පොලිස් බැටන් පහරට හැව්ලොක් යටත් වෙයි!

113

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ පළමු තරගය හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජය අතර අද (06) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්විය. එහි දී ලකුණු 24–36ක් ලෙස පහසු ජයක් අත්කර ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

19න් පහළ සංචිතය නම් කෙරේ!

චීනයේ දී දෙසැම්බර් මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ…

තරගයේ 13 වැනි විනාඩියේ දී හැව්ලොක් ක්‍රීඩක චරණ චාමිකට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ ඔහු අනාරක්ෂිත ලෙස ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට හසු කරමිනි.

එතැන් පටන් හැව්ලොක් කණ්ඩායම ක්‍රීඩකයින් 14කට සීමා වූ අතර එම අවස්ථාවෙන් මනාව ප්‍රයෝජන ගත් පොලිස් ක්‍රීඩක ඉමොසි වුනිවෝසා තරගයේ 14 වැනි විනාඩියේ දී තරගයේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යොහාන් පීරිස්ට හැකි විය. (හැව්ලොක් 00 – 07 පොලිස්)

නැවතත් තරගයේ 14 වැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩා සමාජය ඉතා හොඳින් පන්දුව තමන් සතු කර ගනිමින් ක්‍රීඩා කළ අතර පන්දුව පසුපෙළ තුළ පමණක් හසුරවමින් ක්‍රීඩා කළ ආකාරයක් දක්නට ලැබුණි. 

ඒ මොහොතේ දී ක්‍රියාත්මක වූ කසුන් සුරංග පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යොහාන් පීරිස්ට නොහැකි විය. (හැව්ලොක් 00 – 12 පොලිස්)

DRL දෙවැනි සතිය: මහනුවරට යන නාවිකයින්ට මොකක් වෙයි ද?

ඩයලොග් රග්බි ලීගයේ දෙවැනි සතියේ තරග, එළඹෙන සිකුරාදා (06) සිට සෙනසුරාදා (07) දක්වා පැවැත්වීමට…

පසුව තරගයේ 32 වැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත් වැරදීමකට හැව්ලොක් ක්‍රීඩා සමාජයට විනිසුරු දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 03 – 12 පොලිස්)

නමුත් තරගයේ සුක්කානම තම අතට ගනිමින් තරගයේ 34 වැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ ජනිත් චානක තම පාද චලනවලින් හැව්ලොක් ක්‍රීඩකයින් මුළා කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (හැව්ලොක් 03 – 19 පොලිස්)

එසේම හැව්ලොක් ක්‍රීඩා සමාජය වෙත තරගයේ පීඩනය නැවතත් එල්ල කරමින් තරගයේ 40 වැනි විනාඩියේ දී පොලිස් ක්‍රීඩා සමාජයේ ඉරෝෂන් සිල්වා කණ්ඩායමේ හතර වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (හැව්ලොක් 03 – 26 පොලිස්)

ප්‍රථම අර්ධය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 03 – 26 පොලිස් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව පොලිස් ක්‍රීඩා සමාජය අභිබවා යමින් හැව්ලොක් ක්‍රීඩකයින් වේගවත් ක්‍රීඩා විලාශයකින් යුතුව ක්‍රීඩා කරන ආකාරයක් දක්නට ලැබුණි. එහි දී තරගයේ 45 වැනි විනාඩියේ දී ‘Line Out’ අවස්ථාවකින් ප්‍රයෝජන ගත් හැව්ලොක් ක්‍රීඩක ශව්කත් ලාහිර් තරගයේ පළමු හැව්ලොක් උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තන සාර්ථක කර ගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 10 – 26 පොලිස්)

එම උත්සාහක දිනුම වාර්තා කරන අවස්ථාවේ දී පොලිස් ක්‍රීඩක උදාර සූරියප්පෙරුමට විනිසුරු කහ කාඩ්පතක් නිකුත් කළේ ‘Line Out’අවස්ථාවේ දී නීති විරෝධීව ක්‍රීඩා කිරීම හේතුවෙනි.

තරගයේ 56 වැනි විනාඩියේ දී ‘Rolling Maul’ අවස්ථාවක් උපයෝගි කර ගත් හැව්ලොක් ක්‍රීඩකයින් තම ඉදිරිපෙළ ශක්තිමත්භාවය විදහා පාමින් ඉදිරියට ඇදුණ අතර ඒ මොහොතේ දී ක්‍රියාත්මක වූ අබ්දුල්ලා ෆායිස් හැව්ලොක්  වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 17 – 26 පොලිස්)

නැවත 72 වැනි විනාඩියේ දී පන්දුව තමන් සතු කරගෙන ඉදිරියට ඇදුණු පොලිස් ක්‍රීඩකයින් අතරින් ක්‍රියාත්මක වූ පොලිස් ක්‍රීඩක කසුන් සුරංග අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන සාර්ථක කරගැනීමට ජනිත් චන්දිමාල් සමත් විය. (හැව්ලොක් 17 – 33 පොලිස්)

මේට්ලන්ඩ් චන්ද්‍රවංකයට කුසලානය රැගෙන යන්නට සියල්ල සූදානම්!

දරුණු ලෙස අසාර්ථක වූ තරගවාර දෙකකට පසු පෙරළියක් කරමින් CH&FC කණ්ඩායම 2018/19…

තරගයේ අවසන් විනාඩියේ දී හැව්ලොක් කණ්ඩායමේ අත්වැරදීමකට ප්‍රතිඵලයක් වශයෙන් පොලිස් ක්‍රීඩා සමාජයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කර ගනිමින් ජනිත් චන්දිමාල් පොලිස් ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සනාථ කළේය. (හැව්ලොක් 17 – 36 පොලිස්)

නමුත් තරගයේ අවසන් විනාඩියේ දී නැවත ක්‍රියාත්මක වූ හැව්ලොක් ක්‍රීඩා සමාජයේ කේෂාන් කාවින්ද උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ප්‍රින්ස් චාමර සමත් විය. (හැව්ලොක් 24 – 36 පොලිස්)

අවසන් ලකුණු තත්වය: හැව්ලොක් ක්‍රීඩා සමාජය 24 – 36 පොලිස් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – කසුන් සුරංග (පොලිස්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – ශව්කත් ලාහිර් 1T, අබ්දුල්ලා ෆායිස් 1T, කේෂාන් කාවින්ද 1T, ප්‍රින්ස් චාමර 3C 1P
  • පොලිස් ක්‍රීඩා සමාජය – ඉමොසි වුනිවෝසා 1T, කසුන් සුරංග 2T, ජනිත් චානක 1T, ඉරෝෂන් සිල්වා 1T,  යොහාන් පීරිස් 1C, ජනිත් චන්දිමාල් 2C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<