මෙතුශාන් හා අයන්තගේ වික්‍රමය ඩී. එස්. සේනානායකට ජයක් ගෙනේ

217

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර පැවති සුහද තරගයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය අද (5) සමත් විය.

තවත් ක්‍රිකට් විරුවෙකුගෙන් ආන්දෝලනාත්මක තීරණයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් ආරම්භක පිතිකරුවෙක් වන ගෞතම් ගාම්භීර් සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට ඊයේ (4) දිනයේ දී…

බණ්ඩාරගම මහජන ක්‍රිකට් පිටියේ දී ඊයේ (4) ආරම්භ වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කණ්ඩායම් නායක පසිඳු ආධිත්‍ය පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදීන් වන සාන්ත ආනා විද්‍යාලයට ආරාධනා කළ අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 104ක් පමණි. එහි දී සාන්ත ආනා විද්‍යාලය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරගත් දකුණතින් පිතිකරණයේ නිරත වන ලසිත් වර්ණකුලසූරිය ලකුණු 53ක් ලබාගෙන තරගයක් දිය හැකි ලකුණු මට්ටමක් දක්වා සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම ඔසවා තැබුවේ, ඩී. එස්. සේනානායක විද්‍යාලයේ පන්දු යවන්නන් හමුවේ යම් තාක් මට්ටමකට සාර්ථක වෙමිනි.

සාන්ත ආනා විද්‍යාලය ඔවුන්ගේ මුල් ඉනිමට රැස්කරගත් ලකුණු 104ට පිළිතුරු ලෙස ඩී. එස්. සේනානායක විද්‍යාලය සාන්තා ආනා විද්‍යාල පළමු ඉනිම අභිබවා යමින් ලකුණු 209ක් වාර්තා කර ගත්තේ ලකුණු 105ක දැවැන්ත පළමු ඉනිමේ වාසියක් ලබා ගෙනයි. එහි දී  මනරම් පිතිකරණයක නිරත වූ අයන්ත ද සිල්වා ලකුණු 62ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. ඔහුට සහාය වූ පසිඳු ආධිත්‍ය හා චමත් යටවර පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 25ක් රැස්කර ගන්නා ලද්දේ සාන්ත ආනා විද්‍යාලයේ මයාස් මුසම්මිල්ගේ පන්දු යැවීම හමුවේ නොසැලෙමිනි.

ලකුණු 105ක පළමු ඉනිමේ අවාසිය නිසාවෙන් නැගුණු පීඩනය ද අතැතිව පිටියට සපැමිණි සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව යම් ප්‍රගතියක් පෙන්නුම් කරන ලද්දේ, දකුණතින් පිත්ත හසුරුවන කවිඳු රණසිංහ ලබාගත් ලකුණු 79 නිසාවෙන් වන අතර ඔහුගේ ඉනිම 4 පහර 7කින් හා එක් 6 පහරකින් අලංකාරවත් විය. පන්දු යැවීමේ දී සාන්ත ආනා විද්‍යාලයේ පිතිකරුවන් ඉතාමත් හොඳින් මෙල්ල කළ වමතින් පිට දඟපන්දු යවන මෙතුශාන් කුමාර ලකුණු 47කට කඩුලු 7ක් දවා ගත්තේ තරගය පුරාවට සාන්තා ආනා විද්‍යාලයේ කඩුලු 9ක් දවාගෙනයි.

හිටපු සිම්බාබ්වේ නායකයෙකු නැවතත් ශ්‍රී ලංකාවේ දී තරග බිමට

හිටපු සිම්බාබ්වේ නායකයෙකු වන Tatenda Taibu විශ්‍රාම දිවියෙන් මිදී නැවතත් තරග බිමට පිවිසීමට තීරණය කර තිබේ. 2012 වසරේ දී විශ්‍රාම ගිය තායිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ A…

අනතුරුව ලකුණු 53ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට තණතීරුව මතට අවතීර්ණ වූ සත්කාරක ඩී. එස්. සේනානායක විද්‍යාලය පන්දුවාර 11යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී සිය ජයග්‍රහණය සපුරා ගත්තේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලිය තුල ඔවුන් ලබාගත් දෙවන පූර්ණ ජයග්‍රහණය සනිටුහන් කරමිනි.

සාන්ත ආනා විද්‍යාල පළමු ඉනිම – 104 (51): ලසිත් වර්ණකුලසූරිය 53, උවිඳු චන්ද්‍රසිරි 2/04, තරිඳු දිසානායක 2/08, චමත් යටවර 2/18, මිතුශාන් කුමාර 2/28.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පළමු ඉනිම – 209 (53.4): අයන්ත ද සිල්වා 62, පසිඳු ආධිත්‍ය 39, චමත් යටවර 25, අමිත දාබරේ 20, මයාස් මුසම්මිල් 7/76.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාල දෙවන ඉනිම – 157 (65.4): කවිඳු රණසිංහ 70, මෙතුශාන් කුමාර 7/47.

ඩී. එස්. සේනානායක විද්‍යාලයීය දෙවන ඉනිම – 54/3 (11.2): මුදිත ලක්ෂාන් 23, අමිත දාබරේ 22, පිවිතු ප්‍රනාන්දු 2/11.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<