මිලන්තගෙන් ද්විත්ව ශතකයක්; සිගේරා සහ ෆාහිම් පන්දුවෙන් වැඩ පෙන්වයි

122

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට් තරගාවලියේ අද (05) අවසන් වූ ලංකන් ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර තරගයේ දී ද්වත්ව ශතකයක් වාර්තා කිරීමට බදුරලිය ක්‍රිකට් සමාජයේ වමත් පිතිකරු ලහිරු මිලන්ත සමත් විය.

රිසිත් උපමාල් ශතකයක් වාර්තා කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier A ක්‍රිකට්…

B කාණ්ඩයේ තරගයක් ලෙසින් මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් අවසන් වූයේ බදුරලිය ක්‍රිකට් සමාජයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා දෙමිනි.

කාසියේ වාසිය දිනා ගත් බදුරලිය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ලංකන් ක්‍රිකට් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 429ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 648ක් ලබා සිටියහ.

පෙර දිනයේ නොදැවී ලකුණු 64ක් ලබා සිටි ලහිරු මිලන්ත අද තම 155 වැනි ලකුණ ලබා ගත්තේ පළමු පෙළ ක්‍රිකට් තරගවල ලකුණු 4000ක් ද වාර්තා කරමිනි. ලහිරු මිලන්ත තම ඉනිම අවසන් වෙන විට පන්දු 314කට මුහුණ දෙමින් හතරේ පහර 27ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 252ක් ලබා ගත්තේය. එය ඔහුගේ පෞද්ගලික හොඳම ඉනිම ලෙසින් ද වාර්තා පොත් සැරසුවේය.

මීට පෙර ලහිරු රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන අවදියේ දී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට එරෙහිව ලබා සිටි ලකුණු 191 ඔහු ක්‍රීඩා සමාජයකට එරෙහිව වාර්තා කළ හොඳම පෞද්ගලික ඉනිම ලෙසින් වාර්තා වී තිබුණි.

ඊට අමතරව ඔහු ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම හා සමග කළ දකුණු අප්‍රිකානු සංචාරයේ දී ලකුණු 196ක් ලබා ගනිමින් කාගේත් අවධානය දිනා ගැනීමට සමත් විය.

ලහිරු සමඟින් පෙර දිනයේ සිට පිටියේ රැඳී සිටි පාකිස්තාන ක්‍රීඩක ශාහිඩ් යුසුෆ් පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තේය. ඔවුන් දෙදෙනා එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 225ක සබඳතාවක් ගොඩ නැගීම ද කැපී පෙණුනි.

බදුරලිය ඉනිම වෙනුවෙන් නායක අලංකාර අසංක පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ද දුෂාන් හේමන්ත පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟ ලකුණු 51ක් ද ලබා ගත්හ.

ලහිරු මිලන්ත සහ අලංකාර අසංක අතර 6 වැනි කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් ගොඩ නැගුණි.

ලංකන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම(පළමු දිනය නතර කරන විට පන්දුවාර 90ක් අවසානයේ දී කඩුලු 8ක් දැවී 299) සියලුම දෙනා දැවී 429 (127) කසුන් අබේරත්න 30, දමිත සිල්වා 82, ගීත් කුමාර 40, චානක රුවන්සිරි 58, රිසිත් උපමාල් 111, ලහිරු සමරකෝන් 4/72, ටී. එන්. සම්පත් 2/57

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම (දෙවැනි දිනට තරගය නතර කරන විට පන්දුවාර 50ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී 212) කඩුලු 8ක් දැවී 648 (138.4) යසෝද ලංකා 46, සාලින්ද උෂාන් 28, බ්‍රාවිෂ් ෂෙට්ටි 35, ලහිරු මිලන්ත 252, ශාහිඩ් යුසුෆ් 124, අලංකාර අසංක 61, දුශාන් හේමන්ත 51, ලහිරු සමරකෝන් නොදැවී 23, උදිත් මධුශාන් 2/114

ටේලර්ගේ ශතකය නිසා කිවියන්ගෙන් වාර්තාගත හඹා යෑමක්!

තරග 5-0ක් ලෙස විස්සයි විස්ස තරගාවලියේ දී අමිහිරි පරාජයකට ලක්වුණු…

සිගේරා සහ ෆාහිම් හොඳම පන්දු යැවීම් වාර්තා කරයි

අන්තර් ක්‍රීඩා සමාජ Major League Tier B ක්‍රිකට් තරගාවලියේ අද (05)  ආරම්භ වූ පොලිස් ක්‍රීඩා සමාජය සහ කළුතර ටවුන් සමාජය අතර තරගයේ දී තම පළමු පෙළ හොඳම පන්දු යැවීම් වාර්තා කිරීමට 20 හැවිරිදි වියේ පසුවෙන අසේල් සිගේරා සහ මොහොමඩ් ෆාහීම් සමත් වූහ.

වමතින් දඟපන්දු යවන අසේල් සිගේරා කළුතර ඉනිම අවසන් වන විට පන්දුවාර 16.1ක් යවමින් නිලකුණු පන්දුවාර 6ක් ද සමඟින් ලකුණු 30කට කඩුලු 4ක් ලබා ගත්තේය. ඔහු‍ගේ මීට පෙර පළමු පෙළ පන්දු යැවීමේ දක්ෂතාව වී තිබුණේ ලකුණු 34කට ලබා සිටි කඩුලු 3යි.

Photos: Police SC vs Kalutara TC – Major League Tier B Tournament 2019/20

තම මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කරන වමතින් වේගපන්දු යවන මොහොමඩ් ෆාහීම් ලකුණු 43කට කඩුලු 3ක් දවා ගත්තේය. මොහොමඩ් ෆාහිම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩකයෙකි.

පොලිස් ක්‍රීඩා සමාජ පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පොලිස් ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට කළුතර ටවුන් සමාජය පිටියට පිවිසි අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 160කට සීමා කිරීමට පොලිස් පන්දු යවන්නෝ සමත් වූහ. එහි දී අසේල් සිගේරා සහ මොහොමඩ් ෆාහීම්ට අමතරව නායක සුජාන් මයුර ද කඩුලු 2ක් ද දවා ගත්තේය.

මහානාම පළමු ඉනිමේ ජය මහීම ඇතුළු නාලන්දාව උදුරා ගනියි

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත්…

කළුතර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හසිත නිර්මාල් ය. ඔහු පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පොලිස් ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 80ක් ලබා සිටියහ. එම ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු මධුරංග සොයිසා පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියේය.

කළුතර ටවුන් සමාජය; සියලුම දෙනා දැවී 160 (65.1) නවීඩ් සර්වාර් 21, හසිත නිර්මාල් 45, ආර්. පුංචිහේවා 37, මොහොමඩ් ෆාහීම් 3/43, සුජාන් මයුර 2/21, අසේල් සිගේරා 4/30

පොලිස් ක්‍රීඩා සමාජය; කඩුල්ලක් දැවී 80 (22) ලක්ෂාන් රොද්‍රිගෝ 25, මධුරංග සොයිසා නොදැවී 46

මෙම තරගය හෙට (06) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<