විද්‍යාලය වෙනුවෙන් ලකුණු 80ක් රැස්කර ගෙන සිය සුපුරුදු රිද්මයට නැවතත් පැමිණීමට මුදිත ප්‍රේමදාස සමත් විය. මුදිත ප්‍රේමදාස මෙවර පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය තුළ ලකුණු 1000 සීමාව පසුකර තිබෙන එකම පිතිකරුවා වේ. 

මෙම තරගයේ දී මලියදේව විද්‍යාලයේ මතීෂ වීරසිංහ සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමේ කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. 

මලියදේව විද්‍යාලය : 146 (62.4) ගයාන් කරුණානායක 37, ජයමින් මුතුකුමාරණ 24, අවිශ්ක තරිඳු 3/23, අමිත සංදීප 2/23, කවීෂ දුලංජන 2/21, දිනුක විශාල් 2/31. සහ 182/7(40) මුදිත ප්‍රේමදාස 80, ශලුක අතපත්තු 42*, මතීෂ වීරසිංහ 26, රොමේෂ් චතුරංග 3/91. 

සාන්ත අන්තෝනි විද්‍යාලය : 255 (91) අවිශ්ක තරිඳු 80, දිනුක විශාල් 37, අමිත සංදීප 36, ගිහාන් සස්මිත 27, රොමේෂ් සුරංග 27, මතීෂ වීරසිංහ 5/57, සකිඳු විජේරත්න 3/40. 

තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. (මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජය) 

පළමු දිනයට පැවැත්වූ තරග 

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය (B කාණ්ඩයේ තරගය) 

සාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ධර්මාශෝක විද්‍යාලය : 134 (43) සසිඳු මල්ෂාන් 40, හසිත රාජපක්ෂ 24, චමිඳු ඩිල්ශාන් 24, තෙවින් ඊරියගම 4/14, යසිරු රොද්‍රිගෝ 2/32, දිල්මින් රත්නායක 2/33. 

සාන්ත තෝමස්  විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 310/8 (46) ශලින් ද මෙල් 66, මනීෂ රූපසිංහ 57, දිල්මින් රත්නායක 48, උමයංග සුවාරිස් 47, සහන් සංකල්ප 4/78, ලොහාන් අරෝෂණ 4/123. 

රිසිත් උපමාල් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (04)…

ගුරුකුල විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (C කාණ්ඩයේ තරගය)

බුලත්සිංහල ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. 

ගුරුකුල විද්‍යාලය : 207/9d (53.2) ලික්ශාන් සසංග 56, ප්‍රවීන් නිමේෂ් 49, රශ්මික මෙවන් 48, ශෂික බස්නායක 8/95. 

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 69/3 (24) චන්දුල ජයකොඩි 29. 

ගාල්ල මහින්ද විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය (A කාණ්ඩයේ තරගය)

කටුනේරිය ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් මාරිස් ස්ටෙලා විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

මාරිස් ස්ටෙලා විද්‍යාලය : 167 (67.4) තිලින පෙරේරා 61, චෙමිඳු වීරවංස 26*, කවිඳු ලක්ෂාන් 4/45, සිතිර හේලිත 3/11. 

මහින්ද විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 87/5 (33) රශ්මික මධුසංක 25*, නවීන් ප්‍රනාන්දු 2/11.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය (D කාණ්ඩයේ තරගය)

ආනන්ද විදුහල් ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනා ගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි. 

ආනන්ද විද්‍යාලය : 174 (62.4) සවිරු බණ්ඩාර 58*, නෙත්ම කරුණාරත්න 54, රුවින් පීරිස් 5/42, ශේන් ගුණතිලක 3/43. 

ත්‍රිත්ව විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 150/5 (31.5) තෙවින් අමරසිංහ 63*, පවන් පතිරාජ 39, අභිෂේක් ආනන්දකුමාර් 25, ඉසුරු අයේෂ් 2/36. 

පළමු දිනය වෙනුවෙන් ක්‍රියාත්මක වූ තරග හෙට (06) දිනයේ දී දෙවන දිනය වෙනුවෙන් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<